(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති නඩු විභාගයක් ගැන මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා කරුණු දැක්වීමෙන් එම නඩුවට බලපෑම් කිරීම හා අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කරන සිටින විශ්‍රාමික මේජර් නීතීඥ අජිත් ප්‍රසන්න මහතා ඇප ඉල්ලා ගොනු කළ ඇප අයැදුම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (18) තීන්දු කළේය.
ඇපයක් ලබා දීමට සඳහා ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් නොකිරීම හේතුවෙන් මෙම ඇප ඇයැදුම ප්‍රතික්ෂේප කෙරිණි.
දැනට රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින තමා සුදුසු ඇපයක් මත මුදා හරින්නැයි ඉල්ලා අජිත් ප්‍රසන්න මහතා ගොනු කළ ඇප අයැදුමක් සලකා බලමින් අභියාචනාධිකරණ මෙම නියෝගය ලබා දෙන ලදී.
අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම ඇප අයැදුම කැඳවිණි.
ගොනු කළ ඇප අයැදුම්පතෙහි මෙසේද සඳහන් විණි.
පෙත්සම්කරු විශ්‍රාමික මේජර්වරයෙකි.නීතීඥවරයෙකි.
අධිකරණය හමුවේ පවතින නඩුවක් සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වා කරුණු දැක්වීමෙන් එම නඩුවට බලපැම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පවතින නඩුවකට කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ ඇත.
මෙම තත්ත්වය තුළ පෙත්සම්කරුගේ දියණිය මානසික අවපීඩන තත්ත්වයට ගොදුරුව සිටී.
එබැවින් මෙම තත්ත්වය සලකා තමා සුදුසු ඇපයක් මත මුදා හරින ලෙස පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.
පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා පෙනී සිටියේය.
නීතීපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා පෙනී සිටියේය.
කොළඹ ජාතික රෝහල ඇතුළු රටපුරා සියලුම රෝහල්වල ජීවිත ආරක්ෂක සහ අත්‍යවශ්‍ය ඖෂධ දැඩි හිඟයක් පවතින බව රෝගීහු පවසති.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (16) පෙරවරුවේ මහනුවර දී මල්වතු හා අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේ ය.
විශ්‍රාමික මේජර් ජනරාල් අශෝක තෝරදෙණිය මහතා සම්බන්ධව මහජනතාව නොමඟ යවන සුළු අසත්‍ය සහ ද්වේශ සහගත ප්‍රකාශ විද්‍යුත් ,මුද්‍රිත මාධ්‍යයට නිකුත් කිරීම, හා
ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසු නව වසරේ රාජකාරී ආරම්භ කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩුව කාලයේ විදුලි ඉල්ලුම අඩුවීමත් සමඟ විදුලි පද්ධතිය සමතුලිත කිරීම සඳහා අක්‍රීය කළ ඉන්ධන විදුලි බලාගාර මේ මස 21 වැනිදා ව
කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපතිධුරයේ වැඩ ආවරණය කිරීම සඳහා මහාචාර්ය සේනක රාජපක්‍ෂ මහතා විශ්ව විද්‍යාල ප්‍රතිපාද කොමිෂන් සභාව විසින් පත් කරනු ලැබීය.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
අජිත් ප්‍රසන්නගේ ඇප අයැදුම ඉවතට