(ආර්.එෆ්.එම්.සුහෙල්)
නුවරඑළිය නගර ආසන්නයේ කොන්ක්‍රීට් තනමින් සිටී පෙදරේරුවන් දෙදෙනෙකුගේ ඇඟට අඩි 25ක් උස තාප්පයක් අද (16) සවස කඩා වැටී පුද්ගලයන් දෙදෙනා එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්වූ බව නුවරඑළිය පොලිසිය සඳහන් කරයි.
නුවරඑළිය නගර ආසන්නයේ වැඩබන් පාර පරණ කච්චේරිය අසල නිවසක 9 දෙනෙකුගෙන් යුතු පෙදරේරු වෘත්තිකයින් කණ්ඩායමක් තාප්පයක් හදමින් සිටියදී එහි යාබදව කොන්ක්‍රීට් අනමින් සිටි පෙදරේරුවන් දෙදෙනා මතට තාප්පය කඩාවැටී ඇති අතර අනතුර සිදු වූ ස්ථානයේම එම පුද්ගලයන් දෙදෙනා මියගොස් ඇති බව නුවරඑළිය පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ල ඇල්පිටිය වැලිහේන මත්තක ප්‍රදේශයේ පදිංචි පී.එම්.සී රුක්ෂාන් (23) සහ කේ.නිලන්ත (43) යන අය වෙති.
මෙම අනතුර පස්වරු 04.00 ට පමණ සිදුවී ඇති අතර එම ස්ථානයෙන් සේවය කරමින් සිටි අනෙකුත් පෙදරේරුවන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව කඩා වැටුණු තාපපයේ කොටස් සිරුරු මතින් ඉවත් කර පස්වරු 5.00ට පමණ වන මියගිය පුද්ගලයන් දෙදෙනාගේ සිරුරු නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත රැගෙන යාමට නුවරඑළිය පොලිසිය කටයුතු කර ඇත.
හෙට දින අධිකරණ වෛද්‍යවරයා වෙත දේහයන් ඉදිරිපත් කර පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව ගාල්ල ඇල්පිටිය ප්‍රදේශයට සිරුරු රැගෙන යාමට නියමිත බව නුවරඑළිය පොලීසිය වැඩිදුරටත් පවසයි .
බලන්ගොඩ කල්තොට රජවක ප්‍රදේශයේ ඇති ගල් කොරියකින් ඇඳ වැටි පුද්ගලයෙකු අද (19) දා සවස මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්රධාන
ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.
යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය
බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අඩි 25ක් උස තාප්පය පෙදරේරුවන් දෙකක් බිලිගනියි