IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


අඩි 410 පොළව යට ඉදි කළ ආපන ශාලාව

(චමින්ද වැවතැන්න)

ලංකාවේ පළමු වරට මීටර් 124 ක් (අඩි 410) පොළොයට බෝගල මිනිරන් පතලේ පවත්වාගෙන යන භූගත ආපන ශාලාවට අවසර ලත් නරඹන්නන් වෙනුවෙන් සහභාගී වීමට අවස්ථාව දෙන බව බෝගල මිනිරන් පතලේ ප්‍රධාන විධායක නිලධාරි අමිල ජයසිංහ මහතා පැවසීය.

1865 දී පමණ ආරම්භ කර ඇති බෝගල මිනිරන් පතල ලොව උසස් තත්වයේ මිනිරන් අපනයනය කරමින් ලෝකයේ ඉහළ නාමයක් දිනා ඇති ආයතනයකි.

මෙහි මිනිරන් ජර්මනිය, ජපානය , ඉන්දියාව පකිස්තානය වැනි රටවල්වලට අපනයනය කරමින් මෙරටට විශාල විදේශීය විනිමය උපයා දෙන සුවිශේෂී කර්මාන්ත ශාලාවකි.

බෝගල මිනිරන් පතලේ දැනට ගැඹුර මීටර් 476 කි. අඩි 1585 කි. මීටර් 124 ක් (අඩි 410) ගැඹුරුට බැස ගත් අවස්ථාවේ දී  පළමු දොනාව හමුවෙයි. එම දොනාවේ මීටර් 150 පමණ ගිය තැන මෙම සුවිශේෂී භූගත ආපන ශාලාව ස්ථාපනය කර තිබේ. ආපන ශාලාවක් ලංකාවේ පළමුවරට දොනාවක් තුළ ස්ථාපනය කර ඇත්තේ බෝගල මිනිරන් පතලේ බව ප්‍රධාන විධායක නිලධාරි අමිල ජයසිංහ මහතා පැවසීය.

මෙම ආපන ශාලාවේ වරකට පහළොස් දෙනකුට රැදී සිට එහි සාදන කෑම බීම නරඹන්නන් හට භුක්ති විදිය හැකියි.

තව ද ආපන ශාලාව අවට මිනිරන් කැණීම් සිදු කරන කම්කරුවන් පෙන්වා දෙමින් ඩමි කිහිපයක් ඉදි කර ආපන ශාලාවට පැමිණෙන ජනයාට දැක බලා ගැනීමට අවස්ථාව පාලනාධිකාරිය විසින් උදා කර දී තවත් සුවිශේෂී අවස්ථාවකි.

මිනිරන් පතල නැරඹීමට වයස අවුරුදු 14 වැඩි දරුවන්ගේ සිට යා හැකි බවත් විශේෂයෙන් අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින දූ දරුවන්හට යාමට අවසර පාලනාධිකාරිය  හිමි කර දීම සුවිශේෂී කරුණකි. ඊට අමතරව අවසර ලත් සුවිශේෂී පුද්ගලයන්ට ද යා හැකි බව ප්‍රධාන විධායක නිලධාරි අමිල ජයසිංහ මහතා පැවසීය.

ආපන ශාලාව විවෘත කිරීමේ අවස්ථාවට බෝගල මිනිරන් පතලේ අධ්‍යක්ෂ සිඩ්නි ජයසිංහ, සභාපති කොරලී පීටර් සෙන් විධායක අධ්‍යක්ෂ අමිල ජයසිංහ, විජය ප්‍රසන්න මලලසේකර මහතාගේ පුත් රජිව් මලලසේකර යන මහත්ම මහත්මීන් ඇතුළු බෝගල මිනිරන් පතලේ කාර්ය මණ්ඩලය ද එක්ව සිටින අයුරු දක්නට ලැබුණි.

 



අදහස් (4)

අඩි 410 පොළව යට ඉදි කළ ආපන ශාලාව

Kumara Sunday, 13 August 2023 08:03 PM

නියමයි... හොඳ ව්‍යාපාරික අදහසක්...

:       0       1

pakeer Sunday, 13 August 2023 11:03 PM

ලෝකයේ ගොඩක් දියුණු රටවල මේ වගේ පතල් සෑහෙන්න තියෙනවා. අපිටත් මේවා ගොඩක් තිබුණා නම්... මේවා තමයි ඇත්තම වැඩ...

:       0       1

Sethuhami Sunday, 13 August 2023 11:28 PM

පිස්සු නැතිනම් ශෝක් කිව්වලු...

:       4       3

Athula k Monday, 14 August 2023 02:25 PM

දුම්බර මිනිරන් පතල් කලකට පෙර අත්හැරිය ඒවා.. සංචාරක ආරක්ෂණයට මරු. නමුත් වල් වැදිලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වියදම් වාර්තා දුන් ජනපති අපේක්ෂකයෝ මෙන්න
2024 ඔක්තෝබර් මස 14 2153 0

ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන්දෙනාගෙන් 35 දෙනෙකු මැතිවරණ වියදම් වාර්තා මැතිවරණ කොම්ෂන් සභාවට භාරදී ඇත.


‘අවුරා ලංකා’ සභාපතිගේ රහස් ප්‍රකාශයේ පිටපතක් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 14 247 0

රහස් පොලිසියේ ඇතැම් උසස් නිලධාරීන් තමන්ගෙන් රුපියල් කෝටි ගණනින් කප්පම් ලබාගෙන තම ධනය කොල්ලකෑ බවත් ඒ බව ඔප්පු කිරීමට තමන් සතුව ඔඩියෝ සහ වීඩියෝ සාක්කි ඇ


වැස්ස තවත් දීර්ඝ වෙයි
2024 ඔක්තෝබර් මස 14 1854 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පවතින ගිගුරුම් සහිත තද වැසි එළැබෙන 16 සහ 17 යන දින දක්වා පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තවේ ජ්‍යෙෂ්ඨ කාළගුණ විද්‍යාඥ මලිත්


කාත්තන්කුඩියේ දැරියක් පාපැදියෙන් ඇවිත් අගමැතිනියට ලිපියක් දෙයි
2024 ඔක්තෝබර් මස 14 3668 1

ළමා හා තරුණ පරපුර මත් උවදුරින් බේරාගන්නැයිද ළමා අපයෝජන වැලැක්වීමට පියවර ගන්නැයි ද ඉල්ලා සිටීම සඳහා කාත්තන්කුඩියේ දැරියක් පාපැදියෙන් කොළඹ පැමිණ අද (14)


සමාජ ශාලා වටලා රටබීම අල්ලයි
2024 ඔක්තෝබර් මස 14 898 0

සුරාබදු බලපත්‍ර නොමැතිව බත්තරමුල්ල හා තලවතුගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය රාත්‍රී සමාජ ශාලා තුනක් වටලා රටබීම ලීටර 793 ක් අත් අඩංගුවට ගත් බව පාදුක්ක සුරාබ


මැකෝ පක්ෂ ලේකම්වරුන් හමුවක් හෙට
2024 ඔක්තෝබර් මස 14 168 0

මහ මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් අතර හමුවක් හෙට (15) පැවැත්වීමට නියමිතය.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 393 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 448 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1409 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site