(නිමල කොඩිතුවක්කු
අඩු මිලකට දඹදිව සංචාර සංවිධානය කරන සංවිධායකයන්ගෙන් සංචාරකයන් ප්‍රවේශම් විය යුතු බව ශ්‍රී ලංකා විදේශ බෞද්ධ වන්දනා ගමන් සංවිධායකයන්ගේ සංගමයේ ලේකම් රංගනාත් කරුණාදාස මහතා පැවැසීය.
දිනෙන් දින ඉහළ යන මිල ගණන් සමඟ වර්තමානයේ දඹදිව සංචාරක කර්මාන්තය දැඩි අර්බුදයකට පත්ව ඇති බවද ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකා බෞද්ධ වන්දනා ගමන් සංවිධායකයන්ගේ සංගමයේ ලේකම් රංගනාත් කරුණාදාස මහතා ඒ බව සඳහන් කළේ ව්‍යාජ සංවිධායකයන් නිසා දඹදිව වන්දනා චාරිකාවේ නිරත බැතිමතුන්ට මුහුණදීමට සිදුවී තිබෙන ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳ දැනුවත් කිරීම සඳහා කොළඹ ජායික් හිල්ටන් හෝටලයේ පැවති මාධ්‍ය හමුවකදීය.
ගුවන් ටිකට්පත්වල මිල ඉහළ අගයක් ගැනීම, ඇමරිකානු ඩොලරයේ මිල ඉහළ යෑම තුළ ඉන්දියාවේ සංචාරක ගමන් සංවිධානය කිරීමේ පිරිවැය ඉහළ යෑම මෙම තත්ත්වයට මූලිකව බලපා ඇතැයිද කරුණාදාස මහතා සඳහන් කළේය.
මෙවැනි තත්වයක් තිබියදී ඇතැම් ව්‍යාජ සංවිධාන අඩුමිලට දඹදිව සංචාර සූදානම් කරන බව පවසා ග්‍රාමීය මට්ටමේ ජනතාව මුලා කරමින් සිටින බවද හෙතෙම කීය.
ඔවුන්ට රැවටුණු ජනතාව ඉන්දියාවේදී ගැටලු රැසකට මුහුණ දෙන බවත්, මේ හේතුවෙන් එම කර්මාන්තය පවත්වාගෙන යාම අසීරු වී ඇති බවත් පැවසීය.
ජනතාව මුලා කරමින් ඇතැම් ව්‍යාජ සංවිධාන අඩු මිලට දඹදිව වන්දනා ගමන් සංවිධාන කරන බවට තම සංගමයට තොරතුරු ලැබී ඇති බව එම මාධ්‍ය හමුවට එක්වෙමින් සංගමයේ සභාපති රෝහිත සිරිවර්ධන මහතා සඳහන් කළේය.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් දඹදිව වන්දනාවේ යන බැතිමතුන් වෙනුවෙන් විශේෂ සහන මිලකට ගුවන් ටිකට්පත් ලබාගත හැකි ක්‍රමවේදයක් සකස් කරදෙන ලෙස තම සංගමය ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම පැවසීය.
මෙම මාධ්‍ය හමුව සඳහා එම සංගමයේ භාණ්ඩාගාරික ජයසිරි කෝට්ටේගොඩ, ප්‍රධාන සංවිධායක හර්බට් විජේතුංග, ප්‍රචාරක ලේකම් සමීර බණ්ඩාර යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.
ශ්රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම
කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ
භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
‘අඩු මිලට දඹදිව සංචාර සංවිධානය කරන්නන්ගෙන් ප්‍රවේශම්වෙන්න’