(අංජුල මහික වීරරත්න)
දේශපාලන පළිගැනීම් වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැයි මාසයේ සිට වන්දි ලබාදීමට තීරණය වී තිබේ.
1994 වසරෙන් පසු දේශපාලන පළිගැනීම් වලට ලක්ව රුපියල් ලක්ෂ දහයට වඩා අලාභ සිදුවූ බවට දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ කමිටුවෙන් නිගමනය කරන ලද 66 දෙනෙක් සඳහා මුලින්ම වන්දි ගෙවීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංග බණ්ඩාර මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ධුරයට පත්වූ සැණින් දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ කමිටුව පත් කෙරුණු අතර එම කමිටුවට පැමිණිලි එකසිය 164 ක් ලැබී තිබිණි.
එම පැමිණිලි වලින් 66ක් සඳහා වන්දි අනුමත කෙරුණු අතර සෙසු පුද්ගලයන් ඉදිරිපත් කළ අභියාචනා සලකා බලා සුදුසු වන්දි මුදල් තීරණය කිරීමට දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බැලීමේ කමිටු කාලය තවත් මාස දෙකකින් දීර්ඝ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇත.
කමිටුවට ඉදිරිපත් කෙරෙන අභියාචනා සම්බන්ධයෙන් එජාප කලාප සංවිධායකවරුන් හරහා වැඩිදුර විමර්ශන කර අදාළ මාස දෙකක කාලයෙන් පසු ඔවුන්ට ද සුදුසු පරිදි වන්දි මුදල් ලබාදීමට කටයුතු කරන බව එජාප මහ ලේකම්වරයා කීය.
සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක
ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.
යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ
ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අඩම්තේට්ටම් වූ යූඑන්පී පාක්ෂිකයන්ට වන්දි
mangala Saturday, 06 April 2024 03:42 PM
1994 වෙච්චි පළිගැනීම් වලට වන්දි දෙන්නේ දැන්ද? සමහර මිනිස්සු මැරිලාත් ඉවරයි. තමන්ට වෙච්චි අසාධාරණයට විසඳුමක් නැතුවම. දන්න විදියට පැමිණිලි 20000 කට වඩා තිබුණා. නායකතුමාගේ සුපිරි මොලේ හැටියට ඒක බාරදුන්නා පරිපාලන අමාත්‍යාංශයට. ඒ දවස් වල ඒකේ හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගැති නිලධාරින් ඒවා යැව්වා හමස් පෙට්ටියට. පළිගැනීම් වලට ලක්වෙච්චි යූඇන්පී කාරයින් ඉළඟ ඡන්දෙන් යැව්ව රනිල් ඇතුලු සමාගම ගෙදරම. ලියන්න ගියොත් පොතක් ලියන්න පුළුවන්...
පිටරටවැසියා Saturday, 06 April 2024 03:44 PM
මේ ඔක්කෝම කෙරෙන්නේ රටේ ජනතාවගේ බදු මුදලින් නේද? ලේකම් උන්නැහේ? නැතිව ඉතිං දේශපාලන පළිගැනීම් කරපු අයගෙන් අය කර ගන්නවා කියලාද? එහෙමත් නැත්නම් පක්ෂ අරමුදලින් ගෙවනවා කියලාද? දියවන්නාවේ ඉන්න 226 ම අපායේ ඉඳනුත් මේ රට කන එකනම් නතර වෙන්නේ නෑ, ඒක ෂුවර්...
Hafeel Saturday, 06 April 2024 04:27 PM
මොවුන් බලය අහිමිවීමට පෙර බොරු කමිටුවක් පත් කරමින් මහජන මුදල් තවත් හොරකම් කරමින්, පාක්ෂිකයින් රැකගන්න උත්සාහ කරන්නේ...
Lakmal Saturday, 06 April 2024 04:51 PM
දීලා බලන්නකෝ..!
Jak Saturday, 06 April 2024 05:09 PM
ඔයාගේ ද පක්ෂෙ සල්ලි ද දෙන්නේ...?
චන්දන Saturday, 06 April 2024 05:51 PM
ඕක තමයි කියන්නේ පුල්ලි මාරු වෙන්නේ නැහැ කියලා. පරණ සෙල්ලම් ආයේ පටන් ගන්න ද යන්නේ? යූඇන්පි එකෙන් 1977 ඉඳලා කරපු පළිගැනීම් අහගන්න කැමැතිද? මෙයාලා තරම් දේශපාලන පළිගැනීම් වෙනත් අය කරලා නැහැ...
Ruwan Saturday, 06 April 2024 10:22 PM
හැමදාම වගේ හැන්ද තමන්ගෙ අතට ආවාම තමන්ගේ අයට බෙදා ගන්නවා. ඊට පස්සේ ඒක විකුණලා ඡන්ද හිඟාකනවා. යැපෙන බත් බැලයින් වැඩිවෙන තරමට මේ වගේ තක්කඩියන්ගේ පැවැත්ම තහවුරු වෙනවා. හැබැයි දවසින් දවස රට වල පල්ලටම යනවා. මේ රට ආයෙත් ගොඩගන්න බැරි රටක් වෙලා ඉවරයි. ඒක හින්දා මිනිස්සු විදියට ගරුත්වය තියන් ජීවත් වෙන්න ආසා නම් රටක නීතිය යුක්තිය ඉටුවෙන මිනිස්සුන්ගේ අයිතීන් පිළිගන්න රටකට ජීවත් වෙන්න යන්න උත්සාහ ගන්න...
ranjan Saturday, 06 April 2024 11:39 PM
වන්දි ගෙවන්න සල්ලි දෙන්නේ කවුද? රටේ ජනතාවට කන්න නැතිව දුක් විඳිනවා. මොවුන්ගේ වන්දි භට්ටයින්ට වන්දි ගෙවන්න හදනවා. මොවුන් කොහේ හිටපු අයද? ඡන්දෙන් පැරැදිලා හැංගිලා හිටපු අය... ගෙවලා බලන්න මොකද වෙන්නේ කියලා.
ටීමන් පෙරේරා Sunday, 07 April 2024 12:47 AM
මිනිස්සු මරාගෙන බදු ගහලා ඒවා ඡන්දේ ලංවෙනකොට බෙදනවා මොනවා හරි කියලා. කොච්චර බෙදුවත් මේ පාර ඔබලා වාර්තාගත විදියට පරාජය කරලා ගෙදර හෝ මහගෙදර...!
ranjith Sunday, 07 April 2024 04:53 AM
කවුද එතකොට ඔය අඩම් තේට්ටම් කරලා තියෙන්නේ. පොහෙට්ටුවේ අයද? ඔය දෙගොල්ලන් යාළුවොනේ... මහජන මුදල් කොල්ලකන්න මොනවා හරි උප්පරවැට්ටියක් දාගන්නවා.
Nimal Sunday, 07 April 2024 07:33 AM
එජා පාක්ෂිකයින්ට වන්දි ගෙව්වාම ප්‍රශ්න සියල්ලම විසඳෙයි... ඖෂධ මගඩිය නිසා රෝගීන් කිහිප දෙනෙක් මිය ගියා... තවත් අයගේ ඇස් අන්ධ වුණා. තවත් අය සදාකාලික රෝගීන් බවට පත්වුණා. ඔවුන් ගැන කුමට සොයා බලනවාද? දැන් ඡන්දෙකටත් සූදානම් වෙමු. අපේ නිවසට ප්‍රචාරක කටයුතු සඳහා පැමිණිවිට අපි හොඳින් සලකන්නම්...
chandima Sunday, 07 April 2024 07:49 AM
අර මහ බැංකුවෙන් පිල්ලි ගහපුවා වෙන්න ඇති බෙදන්න යන්නේ...?
චන්දිම ෆොන්සේකා Sunday, 07 April 2024 10:43 AM
යන යකා කොරහත් බිඳගෙන යන්න වගේ හදන්නේ. ඒ පාර බලනවා තව මුට්ටියක් දාලා බලන්න. ලැබිච්ච චාන්ස් එකෙන් ජනතාවගෙන් හූරලා ගත්තු බදු මුදලින් පාක්ෂිකයින්ට සන්තෝසම් දීලා ඡන්ද ටිකක් ගරා ගන්න පුළුවන්ද කියලා ට්‍රයි එකක් දෙන්නයි බලන්නේ... මොකද අම්මාගේ අප්පාගේ බූදලෙන් එන සල්ලි නෙමෙයිනේ. මොවුන්ගේ කපටි කයිරාටිකකම නම් ගලේ ගහලා හේදුවත් අරින්න බැහැ. ආයේ ආයේමත් ඒකමයි කරන්නේ...
Kazi Shajahan Sunday, 07 April 2024 01:28 PM
රනිල්ට, ඕවා කරන්න බලය දුන්නේ, අපි දුන්නේ ගෝඨාභයට බලය ඕවා කරන්න නෙවෙයිනේ... අනික අපි ගෝඨාභයට ඡන්දය දුන්නේ රනිල්ට දෙන්න නෙවෙයිනේ...!