(පුෂ්පකුමාර මල්ලව ආරච්චි)
පෙට්‍රල් මිල ලීටරයක් රුපියල් දහයකින් අඩු වුවත් බොහෝ ඉන්ධන පිරවුම්හල්වල අද 1 පෙරවරුව වන විටත් අඩු කළ මිලට ඉන්ධන නිකුත් කිරීමට පියවර ගෙන නොතිබිණි.
ඉන්ධන පිරවුම්හල් රැසක ඉන්ධන නොමැති බවට දැන්වීම් පළ කර තිබූ අතර තවත් මධ්‍යස්ථාන රැසක පෙට්‍රල් ඉන්ධන පෙර තිබූ මිලට අලෙවි කළේය
තම සමාගම් මිල අඩු කිරීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා පවත්වමින් සිටින බව පිරවුම්හල් සේවකයන්ගෙන් දැනගන්නට ලැබිණි.
කෙසේ වෙතත් උද්ගතව ඇති තත්ත්වය හමුවේ පාරිභෝගිකයන් එම ස්ථානවලින් පෙර පැවති මිලට තෙල් ලබා ගැනීමට කටයුතු කරනු දක්නට ලැබිණි.
2025 වර්ෂය සඳහා වෛද්‍ය සැපයීම් අංශයට අවශ්‍ය ශල්‍ය ගෝස් ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් තනතුරකට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
බටලන්ද වධකාගාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව පිළිබඳ විවාදය ලබන 10 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (2) තීරණය
කොලිස්ටිමෙතේට් සෝඩියම් එන්නත 1,000,000 IU වයල් 150,000 ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
උත්සව සමය තුළ වෙලදපොලේදී පාරිභෝගිකයන් අසාධාරණයට ලක්වීම වැලැක්වීම සදහා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ආරම්භකර ඇති විශේෂ වැටලීම් වැඩසටහන යටතේ දිවය
එක්සත් රාජධානිය විසින් ශ්‍රී ලාංකිකයන් 4 දෙනෙකු වෙත සම්බාධක පැනවීම ගැන ඉදිරි පියවර ගැන වාර්තාවක් සැකසීම සඳහා අමාත්‍ය කමිටුවක් පිහිටුවීමට කැබිනට් මණ්
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
අඩු කළ මිලට තෙල් නෑ
Aslam Tuesday, 01 April 2025 08:33 AM
මිල වැඩි කළා නම් පෙට්‍රල් පොම්පවලට ප්‍රශ්නයක් නැහැ. ලංකාවේ තත්ත්වය මේකයි.
nimal Tuesday, 01 April 2025 08:50 AM
මේ පින්වත් මහත්තුරු වැඩි උනාම පරණ තෙල් ටික අඩු ගාණටම දෙනවා ඇති නේද?
සෙනෙවිරත්න Tuesday, 01 April 2025 09:11 AM
ඕක තමයි ස්වභාවය, අඩු උනහම ඒ පාඩුව සතයක් උනත් දරාගන්න සූදානම් නැති ෂෙඩ් කාරයො පහුගිය දවස්වල කොමිස් ඉල්ලල ස්ට්‍රයික් කල එක සාධාරණද කියල සියලුම ජනතාව හිතන්න. නැවතත් ඔය වගේ වැඩ වලට කිසිම සහයක් දෙන්න එපා,
Rashmi Tuesday, 01 April 2025 09:14 AM
අපි නම් එහෙම තෙල් නැති ප්‍රශ්ණයක් දැක්කෙ නෑ. ගොඩක් ශෙඩ්වල කිසි පෝලිමක් තිබ්බෙත් නෑ. මට නම් හිතෙන්නේ මේ වගේ ප්‍රවෘත්ති මිනිස්සු අතර අනවශ්‍ය කළබලයක් ඇති කරන්න කරන්න කරන දේවල් වගේ. දැන් මාසෙකට හමාරකට කලිනුත් ඔය වගේ බොරු ප්‍රවෘත්තිවලට අහුවෙලා මිනිස්සු නිකාන් තෙල් පෝලිම්වල පැය ගණන් රස්තියාදු උනා.
Perera Tuesday, 01 April 2025 09:48 AM
බොහෝ රටවල් වල ඉන්ධන මිල දවසින් දවස, මොහොතින් මොහොතට අඩු වැඩි වෙනවා. ලංකාවේ ඉන්ධන මිල වැඩි කළාම සුටුස් ගාලා ශෙඩ් කාරයෝන්ට වැඩි කරන්න පුළුවන් නම්, ඉන්ධන මිල අඩු වුණාම සුටුස් ගාලා අඩු කරන්න බෑ ඇයි?
Duminda Udayakumara Tuesday, 01 April 2025 01:08 PM
බොරු .තෙල් තියනවා
Gemunu Tuesday, 01 April 2025 01:12 PM
ඔහොම යමු