(කේ බුද්ධික කුමාරසිරි)
මාලබේ හෝකන්දර විස්කම් මාවත අසලදී පොලිස් අණ නොතකා ධාවනය කල මෝටර් රථයකට වෙඩි තබා නවැත්වීමට කටයුතු කර එම මෝටර් රථය සෝදිසි කිරීමේදී එහි තිබී කේරළ ගංජා කිලෝ දෙකකට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වූ බව මාලඹේ පොලිසිය පවසයි.
එම මෝටර් රථයේ සිට අත්අඩංගුවට ගත් ගැබිනි කාන්තාවක් ඇතුළු යුවළගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව එම සැකකරුවන්ගේ පදිංචිව සිටි කඳුබොඩ දෙල්ගොඩ ප්‍රදේශයේ නිවසෙහි තිබී තවත් කෙරළ ගංජා කිලෝ එකක ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වූ බවද පොලිසිය පවසයි.
මාලඹේ පොලිස් ස්ථානාධිපතිට ලද තොරතුරක් මත ළු කණ්ඩායමක් හෝකන්දර විෂ්කම් මාවත අසල මාර්ග බාධක යොදා වාහන පරීක්ෂා කරමින් සිටි අතරතුර ලද තොරතුරට අනුව සොයමින් සිටි මෝටර් රථය එම ස්ථානයට පැමිණීමත් සමග එම මෝටර් රථය නැවැත්වීම සඳහා පොලිසිය අණ කර ඇත.
එම අවස්ථාවේදී ඉදිරියට පැමිණි වේගයෙන්ම පිටුපසට ධාවනය කල මෝටර් රථය නොනවත්වා ධාවනය කිරීමට සැරසීමේදී පොලිසිය විසින් වෙඩි ප්‍රහාර කිහිපයක් එම මෝටර් රථයේ ටයර් ඉලක්ක කරමින් වෙඩි තැබූ බවද ඉන් එක උණ්ඩයක් එක් රෝදයක වැදීමත් සමග මෝටර් රථය පාලනය කර ගත නොහැකිව විදුලි කණුවක වැදී නැවතී ඇතැයිද පොලිසිය පවසයි.
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ දීමනා සම්බන්ධයෙන් අසාධාරණයක් වී ඇති බව සෞඛ්‍ය ඇමතිවරයා පිළිගත් බවත් මුදල් අමාත්‍යාංශය සහ රජය සමග සාකච්ඡා කර ගැටලුව විසඳීමට ස
වෛද්‍ය සේවාවට මෙතෙක් ලැබුණු ප්‍රතිලාභ සහ වරප්‍රසාද අත්තනෝමතික ලෙස කප්පාදු කිරීමෙන් ඇතිව තිබෙන ගැටලුව විසඳීමට පාලකයන් කඩිනමින් පියවර ගැනීමට අපොහොසත
නල්ලතන්නිය සමනල ස්භාවික රක්ෂිතයේ ඊයේ (23) දින පස්වරුවේ හටගත් ගින්න සිඝ්‍රයෙන් රක්ෂිතය පුරා පැතිර යමින් පවතින බවත්, ගින්න පාලනය කිරිමට ගුවන් හමුදාවේ සහය
අරගලයට ගහන වෙලාවේ අපේ නායකතුමා ලා කට්ටිය එහි ගියා නම් අද ආණ්ඩුව අපේ වෙන්නත් තිබුණා යැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහ
අපරාධ කල්ලි නායක ගනේමුල්ලේ සංජීවට අධිකරණයේදී වෙඩි තැබූ හිටපු කොමන්ඩො සෙබළ සැකකරු හා ඔහුගේ රියදුරු දින 90ක් පොලිස් භාරයේ රඳවා ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍ර
ආයුර්වේද වෛද්‍ය සේවාවේ පවතින ගැටළු කිහිපයකට කඩිනමින් විසඳුම් ලබාදීමේ අරමුණින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ රජයේ ආයුර්ව
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
අණ නොතකා ගිය රියට වෙඩි:කේරළ ගංජා සමඟ යුවළක් කොටුවෙයි