IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


අති විශාල ඇමති මණ්ඩලට සජබයේ විරෝධය

(නිමල කොඩිතුවක්කු)

අති විශාල ඇමති මණ්ඩල නඩත්තුව පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (8) රැස්වූ සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ ඒකමතික විරෝධය පළ කරනු ලැබීය.

රට විශාල ආර්ථික අර්බුදයක පවතින අවස්ථාවක අති විශාල ඇමති මණ්ඩල පත් කරමින් ජනතා මුදල් නාස්ති කිරීම සම්බන්ධයෙන් එහිදී දැඩි විවේචනයට ලක් වූ බව කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෙකු ලංකාදීපයට පැවැසීය.

අතිශය බරපතළ ලෙස රට බංකොලොත් වී ජීවන වියදම අහස උසට නැග ඇති මොහොතක,ආණ්ඩුව විසින්  අන්තනෝමතික ලෙසත්,සදාචාර විරෝධී ලෙසත් නියෝජ්‍ය ඇමතිවරු 37ක් තරම් විශාල ප්‍රමාණයක් පත් කිරීම කිසිලෙසකින්වත් සිදුනොවිය යුත්තක් බව සමගි ජන බලවේගය තීරණය කළ බවත් ඔහු සඳහන් කළේය.

මේ අතිවිශාල ඇමතිවරු සහ නියෝජ්‍ය ඇමැතිවරු සංඛ්‍යාව මේ මොහොතේ රටට කිසිසේත්ම දරාගත නොහැකි අතර එය තවදුරටත් මේ රට ප්‍රපාතයට තල්ලුකර හැරීමක් බව එහිදී මන්ත්‍රීවරුන් අදහස් දක්වමින් සඳහන් කරනු ලැබීය.

මෙම නාස්තිකාර තත්ත්වය පිළිබදව මතුව ඇති ජනතා විරෝධය මෙන්ම පුරවැසි අරගලයේ පරමාර්ථ උල්ලංඝනය කරමින් මෙම අති විශාල ඇමති මණ්ඩලය පත් කිරීම තුළින් ගම්‍ය වන්නේ පරණ සුපුරුදු ගමනම ආණ්ඩුව ගමන් කරමින් සිටින බවත් ඔවුහු සඳහන් කරති.

ඒ අනුව, මේ  අතිවිශාල ඇමති මණ්ඩලය පත්කිරීම පිළිබඳව සිය විරෝධය අද (08) රැස්වූ සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් ඒකමතිකව සම්මත කරනු ලැබීය.

 



අදහස් (3)

අති විශාල ඇමති මණ්ඩලට සජබයේ විරෝධය

රැට්ටු වෙනුවෙන් Thursday, 08 September 2022 09:49 PM

පෙළපාලි කරන අරගල කාරයින්ට නීතීඥවරු නොමිලේ ලබා දීලා රට වෙනුවෙන් නොව රැට්ටු වෙනුවෙන් නටපු පුතාණෝ ගැන කුමන කතාද..??

:       11       1

විපරමා Friday, 09 September 2022 04:18 PM

පොහොට්ටුවේ දූෂිත දේශපාලුවන් පින් ජනපතියාට ඡන්දෙ දීලා පත් කෙරුවට සළකලා තියෙනවා...

:       0       0

Bamunuarachchi Saturday, 10 September 2022 07:22 AM

ඒ විරෝධයට අපිත් එකතු වෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 1211 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 323 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 2422 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 301 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 686 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2594 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 619 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1766 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site