IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


අත්අඩංගුවට ගත් ගුරුවරුන් බලන්න ගිය සජිත්ටත් පොලිසියෙන් බාධා

(නිමල කොඩිතුවක්කු)

ගුරු විදුහල්පති විරෝධතාවයට එක්වූ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන වරාය පොලිසියේ රදවා සිටින ගුරුවරුන් පිළිබඳව සොයා බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (05) පෙරවරුවේ එම පරිශ්‍රයට පැමිණි අතර එහිදී වරාය පොලිසිය විසින් ඊට බාදා පමුණුවනු ලැබීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සහ නීතිඥයන් පිරිසක් සමග එම ගුරුවරුන් ගේ සුවදුක් බැලීම සඳහා පැමිණි අවස්ථාවේදී එම පරිශ්‍රය තුළට යාමට නොහැකි බවට පොලිස් නිලධාරීන් සහ වරාය පොලිසිය ඊට බාධා කරනු ලැබීය.

එහිදී විපක්ෂනායකවරයා විනාඩි විස්සකට අධික කාලයක් එහි රැඳී සිටි අතර උසස් නිලධාරීන් ගෙන් විමසා හෝ තමන්ට එම ගුරුවරුන් ගේ සුවදුක් විමසීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලීමක් කරනු ලැබීය.

රටේ විපක්ෂ නායකයාට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට, නීතිඥවරුන්ට පොලිසිය තුළ යෑමට අවසර නැත්නම් රටේ තිබෙන්නේ මොන ප්‍රජාතන්ත්‍රවාදයක් දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී රැස්ව සිටි මාධ්‍ය අමතා ප්‍රකාශ කළේය.

අත්අඩංගුවට ගෙන ඇති ගුරුවරුන් පිළිබඳ සොයා බැලීමට පොලිසිය තුළට යාමට ඉඩ නොදීමෙන් තමන්ගේ පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය වූ බවත් විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින් එම ගුරුවරුන්ට අවශ්‍ය ඇඳුම් පැළඳුම් ඇතුළු සනීපාරක්ෂක භාණ්ඩ තොගයක් ද රැගෙන එනු ලැබීය.

ඒවා ඔවුන්ට ලබා දීමට පොලිස් නිලධාරීන් අවස්ථාව ලබා නොදුන් බවත් නලින් බණ්ඩාර මහතා සඳහන් කළේය



අදහස් (20)

අත්අඩංගුවට ගත් ගුරුවරුන් බලන්න ගිය සජිත්ටත් පොලිසියෙන් බාධා

sam Thursday, 05 August 2021 01:06 PM

අහ්මේ ,මෙතුමා කොච්චර නම් ගුරු පඩි වැඩි කරලා තියෙනවද නේද ? සතයක් හරි ගුරුවරුන්ගේ පඩි වැඩි කරලා තියෙනවා නම් .........ගියාට කමක් නැහැ හොඳේ. ඩෙල්ටා හදාගෙන ,ලෝකෙට බනින්න හොඳේ !!

:       2333       1820

මැඩියාThursday, 05 August 2021 01:16 PM

ඔබේ පවුලේ ගුරුවරයෙක් නොසිටීම ගැන මම කනගාටු නොවෙමි.අපේ පවුලේ ගුරුවරු තුන්දෙනෙක් ඉන්නව.රත්තරං බිත්තරේ දාපු කුකුලව මරාගෙන කෑව වගේ වැඩක් උනේ අපි ආන්ඩුව මාරු කරල.යහපාලන කාලෙ මොන වැරදි තිබබත් පඩි වැඩි කලා රජයේ සේවකයන්ගෙ.අපිට ලොකු ලොකු දේවල් කරගන්න ඕන වෙලා අපි රාජපක්ෂට ආපහු දුන්න.දැන් සැප කනේ අපේ.

:       2489       2816

මුණසිංහ Thursday, 05 August 2021 03:24 PM

නිවැරදි කිරිම ක් කල යුතුය. ගුරුවරුන් ඉල්ලන්නේ පඩි වැඩි කිරීම ක් නොව වැටුප් විෂමතාව ක් ඉවත් කරන්න කියල නේද . 10000 වැඩි කිරීම සමස්ත රාජ්‍ය සේවයට ම කල දෙයක් . මම හිතන්නේ ඒක මෙතනට අදාල නැහැ ගුරු භවතුන් කියන විදියට . අනෙක සජිත් මේ හැම තැනම කරන්නේ කෙහෙන් හරි ගොඩ යන්න දේශපාලන වාසි .ගන්න යන වැඩක් . ඒකට ඉඩ දෙන්න බැහැ.

:       710       583

RaveendraThursday, 05 August 2021 08:43 PM

ඔබගේ අදහස්වලට ගරු කරන අතර මේ සජි පුතා නම් මෙතනට එන්නේ ඔබලාගේ සටනට අවංකව සහයෝගය දැක්වීමට යයි ඔබලා සිතනවා නම් එ ඔබලා විසින් ඔබලාවම රවටා ගැනීමකි. මධ්‍යස්ථව සිතීමට හැකි ඕනෑම කෙනෙකුට පෙනෙන පැහැදිලි එක දෙයක් ඇත. එය නම් විපක්ෂයේ අය බලන්නේ බලයේ ඉන්න හරකුන්ව කෙසේ හෝ පන්නා දමා පට්ටියේ බලය අල්ලා ගැනුමට බවයි. තමන් උපන් රටට අවංකව ආදරය කරන මිනිසුන් මේ අවස්ථාවේ කළයුත්තේ තමාගේ ගොන් පක්ෂ අමතක කර මේ මෙම භයානක අවස්ථාවේ එකා මෙන් වැඩ කිරීම බව අප තරයේ විශ්වාස කරන්නෙමු. "අවාසනාවකට විපක්ෂයේ මෙන්ම බලයේ ඉන්න බුරුවන් එකෙකුටවත්" මෙය නොතේරීම කණගාටුවකි. මෙම අදහස් කිසිඳු වෙනසකින් තොරව සියලුම පුරවැසියන්ට කියවීමට හැකි වේවා..! අපගේ මාතෘභූමියට යහපතක්ම වේවා...!!!

:       0       0

චින්තක Friday, 06 August 2021 03:10 PM

බොරු කියන්න එපා... සැබෑ ගුරු මවුපියන් මේ පාරට බැහැලා ආත්මය විකුණන් කන ගුරු ලේබලය අලෙවිකරණ සෙට් එකට කැමති නැහැ. ඔය පාරට බැහැලා ඉන්න ඔක්කොම ගුරුවරුත් නෙවෙයි. මතකයිනේ, අත්අඩංගුවට ගත්ත 46 දෙනාගෙන් 08 දෙනෙක්ම ගුරුවරු නෙමෙයි...

:       0       0

akaThursday, 05 August 2021 05:28 PM

යහපාලනේ කාලේ කලේ කලින් දීපු දීමනා පඩියට එක්කහු කරපු එක. එතකොට අතට ආපු ගාන වෙනස් නොවුණත් පඩිය වැඩි වෙනවා. ඒකෙන් සතුටු වෙන්න පුලුවන් එකත් කොච්චර එකක්ද? දැන් ගුරුවරු ඉල්ලන "සාධාරණය" කියන එකෙන් එයාලගේ පඩි රාජ්‍ය සේවයේ අනිත් උපාධිධාරීන්ගේ පඩිවලට වඩා වැඩි වෙනවා. එතකොට ඒ අනිත් අයත් ස්ට්‍රයික් කරන්න ගන්නවා. විපක්ෂයේ නම් ඉතින් ඒකට කැමති ඇති. ගුරුවරුන්ට අතට ලැබෙන ගාන වැඩිවිය යුතුයි. ඒකට ප්‍රධාන හේතුව ගුරුසේවයට අනිත් බොහෝ ඒවල වගේ දීමනා ලැබෙන්නේ අඩුවෙන් වීමයි...

:       0       0

mp Thursday, 05 August 2021 01:51 PM

ඇයි මෙයා විශ්ව කර්මයාද? මෙයා සහ ජේවීපී , ඇවිළෙන ගින්නට පිදුරු දානවා. මේ වැඩ වර්ජන කරන්න කාලයක්ද? ගුරුවරු අවුරුදු දෙකකට කිට්ටු වෙන්න කොරෝනා නිසා පිං පඩි ගත්තා. සාමාන්‍ය කාලයටත් අවුරුද්දට මාස තුනක් ගෙදර. සෙනසුරාදා ඉරිදා ගෙදර. සතියේ දවස්වලට දවල් 1.30 ට රාජකාරී හමාරයි. ටියුෂන් වලින් ඇති තරම් හම්බු කරනවා. ඔය විදියට තව කී දෙනෙකුට වැඩ වර්ජන කරන්න පුළුවන්ද? මේවා අසාධාරණ ඉල්ලීම්.

:       2118       2066

VithanaThursday, 05 August 2021 02:51 PM

තමුන්ගේ හොර බිස්නස් කරගෙන ආණ්ඩුවේ උදව්වෙන් යහතින් ඉන්න අයට මේ ජනතා විරෝධී ආණ්ඩුව රැක ගන්න ඕනෑ තමයි.

:       0       0

RohanaThursday, 05 August 2021 04:00 PM

ගුරුවරුන්ට නියමිත වැටුප ලබාදී නැත. අරගල කරන්නේ සොච්චම් වැටුපට කීයක්හරි එකතුකර ගන්නයි. ආණ්ඩුවට ලෙන්ගතුකම වැඩිවුණාම අරගලයත් වැරදි ලෙස දකිනවා...

:       0       0

SUNIL MILANO Thursday, 05 August 2021 01:57 PM

මේ මාධ්‍ය ජෙප්පෙක් නැතිනම් අසමගි බලවේගේ ජෙප්පෙක් .ලියපු විදියටම පේනවා .වටෙන් අත දාන්නේ නැතිව කෙලින්ම කන අල්ලන්න .මේක මේ අයගේ පුරුද්ද

:       465       393

VithanaThursday, 05 August 2021 02:58 PM

මිලානෝ වල ඉන්න අය දන්නවද රටේ මිනිස්සුන්ගේ දුක් අමාරුකම්.

:       0       0

chathuriThursday, 05 August 2021 05:03 PM

ඔබේ මොලේ අමාරුව තවමත් හොඳ වෙලා නැහැ වගෙයි. ළඟදීම කාගෙන් හරි හොඳ කනේ පාරක් කෑවාම හොඳ වෙයි...

:       0       0

කිරිපුතා Thursday, 05 August 2021 02:02 PM

තැටිිය රත්වෙච්ච වෙ⁣ලාවෙ රොටියක් පුච්චගෙන , කල දුටු කල වල ඉහගෙන වතුරත් බීලා, බොර වතුරෙ මාළුත් බාගෙන , දරත් අරන් ගිහින් ඇවිලෙන ඇවිලෙන ගින්නට දමන්න.

:       0       0

Vithana Thursday, 05 August 2021 02:19 PM

විපක්ෂ නායකටත් මානව හිමිකම් නැත්නම් රටේ ජනතාව ගැන කවර කතාද? දැන් හමුදාව කැඳවලා. ඔබතුමාලා කරුණාකරලා වහාම විදේශ තානාපතින්ව හමුවෙලා ලංකා ආණ්ඩුවේ මේ ඒකාධිපති වියරුව ගැන පැමිණිලි කරන්න. එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැම්ණිලි කරන්න. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට පැමිණිලි කරන්න. වහාම ලංකා ආණ්ඩුවට එරෙහිව සම්බාධක පනවන්නැයි ඉල්ලා සිටින්න. ආණ්ඩුවේ මේ ඒකාධිපති ක්‍රියාවන් වහාම නැවත්තුවේ නැත්නම් නැවත රතුපස්වල සිදුවීම් රට පුරා දකින්න සිද්ද වෙයි.

:       0       0

සන්ක Thursday, 05 August 2021 03:00 PM

රජය ගුරු භවතුන්ට අපහාස කරනකොට.....විපක්ශ නායක තුමා මේ ලෙස වැදගත් විදියට අපහසුතාවට පත්වුන ගුරුවරුන් වෙනුවෙන් ඉදිරිපත්වීම ඉතා හොදයි . "කාලකන්නි" කියා ගුරුභවතුන් ඇමතීමෙන් රජය මේ ප්‍රශ්නය විහින්ම ඇතිකරගෙන රජය ඉදිරියෙදී දරුණු කඩා වැටීමකට ලක්වෙන්න පුළුවන්.ඉතිහාසයේ කිසි දවසක නොදැකපු අති දැවැන්ත සෙනඟක් සෑම නගරයකම ගිය විරෝදතා රැලි වල අපි දැක්කා .ගුරුවරුන් කියන්නේ දෙවිවරුන් කියා අපේ දෙමාපියෝ කියා දුන්නා අපිට මතකයි .

:       0       0

saman Thursday, 05 August 2021 03:29 PM

මේක සුවදුක් බැලීමට වඩා බොර දියේ මාළු බෑමක්.

:       658       560

ලුම්බිණි Thursday, 05 August 2021 04:08 PM

ආණ්ඩුවේ ඇමති කෙනෙක් එක්ක ගියානම් පොලිසිය වැඳලා ඇතුලට ගන්නේ.

:       0       0

අබිලින් Thursday, 05 August 2021 04:12 PM

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ලංකාවට විරුද්ධව අදහස් ප්‍රකාශ කිරීමට කදිම අවස්ථාවක් ඇති කිරීමක් කියල කියන්න පුළුවනි. රටේ විපක්ෂ නායකටත් මෙහෙම බාධා කරනවානම් ලංකාවේ මානව හිමිකම් කඩවීම නැතැයි කියන්නට හැකි කෙනෙක් සිටිනවාද.

:       0       0

asanka Thursday, 05 August 2021 04:13 PM

මේ අසීරු අවස්ථාවේ රට ගිනි තියන ඒවාට දායක වෙන්න එපා විපක්ෂ නායකතුමනි

:       0       0

Tooni Thursday, 05 August 2021 04:35 PM

සජිත්, හැමදේම වවාගෙන කෑමක් කරගන්න එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දෙදරු මව යටකර ගිය සැරයන්ගේ වැඩතහනම්
2024 නොවැම්බර් මස 06 220 0

බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.


රනිල් ට්‍රම්ප්ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 487 0

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස


ගාල්තැන්න කපුවාගේ වාහන අංගනයෙන් තව සැක වාහනයක් හමුවේ
2024 නොවැම්බර් මස 06 1171 0

වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි


ඉතිහාසයේ ලොකුම අල්ලසට දඬුවම් ලැබෙයි
2024 නොවැම්බර් මස 06 1673 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට


“පුංචි ඡන්දෙටත් ලෑස්ති වෙන්න”
2024 නොවැම්බර් මස 06 420 0

මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික


කොකේන් සමඟ විදේශිකයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 06 352 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 37 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 434 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1362 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site