IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


‘අත්අඩංගුවට ගන්නා කහ අධිකරණ කටයුතුවලින් පසු විනාශ කරනවා’


(ඩයනා උදයංගනී)

නීතිවිරෝධී අයුරින් ශ්‍රී ලංකාවට ගෙන්වා අත්අඩංගුවට ගන්නා කහ තොග රාජසන්තක කර විනාශ කරන බව ‍ශ්‍රී ලංකා රේගුව පවසයි.

රට තුළ කහ හිඟයක් ඇතත් නීතිවිරෝධීව ගෙන එන කහ වෙළඳපළටට නිකුත් කිරීමේ ක්‍රමවේදයක් නීතියට අනුව නැතැයි රේගුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

ඒ අනුව නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වා දැනට අත්අඩංගුවට ගෙන රේගු භාරයේ පවතින කහ තොග අධිකරණ කටයුතු අවසන්වීමෙන් පසු විනාශ කිරීමට නියමිත බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.

ඔහු මේ බව පැවසුවේ අත්අඩංගුවට ගන්නා කහ තොග සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග මොනවාදැයි ලංකාදීපය කළ විමසීමකට පිළිතුරු දෙමිනි.



අදහස් (33)

‘අත්අඩංගුවට ගන්නා කහ අධිකරණ කටයුතුවලින් පසු විනාශ කරනවා’

ravi999 Thursday, 03 September 2020 01:05 PM

ඇයි, හෙරොයින් ඔය විදිහට විනාශ කරන්න බැරිද?

:       1       311

RaveendraThursday, 03 September 2020 02:12 PM

ඔය කියන ඒවා ඔච්චර ගණන් ගන්න එපා. රේගුව කවදාවත් වටිනා දෙයක් විනාශ කරලා දාන්නේ නැහැ. හොර පාරෙන් ඕවා වෙළෙඳපොළට එනවා.

:       0       249

MOHOMED Thursday, 03 September 2020 01:20 PM

මෙහෙමත් අපරාධයක් දියුණු රටවල් වලවත් කරන්නේ නැහැ. වෙනස සැපයි.

:       253       492

nimalThursday, 03 September 2020 04:53 PM

දේශීය ආර්ථිකය ගොඩගන්න ගොවියා ශක්තිමත් කරන්න කරන වැඩ පිළිවෙලක් නිසා ඉවසගෙන ඉන්න.

:       9       3

දිමුඅත්Friday, 04 September 2020 03:41 AM

ඔව්. රජයේ ප්‍රසිද්ධ වෙන්දේසියෙ දාන්න පුලුවන්නෙ

:       0       23

MOHOMED Thursday, 03 September 2020 01:26 PM

නීතිවිරෝධීව ලංකාවට ගෙනා රත්තරන් ටික මුහුදට දාලා විනාශ කරන්න බැරි ඇයි? මේ කහ ටික සතොස මාර්ගයෙන් පාවිච්චියට ගත්තා නම් ආණ්ඩුවට කීයක් හරි ලැබෙනවා. තව අවුරුදු 100ක් ගියත් ලංකාව හදන්න බැහැ.

:       206       586

ChampaThursday, 03 September 2020 03:05 PM

එහෙම දැම්මොත් නීති විරෝධී ජාවාරම නීතිගත කළා වෙනවා. නඩු තීන්දුවකින් පස්සේ නීති විරෝධී මත්ද්‍රව්‍ය හෝ වෙන යම් දේවල් විනාශ කරන්න කියන්නේ රටකට නීතියක් තිබිය යුතු නිසා සහ ඒ නීති විරෝධී ද්‍රව්‍ය ඉවත් කරන්න. රටේ නමගිය නීතිඥයින්ගේ සහ විවිධ පුද්ගලයින්ගේ ඕනෑකමට මත්ද්‍රව්‍ය නඩු දිගට දිගට ඇදිලා යනවා තීන්දුවක් දෙනකම්... නඩු තීන්දුවෙන් පස්සේ නාකොටික් එක ඒ මත්ද්‍රව්‍ය විනාශ කරන්න ඕනේ හරි නම්. කහ ජාවාරම ගැන නඩු තීන්දුවෙන් පස්සේ රේගුව ඒ කහ සියල්ල විනාශ කළ යුතුයි. එක රටක්... එක නීතියක් නම් නීතිවිරෝධී කහ වෙළඳ පොළට යන්න බැහැ. එතකොට ඒ කහ කොහොමද නීති විරෝධී වෙන්නේ...?

:       565       299

බද්රානි Thursday, 03 September 2020 04:03 PM

චම්පා, කහ යනු නීතිවිරෝධී ද්‍රව්‍යක් හෝ භාණ්ඩයක් නොවෙයි. එය නීති විරෝධී භාණ්ඩයක් බවට පත් වන්නේ, බදු ගෙවීමකින් තොරව, අනියම් ආකාරයෙන් මේ රටට ආනයනය කිරීමේ හේතුව නිසයි. එම හේතුව නිසා එම භාණ්ඩය රාජසන්තක වේ. ඒ නිසා මේ කහ පරි‍භෝජනයට ගත හැකි සුදුසු මට්ටමක ඇත් නම් කළයුතු වන්නේ එහි ප්‍රතිලාභය රජය ලබා ගැනීමයි. නීත්‍යානුකූල ලෙසකින් කිසිම රටකට මත්ද්‍රව්‍ය ආනයනය කළ නොහැකි නිසා මත් කුඩු සමග කහ කුඩු සංසන්දනය කිරීමත් එක්තරා විදිහක විහිළුවක්...

:       485       374

ChampaThursday, 03 September 2020 05:42 PM

නීති විරෝධිව ගේන ආහාර ද්‍රව්‍ය හෝ බෙහෙත් ද්‍රව්‍ය වෙළඳ පොලට දාන නීතියක් මේ ලෝකේ කොහෙවත් නම් නැහැ. නීත්‍යානුකූල මොන දේ වුනත් හොර පාරෙන් ගෙනාවට පස්සේ ඒව නීති විරෝධී වෙනවා. කහ හිඟයක් තියෙන කොට එක නීතියකුත් නැති කොට තව නීතියකුත් විදිහට නීතිය දෙයාකාර වෙන්නේ නැහැ. නීති විරෝධිව ගෙනෙන ආහාර ද්‍රව්‍ය නම් අනිවාර්යයෙන්ම විනාශ කල යුතුයි. ඒ මොකොද කිව්වා නම් හොර ජාවාරමක් විදිහට ගෙන ආහාර ද්‍රව්‍ය කිසි විටකත් සෞඛ්‍යාරක්ෂිතව ගබඩා නොකරන නිසාත්, නිසි ප්‍රමිතියක් නොමැති නිසාත්, කල් ඉකුත් වූ ආහාර විය හැකි නිසාත්. දැන් නම් වෙළඳ පොලේ පැකට් කරලා තියෙන කහ කිසි විටෙක මිලට නොගත යුතුයි. ඉතාම විශ්වාසවන්තව කහ කැබලි කුඩු කරන ස්ථාන තියෙනව නම් පැකට් විදිහට නෙමෙයි ලිහිල් කුඩු විදිහට ඒවයින් කෙලින්ම ගන්න ඕනේ. කහ වලට ආදේශකයක් විදිහට ගෘහනියන්ට ඉඟුරු, දුරු, සාදික්ක කුඩු, කුඩා ප්‍රමාණ වලින් එකට පාවිච්චි කරන්න පුළුවන්. තව මම හොඳටම දන්නා ස්වභාවික ආදේශකයක් තියෙනවා. නමුත් ඒකත් වැරදි විදිහට යොදා ගන්න පුළුවන්.

:       39       3

Kumara Friday, 04 September 2020 12:13 AM

නීති විරෝධීව ගෙන්වන වාහන අබලි කරනවා ද?. බොරු කතාවක් ගොතලා කහ ටික හොර පාරෙන් වෙළදපලට නිකුත් කරලා සාක්කු පුරවගන්න හදන්නේ.

:       0       54

BamunuarachchiFriday, 04 September 2020 02:49 AM

හොර බඩු විකිණීම තහනම් බව ඕගොල්ලෝ දන්නේ නැහැ.

:       14       0

sirisenaFriday, 04 September 2020 05:51 AM

එතකොට හොර රත්තරන්කමක් නැද්ද?

:       0       26

BamunuarachchiSaturday, 05 September 2020 01:55 AM

රත්තරන් විකුණන්නේ නැහැ රාජසන්තක වෙනවා. එහෙම දේවල් අපිත් කරනවා අපේ ජීවිත කාලේ.. ඒ වගේම අපිටත් වෙලා තිබෙනවා.

:       0       0

බද්රානි Thursday, 03 September 2020 01:33 PM

හරියටම හරි, කහ කුඩු විනාශ කරලා මත්කුඩු ප්‍රයෝජනයට ගන්න එක මේ රටේ මිනිස්සුන්ගේ හැටියට හොඳට ගැලපෙනවා. දැන් ඔය රජය සතු සිල්ලර කඩ (සතොස) තියනවා නේද? ඒ කහකුඩුටික පාරිභෝගිකයින්ට සාධාරණ මුදලකට අලෙවි කොට රජයට ඒ තුළින් ආදායමක් ගත්තොත් නරකද? කොහොමත් ඉතින් අපේ රටේ නාස්තිකාර කාපාළුවන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. මම මේ මොනවා ලීවත් අවසානයේ සිද්ධ වෙන්නේ හොර පාරෙන් කහටික වෙළඳ පොළට යවලා තක්කඩි කිහිප දෙනෙකුගේ සාක්කු පිරවෙන එක තමයි.

:       366       642

Puppa Thursday, 03 September 2020 01:40 PM

ඔය බඩු ටික ලස්සනට පිටකරයි මාකට් එකට.. පාන්පිටිවලට කහ දියකරලා විනාශ කරලා අපිවත්, රටත් අන්දයි අපේ කට්ටිය..

:       0       172

Chamara Thursday, 03 September 2020 02:10 PM

මෙහෙමත් අනුවණ වැඩක්..!!! රටේ කහ හිඟයක් තියෙත්දීත් කහ විනාශ කරනවද? කහ ආනයනය කළ අයට දඩයක් ගෙවීමට නියමකර, කහ වෙළඳපලට බෙදාහැරීම කළා නම් රටේ කහ හිඟය නැහැ නේද?...

:       44       185

de silva Thursday, 03 September 2020 02:15 PM

දැන් වෙළඳපලේ කහ කියලා විකුණන්නේ විවිධ විෂ රසායන පිරි ඩයි වර්ග. මේවා ආහාරයට ගන්නා පුද්ගලයින්ට මාරාන්තික ලෙඩ වැළඳෙන්න පුළුවන්.. අපි රට රකින්න කියලා කෙනෙක් පත්කරගෙන නිකරුණේ දුක්විඳිනවා.

:       80       269

Nihal Thursday, 03 September 2020 03:50 PM

ගබඩාවල ඇති කහ තොග නාකොටික් නිලධාරීන්ට බාරදෙන්න. එතකොට ඒවා වෙළඳපලට එයි...

:       0       324

මුණසිංහ Thursday, 03 September 2020 05:21 PM

ඒක නම් අපරාධයක්. මේවා රාජසන්තක කරලා සතොස හරහා වෙළඳපලට දමන්න. හිඟයක් ඇති වෙලාවක මෙවැනි දේ නොකළ යුතුයි.

:       0       24

Double Standard - neethiya ta වැඩ Thursday, 03 September 2020 06:22 PM

කල් ඉකුත් වූ හෝ නරක් වූ බඩූ විනාශ කළ යුතු. නමුත් අනික් වා වෙන්දේසි කල යුතුය. මොකද, ලංකාව ගෙනෙන රේගුවෙන් අල්ලපු වාහන,

:       0       9

Bayila Thursday, 03 September 2020 09:03 PM

අනේ මේ අයගේ තියරි. එතකොට නීති විරෝධී රත්ත්‍රන් වලට වෙන විදියක් මොකද.?

:       0       18

Kamal Friday, 04 September 2020 12:08 AM

කුමන තත්වයක් යටතේ වුවද ආහාර විනාශ කිරීම අපරාධයකි. කහ ලබා ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් රට තුළ දැනටමත් අර්බුදයක් පවතින බැවින් මෙම තොග රජය විසින් නියාමනය කළ මිලට බෙදා හැරිය හැකිය.

:       0       30

ලුම්බිණි Friday, 04 September 2020 01:01 AM

නීති විරෝධී විදියට ගෙනෙන වාහන විනාශ කරනවා මම නම් දැකලා නැහැ.

:       0       2

jayanada Friday, 04 September 2020 02:49 AM

කහ ඖෂධයක් නීති විරෝධී යැයි කියන්නේ ගෙන්වා ඇත්තේ නීති විරෝධී ක්‍රමයට නිසා.

:       0       14

kamal Friday, 04 September 2020 02:59 AM

අපේ රටේ ක්‍රමවේද ගැන අපිට මොනතරම් විශ්වාසයක්ද තියෙන්නේ.

:       0       3

Gayan Friday, 04 September 2020 04:25 AM

ඒකනම් මහ අපරාදයක්....

:       0       9

Ranjith Dubai Friday, 04 September 2020 04:31 AM

සිරිත් විරිත් වල වැඩ කළ මේ ආකාරයේ වැඩ අවසන් කළ යුතුය. ඔබට හෙරොයින් සහ ටියුමරික් එකම ආකාරයකින් සැලකිය නොහැක. හෙරොයින් යනු නීති විරෝධී අයිතමයකි. ටියුමරික් යනු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයකි. එය රජය විසින් භාවිතා කළ යුතුය.

:       0       14

සමරේ Friday, 04 September 2020 04:55 AM

පරන නීති රීතිම බදාගෙන මැරෙන්න යන ඔළමොට්ටල නිලධාරීන්. කල යුතු වන්නේ අත් අඩංගුවට ගත් කහවල ප්‍රමිතිය ගැන වාර්ථාවක් ලබා ගැනීමයි. ඉන් පසුව එය රජය යටතේ ඇති සතොස හෝ ආයුර්වේද දෙපාර්තමේන්තුව වැනි ආයතන හරහා විකිණීම හෝ නිෂ්පාදන ක්‍රියාවලියකට යොදා ගැනීමයි. හෙරොයින් සහ කහ යනු දෙකක් බව මේ අය වටහා ගත යුතුයි .

:       0       79

Rohana Friday, 04 September 2020 10:05 AM

නීති විරෝධීව ගෙනාවත් මේවා සැබෑලෙසම කහ නම් විනාශකිරීම අපරාධයක්. මේවා රජසන්තක නම් සතොස මගින් ජනතාව අතර බෙදාහරින්න බැරි හේතුව කුමක්ද? මේක හරියට බල්ලා පිදුරු කන්නෙත් නෑ.. කන ගොනාට දෙන්නෙත් නෑ වගේ වැඩක්...

:       0       17

pj Friday, 04 September 2020 11:06 AM

බයවෙන්න දෙයක් නැහැ. අපි 20 ගෙනාවාම ඔය ඔක්කොම ඉබේම හරියනවා.

:       0       2

අබිලින් Friday, 04 September 2020 12:51 PM

නීතිවිරෝධීව ගෙන්වනදේ විනාශකිරීමේ ක්‍රමවේදයක් නැත්නම් රත්‍රන් විනාශකරනවාද? නැහැනේ... එහෙම කියලා මෙහෙම විනාශ කිරීම් හරිද? නීතිහදන ඇත්තන්ට පවතින අඩුපාඩු පෙන්වාදී අවශ්‍ය නීති සකස් කරවන්න. එතෙක් අධිකරණයෙන් මේවාට කළයුතුදේ පිළිබඳව තීරණයක් ගන්න බලන්න. හැමදාම නැහැ බැහැ කියලා හරියනවද?

:       0       19

BamunuarachchiSaturday, 05 September 2020 02:10 AM

වටිනා දේවල් විනාශ කරන්නේ නැහැ. නමුත් ඒවා රාජසන්තක කර රජය ප්‍රයෝජන ගන්නෙත් නැහැ. ඔය කතා කරන්නේ තමන් දන්න ප්‍රමාණයටනේ.. නමුත් ඕවා සිද්ද වෙන්නේ වෙනත් ආකාරයකට... ‘‘ දිරාපත් වෙලා ගියත් දන්නේ නැහැ.‘‘ කියන ප්‍රතිපත්තිය අහලා තියෙනවනේ...

:       0       0

BamunuarachchiSaturday, 05 September 2020 06:51 AM

අබිලිංගේ දැනීමේ ප්‍රමාණය තමයි. මොකද මෝඩයි කියලා මොනවා කරන්නද?

:       14       0

ඔබේ අදහස් එවන්න

දියත

වව්නියාවේ වැව් 29ක් කැඩී යයි
2024 නොවැම්බර් මස 27 59 0

පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් වවුනියාව දිස්ත්‍රික්කයේ වැව් 29ක් කැඩීගොස් අ‍ැතැයි වවුනියාව දිස්ත්‍රික් ලේකම් පි.ඒ.සරත්චන්ද්‍ර මහතා පැවසීය.


පොහොර සහනාධාරයේ පමාවක් ඇතැයි පිළිගන්නවා
2024 නොවැම්බර් මස 27 198 0

ගොවි ගිණුම් වලට පොහොර සහනාධාර මුදල් ලැබීමේ පමාවක් පවතින්නේ යැයි පිළිගන්නා බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.


දිස්ත්‍රික්ක 9 කට නාය අනතුරු ඇඟවීම් නිවේදන
2024 නොවැම්බර් මස 27 5 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 9 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


’’අමුල්’’ සහල් කිලෝ 17,925ක් විනාශ කරන්න නියෝග
2024 නොවැම්බර් මස 27 217 0

අසුරණයේ තිබූ නිෂ්පාදිත දිනය, මිල හා කල් ඉකුත් වීමේ දිනය වෙනස් කරමින් උත්සව සමයේදී වෙළඳපලට යොමු කිරීමට තිබූ කල් ඉකුත් වූ ’’අමුල්’’ වර්ගයේ ආනයනික සහල් ක


අ‘පුරේ ගමක් යටවේ
2024 නොවැම්බර් මස 27 846 1

පවතින අධික වර්ෂාවත් සමඟ නොච්චියාගම කටුරොදගම ගම්මානය ජල ගැලීමෙන් හතර වටින්න ජලයෙන් කොටුවී ගම්මානයට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගය හා පාලමද ජලයෙන් ය


සුළි කුණාටු අවදානමක්?
2024 නොවැම්බර් මස 27 943 0

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට ඉඩ ඇති බව කාලගුන විද්‍යා දෙපාර්තම


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 764 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2141 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site