IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


අත්තනගල්ල පන්සලට හොරු පැනලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

අත්තනගල්ල රජමහා විහාරස්ථානයේ ධාතු මන්දිරය කඩා, එහි තැන්පත් කර තිබූ ධාතන් වහන්සේලා, පෞරාණික වටිනාකමක් ඇති බවට සැලකෙන බුදු පිළිම දෙකක් සහ කුඩා කරඬු කිහිපයක් කිසිවකු විසින් සොරාගනු ලැබ ඇති බවට ඊයේ (1) පැමිණිල්ලක් ලැබුණු බව අත්තනගල්ල පොලීසිය පවසයි.

ධාතු මන්දිරයේ තිබූ පඬුරු පෙට්ටියක් කඩා, එහි තිබූ මුදල් ද සොරාගෙන ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.

අත්තනගල්ල රජමහා විහාරස්ථානයේ විහාරාධිකාරී අලවල සමිත හිමියන් මේ පිළිබඳව පොලීසියට පැමිණිලි කර ඇත.

ධාතු මන්දිරයේ ජනේලය විවෘත කර, ග්‍රිල් එක ගලවා ඇතුළු වූ පුද්ගලයකු මේවා සොරාගෙන ගොස් ඇති බව පෙනී යන්නේ යැයි පොලීසිය කියයි.

මෙම ධාතු මන්දිරය පසුගිය අප්‍රේල් මාසයේ දිනක වසා දැමීමෙන් පසු එය පිරිසිදු කිරීමට අලවල සමිත හිමියන් ඊයේ උදෑසන දොර විවෘත කළ අවස්ථාවේ කිසිවකු මෙම පෞරාණික වස්තු සොරාගෙන ගොස් ඇති බව දැක ඇතැයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

බස්නාහිර උතුරු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ අධීක්‍ෂණය යටතේ, ගම්පහ කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ මහතාගේ උපදෙස් මත, අත්තනගල්ල පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක තෙන්නකෝන් මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් මේ පිළිබඳ පරීක්‍ෂණ පවත්වයි.



අදහස් (3)

අත්තනගල්ල පන්සලට හොරු පැනලා

Lalla Tuesday, 02 May 2023 09:40 AM

පන්සල්වල කිසිම වටින කියන භාණ්ඩ බුදුදහම අනුව තිබෙන්නට බෑ. නව බෞද්ධ ලේබලය ගසාගෙන සිටින පන්සල් වාසීන් ගිහියන්ට වඩා පෘතඥණ ගතිගුණ ඇති අතහැරීම වෙනුවට සුඛ විහරණයට ඇලුන කණ්‌ඩායමක්. නැතිව පන්සල්වල මේතරම් ආරක්ෂාව දී රකින්න දේ තිබිය හැකිද?

:       2       4

චින්තක Tuesday, 02 May 2023 10:45 AM

රජමහා විහාරයක්ලු... කාලෙකට පෙර වසා තැබුවාලු.. ඉතින් මිනිස්සු වඳින්නේ කොහොමද? ඇත්තටම පන්සලක් දිනපතා පිරිසිදු කරන්නේ නැත්නම් එතැන කුමක් හෝ ප්‍රශ්නයක් තියෙනවා කියලා හිතෙනවා...

:       1       4

chandu Tuesday, 02 May 2023 11:23 AM

බුදුදහම ගැන ඔබගේ දැනුම ඉතා අල්ප බව පෙනේ. බුදුදහමෙන් උගන්වන්නේ තමගේ සිත ගැන මිසක් තැනක තිබිය යුතු භාණ්ඩ ගැන නෙමෙයි...

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ගැටුමකට මැදි වු අයෙක් පිහි පහරින් මරුට
2025 අප්‍රේල් මස 20 59 0

වැඩිමහල් සහෝදරයා අතදරා සිටි පිහියෙන් බාල සහෝදරයාගේ පාදයක් කැපී බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි ගෑන්ඩ්පාස් පොලිසිය කියයි.


‘කොකේන්‘සමඟ විදේශිකයා ගුවන්තොටේදී මාට්ටු
2025 අප්‍රේල් මස 20 279 0

රුපියල් විසි හතර කෝටි තිස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විදේශීය ගුවන් මගියෙකු අද(20 ) අලුයම රේගු මත්ද


සිරි දළදා වන්දනාවට තවත් අතිරේක දුම්රිය දෙකක්
2025 අප්‍රේල් මස 20 157 0

සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන්ගේ සංඛ්‍යාව ඉහළයාම හේතුවෙන් කොටුව හා මහනුවර අතර තවත් විශේෂ දුම්රිය දෙකක් ලබන 28 දක්වා ධාවනයට යෙදවීමට දෙපාර්තමේන


පාස්කු ඉරිදා අදයි
2025 අප්‍රේල් මස 20 221 0

කිතුනුවන්ගේ ශුද්ද වූ සතියේ අවසන් දිනය වන පාස්කු ඉරිදා අදට යෙදී ඇත.


අද වහින තැන් මෙන්න
2025 අප්‍රේල් මස 20 117 0

මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව, හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනි තැන වැසි හෝ ගිගුරුම


සීගිරියේ වන විනාශය
2025 අප්‍රේල් මස 20 396 0

සීගිරිය අභයභූමියේ සීගිරි පව්ව පෙනෙන මානයේ මහා පරිමාණ බොරළු පස් කැපීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව සීගිරිය සුරැකීමේ සංවිධානය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 266 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 244 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 404 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site