(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වේල්ලවීදිය සහකාර ප්‍රාදේශීය ලේකම්‌ගේ නිල මුද්‍රාව හොරට යොදා ව්‍යාජ ලෙස අත්‍යාවශ්‍ය සේවා බලපත්‍ර මුද්‍රණය කර මුදලට විකුණු තිදෙනකුගෙන් යුත් සංවිධානාත්මක කල්ලියක් අත්අඩංගුවට ගත් බව කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.
එලෙස මුද්‍රණය කරන ලද ව්‍යාජ අත්‍යවශ්‍ය සේවා බලපත්‍ර 12 ක්, වේල්ලවීදිය සහකාර ප්‍රාදේශීය ලේකම් නම ඇතුළත් ඇතුළත් කර ව්‍යාජව සකසන ලද නිල මුද්‍රාවක්,දින මුද්‍රාවක්, ,පරිගණකයක් ,ස්කෑන් යන්ත්‍රයක් ,ප්‍රින්ටරයක් මෙන්ම අත්‍යවශ්‍ය සේවා බලපත්‍ර වලට සමාන ලෙස සකස් කරන ලද කඩදාසි ,තීන්ත ඇතුළු උපකරණ තොගයක් පොලිස් බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ස්වයං රැකියා සංගමයේ හිටපු සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස කටයුතු කළ අයකු බව පොලිසිය කියයි.
බොරැල්ල, මිහිඳුසෙන්පුර ,වනාත පෙදෙසේ පුද්ගලයකු අත්‍යාවශ්‍ය සේවා බලපත්‍ර ව්‍යාජ ලෙස මුද්‍රණය කර මුදලට විකුණන බවට කොළඹ මධ්‍යම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අධිකාරී නිශාන්ත චන්ද්‍රසේකර මහතාට ලද තොරතුරක් අනුව කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික පෙරේරා මහතා ඇතුළු කණ්ඩායමක් සිදුකරන ලද විමර්ශනයක දී මෙම සංවිධානාත්මක කල්ලිය අත්අඩංගුවට අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
බොරැල්ල වනාත පෙදෙසේ පුද්ගලයා අත්අඩංගුවට ගෙන සිදු කළ පරික්ෂාවේදී ඔහු සන්තකයේ ව්‍යාජ බලපත්‍රයක් තිබි හමුවීමෙන් අනතුරුව සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ඔහු පදිංචි මිහිඳුසෙන්පුර නිවස තුළ සඟවා තිබූ තවත් ව්‍යාජ අත්‍යවශ්‍ය සේවා බලපත්‍ර හතක් ,වේල්ලවීදිය සහකාර ප්‍රාදේශීය ලේකම් ගේ නම ඇතුළත් නිල මුද්‍රාවක් හා ,දින මුද්‍රාවක් සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.
එම පුද්ගලයා ගෙන් සිදුකරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේදී ව්‍යාජ අත්‍යවශ්‍ය සේවා බලපත්‍ර මුද්‍රණය කළ කෙසෙල්වත්ත ඩයස් පෙදෙසේ සන්නිවේදන මධ්‍යස්ථානයක් වටලා එහි හිමිකරු සහ ඒවා මුද්‍රණය කිරීමට යොදාගත් උපකරණ රැසක් සහ කඩදාසි සමග එහි හිමිකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එම පුද්ගලයන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමේදී ව්‍යාජ ලෙස සකසන ලද අත්‍යවශ්‍ය සේවා බලපත්‍ර 20 ක් ආදුරුප්පු වීදියේ පුද්ගලයකුට විකිණීම සඳහා ලබාදුන් බවට අනාවරණය වීමෙන් අනතුරුව එම පුද්ගලයා ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඒ වන විට එම පුද්ගලයා එයින් 16 රුපියල් 3000 සහ 5000 බැගින් විවිධ පුද්ගලයන්ට මුදලට විකුණා තිබු බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් එම සැකකරුවන්ගේ ප්‍රකාශ මත ව්‍යාජ ලෙස සකසන ලද අත්‍යවශ්‍ය සේවා බලපත්‍ර මුදලට ලබා ගත් පුද්ගලයන් ද අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන බව උසස් පොලිස් නිලධාරියෙකු පැවැසීය.
විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා
ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්‍යාං
වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ
පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියන් හතර දෙනකු පන්ති කාමරයේ තිබූ වීදුරුවක් මතට වැටීමෙන් තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත
හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අත්‍යවශ්‍ය සේවා බෝඩ් හොරට ගහලා