IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


අතුරු නියෝගය වළක්වන්නයි ඉල්ලූ පෙත්සම් සලකා බැලීම සිකුරාදාට කල් තබයි

තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ 

තමන් අගමැති ධූරයේ සහ අමාත්‍ය ධූරයේ කටයුතු කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය ලබාදුන් අතුරු නියෝගය ක‍්‍රියාත්මක කිරීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අගමැති ධූරයේ කටයුතු කළ මහින්ද රාජපක්ෂ සහ අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ චමල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන ,ජොන්ස්ටන් ප‍්‍රනාන්දු හා ආචාර්ය විජයදාස රාජපක්ෂ යන මහත්වරුන් විසින්  ගොනු කළ විශේෂ අභියාචනා පෙත්සම් දෙකක් සලකා බැලීම ලබන සිකුරාදා (14) තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) නියම කළේය. 
 
මෙම අභියාචනා පෙත්සම ප්‍රසන්න ජයවර්ධන , ප්‍රසන්න ජයවර්ධන සහ එල්. ටී.බී දෙහිදෙණිය යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැදවිණි.
 
වගඋත්තරකරුවන් වෙත නිසි පරිදි නොතීසි ලැබී නොමැති වීම හේතුවෙන් ⁣අභියාචන පෙත්සම් සලකා බැලීම  මෙදිනට කල් තැබිණි.
 
මෙම විශේෂ අභියාචන පෙත්සමේ වගඋත්තරකරුවන් රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂය , දෙමළ ජාතික සන්ධානය , ජනතා විමුක්ති පෙරමුණ , ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය , සමස්ත ලංකා මහජන කොංග‍්‍රසය යන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 122 දෙනෙකු නම් කරනු ලැබ සිටිති.                                                    
නීතීඥ සනත් විජේවර්ධන මහතා මඟින් වෙන වෙනම ගොනු කළ මෙම අභියාචන පෙත්සම් දෙකෙහි මෙසේද සඳහන් වේ.   
             
අභියාචනාධිකරණය නීතිය  වැරදි ලෙස අර්ථකථනය කරමින් මෙම තමන් එම තනතුරු වල කටයුතු කිරීම අත්හිටුවමින් පොරේදා (03) අතුරු නියෝගයක් නිකුත් කර ඇත. මෙම අතුරු නියෝගයෙන් වගඋත්තරකාර පෙත්සම්කාර මහින්ද රාජපක්ෂ මහතා සහ අමාත්‍යවරුන්ට අගතියක් හා අප‍්‍රතිකාරී හානියක් සිදුවන බවද පෙත්සමේ සඳහන් වේ.  
                           
එසේම තමන් තනතුරුවල කටයුතු කිරීම අත්හිටුවමින් දුන් එම තීන්දුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවද එහි සඳහන් වේ.

එබැවින් පෙත්සම මෙම විශේෂ අභියාචනා පෙත්සම් විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසත් , අභියාචනාධිකරණය විසින් ලබා දුන් අතුරු නියෝගය ඉවත දමන ලෙසද මෙම විශේෂ අභියාචන පෙත්සමේ සඳහන් වේ.

එම තීන්දුව ක‍්‍රියාත්මක කිරීම බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙසත් , අභියාචනාධිකරණය හමුවේ පෙත්සම්කාර වගඋත්තරකාර පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 122 දෙනෙකු විසින් ගොනු කර ඇති ක්වෝ වොරොන්ටෝ රිට් ආඥාවක් නිෂ්ප‍්‍රභ කරන්නැයි ද මහින්ද රාජපක්ෂ සහ අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ චමල් රාජපක්ෂ , දිනේෂ් ගුණවර්ධන ,  ජොන්ස්ටන් ප‍්‍රනාන්දු හා ආචාර්ය විජයදාස රාජපක්ෂ යන මහත්වරුන් සිය විශේෂ අභියාචන පෙත්සම් වලින් ඉල්ලා සිටිති.



අදහස් (11)

අතුරු නියෝගය වළක්වන්නයි ඉල්ලූ පෙත්සම් සලකා බැලීම සිකුරාදාට කල් තබයි

ගල්කටස් Wednesday, 12 December 2018 09:30 AM

ජනාධිපති, අගමැති, විපක්ෂනායක සහ මන්ත්‍රීවරුන් සියල්ල අධිකරණය තුළින්ම පත් කළා නම් වැඩේ ඉවරයි. අපිට නම් මේක දැන් අැණයක්. එපාවෙලා තියෙන්නේ කිසිම කෙනෙකුට මෙක විසඳන්න වුවමනාවක් නැහැ. ඔක්කොම පිස්සෙන් වගේ කල් මරණවා... හරි කෙලින් එකවර නියම වෙලාවට තීරණයත් අධිකරණයටත් ගන්න බැරි නම්.., එතැනින් එහාට කථා වැඩක් නැහැ.. රට හෑල්ලුවට ලක්කරනවා විනාශයට පාර කපනවා සියල්ලන්ම. දැන් මාස දෙකකට අාසන්නයි ඕක විසඳගන්න බැරිඅයට පුළුවන්ද? රට ගොඩ නගන්න.. සියල්ලන්ම බොරුවෙන්, වංචාවෙන් සහ බලයට කෑද⁣ර නමින් මාධ්‍ය හමුවල කියන කථා අහැව්වාම හිතෙන්⁣නේ නිකන් රට සුරපුරයක් කරයි කියලා. එ්ත් වර්තමානයේ පවතින කිසිම පක්ෂයකින් රටට වෙන සෙතක් නැති බව නම් පැහැදිලියි.

:       3       1861

sandy123Wednesday, 12 December 2018 12:40 PM

පහුවෙලා හරි තේරුම් ගත්තාට පැසසුම්. මේ කිසිම පුද්ගලයෙක් අපිට හෝ රටට ආදරේට දේශපාලනය කරන්නේ නැහැ. තමන්ගේ පැවැත්ම ගැන හිතනවා හැරෙන්න. ඔවුන් හරි හම්බ කරන්න පුළුවන් ලෙහෙසිම විදිය හොයා ගෙන තියෙන්නේ. සල්ලි කෝටි ප්‍රකෝටි ගණන් තමන්ගේ හරි තම පවුලේ උදවියගේ හරි සුඛ විහරණය සඳහා හොයා ගන්නවා. ලක්ෂයක් හෙව්වොත් රුපියලක් මහජනතාවට දෙනවා. දීලා මාධ්‍යයට හොඳ කුට්ටියක් දීලා ලොකු පබ්ලිසිටි පාරක් දෙනවා. මම අච්චරක්, මෙච්චරක් ජනතා සේවය කළා කියලා. අපිත් මෝඩයෝ වගේ පෙන්නන සුරංගනා ලෝකය බලාගෙන ඉන්නවා. අපිට සිහින පෙන්නලා සිහින මවලා අපිට නොදැනෙන්නම විදලා. අපි දැන ගන්න කොට පෙරහැර ගිහිල්ලා. යතාර්ථය ඒකයි.

:       0       1628

Nihal Wednesday, 12 December 2018 10:38 AM

රටම කල් ඉකුත් වෙලා ඉවරයි..

:       3       130

dias Wednesday, 12 December 2018 11:15 AM

පොහොට්ටුවේ නායකයින් කල් ඉකුත් සැමන් ටින් එකක් වගේ.

:       2061       1236

sudelmi Wednesday, 12 December 2018 11:41 AM

මේක අධිකරණය හදපු ගැටළුවක් නෙමේ. ගැටලුව හැදුව බල පෙරේතයෝ නැති බලයක් තියෙනවා කියන එක තමයි ගැටළුව... අවසන් විසඳුම රටේ ජනතාව පාරට බැහැලා හොරු, තක්කඩි එලවන එක මිස අධිකරණයට බනින එකනොවේ.

:       1438       807

JayaWednesday, 12 December 2018 02:41 PM

පාරට බැහැලා එලවන්න දෙයක් නැහැ මෙයා... ඡන්දයකටම ගිහිල්ලා එලවමුකෝ...

:       140       669

vajiraWednesday, 12 December 2018 03:21 PM

ජනතාව පාරට බහින්න කලින් ඡන්දෙකට ගියාම ඉවරයිනේ!

:       116       669

Saman Wednesday, 12 December 2018 05:55 PM

කන්නේ බොන්නේ අඳින්නේ පිටරටවලින් ණයට අරගෙන, තව ඡන්දත් ඉල්ලනවා,

:       365       207

Kumara Wednesday, 12 December 2018 07:26 PM

දැන් සනීපද?

:       1       3

Sanka Thursday, 13 December 2018 02:03 AM

දැන් ජනාධිපතිතුමාම පිලි අරන් තියෙනවනේ තමන්ට බහුතරය නැහැ කියලා. දැන් ඉතින් රටම දන්නවා කථානායකතුමාට පොත් වලින්, කුණු කූඩ වලින්, පුටු වලින් ගැහැව්වේ, පුටු කැඩුවේ, මයික් කැඩුවේ, මුළු රටම ලෝකය ඉදිරියේ අපකීර්තියට අවමානයට පත් කලේ බහුතරය පෙන්වන්න වෙන එක නවත්තන්න කියලා. ලැජ්ජයි. පාර්ලිමේන්තුව හෑල්ලු කරලා රටේ නම කැත කරපු එක නම් මේ රටේ ජනතාවට කවදාවත් අමතක වෙන එකක් නැහැ.

:       1       150

බහුතරය​ Thursday, 13 December 2018 04:08 AM

2018 ඔක්තෝබර් 25 වෙනිදා වනවිට රටේ තිබුණු තත්ත්වය නැවත මතක්කලාම මට හිතෙනවා ජනාධිපතිතුමා 26 වෙනිදා කල දේ ඉතා නිවැරදියි, එහෙත් කල විදිය සුදුසු මදි.

:       6       74

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

අල්ලස් ගත් ලංගම ලොක්කෙකුට වැඩ වරදී
2025 අප්‍රේල් මස 23 0 0

මගියකුට ප්‍රවේශ පත්‍රයක් ලබා නොදීම සම්බන්ධ ලංකා ගමනාගමන මණ්ඩලයේ කොන්දොස්තරවරයකුවිනය පරීක්ෂණයක් පවත්වා අගතියක් නොවන පරිදි නැවත සේවය පිහිටුවීම සදහා


ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනයට තිදෙනෙක් අල්ලයි
2025 අප්‍රේල් මස 23 71 0

කොලොන්නාව නගර සභාවේ පොදු ජන පෙරමුණ අපේක්ෂක මෙන්ම සමාජ ක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා වැල්ලම


මඟ තොටේ වන කෙනෙහෙළි ගැන ආබාධිත අය ගතු කියති
2025 අප්‍රේල් මස 23 38 0

බස් රථ සහ දුම්රිය සඳහා නිසි ප්‍රවේශ පහසුකම් නොමැති කම නිසා ආබාධ සහිත අයට කුලියට වාහන ගෙන ගමන් බිමන් යන්නට සිදුවී ඇතැයි ද ඊට වැය වෙන මුදල් දරාගන්නට නොහැක


රැඳවියෝ 250 ක් බාරවෙති
2025 අප්‍රේල් මස 23 360 0

මාතර බන්ධනාගාරයේ කළහකාරී ලෙස හැසිරෙමින් ගැවසුණු රැඳවියන් 250 දෙනකු මේ වන විට සිය කැමැත්තෙන්ම බාර වී ඇතිබව බන්ධනාගාර පාලනාධිකාරිය පවසයි.


වැඩ බලන විගණකාධිපතිට සේවා දිගුවක්
2025 අප්‍රේල් මස 23 242 0

වැඩබලන විගණකාධිපති ජී.එච්.ඩී ධර්මපාල මහතාට තවත් දින තිහක සේවා දිගුවක් ලබාදීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ (22) අනුමැතිය ලබාදී ඇත.


කාදිනල් තුමෝ ඉතාලියට
2025 අප්‍රේල් මස 23 601 0

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද උදෑසන , ඉතාලිය බලා පිටත්ව ගියහ.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 622 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 319 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 466 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site