ට
(කාංචන කුමාර ආරියදාස)
මීට දින තුනකට පෙර අතුරුදන් වූ බව කියන 14 හැවිරිදි පාසල් සිසුවියගේ මළ සිරුර දඹුල්ල කලෝගහඇළ ප්‍රදේශයේ පාළු නිවෙසක තිබී හමු වූ බව පොලිසි කියයි.
මෙසේ මියගොස් ඇත්තේ දඹුල්ල අතුපාරයාය පදිංචි බුද්ධිනී පියුමාලි නැමැති කන්දලම් ඩි.එස් සේනානායක විදුහලේ 09 වැනි වසරේ ඉගෙනුම ලැබූ සිසුවියකි.
මෙම දියණිය දඹුලු හල්මිල්ලෑව හබරත්තාවල ප්‍රදේශයේ පදිංචි හිතවත් පවුලක හත් හැවිරිදි දැරියක සහ ඇයගේ සුළු පියා යතුරු පැදියකින් පැමිණ මෙම මිය ගිය දැරිය අතුපාරයාය ප්‍රදේශයට කැඳවාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
එසේ එක්කරගෙන ගිය දියණිය දින දෙකක් නිවසට නොපැමිණීම නිසා සොයා බැලුවත් හමු නොවූ නිසා ඒ සම්බන්ධයෙන් ඇගේ මව වන එච්.ඒ.චන්ද්‍රා ජයසේකර යන අය දඹුල්ල පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇත.
එම පැමිණිල්ල සම්බන්ධයෙන් දඹුල්ල පොලිසියේ වැඩ බලන මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක. එච් .එම්.එස්.කරුණාතිලක මහතා ඇතුළු කණ්ඩායමක් විමර්ශන ආරම්භ කර ඇත.
ඒ අතර දඹුල්ල කලෝගහඇල ප්‍රදේශයේ පාළු නිවසකින් දුගඳක් හමන බවට පොලිසියට තොරතුරු ලැබුණු තොරතුරක් මත මෙම මළ සිරුර සොයාගෙන ඇත.
පොලිසිය එම ස්ථානයට ගොස් පරික්ෂා කිරීමේදී යම්කිසි අයකුගේ මළ සිරුරක් ඇදක් මත ඇති බව සැකයට බදුන් වීමත් පසුව දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර අධිකරණ නියෝග මත එම නිවසේ දොරගුළු කඩා පරික්ෂා කර ඇත.
වැඩ බලන මහේස්ත්‍රාත් එම් . ඒ .අමානුල්ලා මහතා ඇතුළු කණ්ඩායමක් ස්ථාන පරීක්ෂා කර බැලීමේදී එම පාළු නිවසේ ඇඳක් මත රෙදි කැබලිවලින් ඔතා තිබූ අතුරුදන් වූ දැරියගේ මළ සිරුරක් සොයා ගත් බව පොලිසිය කියයි.
දැරියගේ සිරුර පරීක්ෂා කිරීමේදී ඇයගේ ඇඳුම් සිරුරෙන් ඉවත් කර තිබූ බව පොලිසිය කියයි.
පොලිසිය කඩිනමින් මෙම දියණිය කැදවාගෙන ගිය බව කියන පුද්ගලයා පිළිබඳව සොයා බැලීමට ඔවුන් පදිංචි නිවෙසට ගියද ඔහු සහ බිරිඳ, දියණිය ප්‍රදේශයෙන් අතුරුදහන් බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අතුරුදන් පාසල් සිසුවියගේ සිරුර පාළු නිවසකින් හමු වෙයි
fairoos Sunday, 10 October 2021 03:36 PM
මේ ටිකේ හැමදාම වගේ අහන්න ලැබෙන්නේ ඉතාම කණගාටුදායක ප්‍රවෘත්ති...
සිසිර Sunday, 10 October 2021 04:18 PM
වගකීමක් නැති දෙමව්පියන්...!
RaveendraSunday, 10 October 2021 05:38 PM
ඇත්තෙන්ම ඔබ නිවැරැදියි. ගැහැණු දරුවකු නොව පිරිමි දරුවකු වුවත් මෙසේ යවනවාද යන්න ගැටලුවකි. අද සමාජය එ් තරමටම ජරා ජීර්ණ වී තිබෙන බව මේ මවටවත් නොතේරීම අරුමයකි.
Senarath Sunday, 10 October 2021 04:27 PM
ඇත්තටම මේ දෙමව්පියොත් හරිම මෝඩයි. කිසිම වග විභාගයක් නැතිව අවුරුදු 14ක දරුවෙක් යවනවද? එහෙම යවලා හොයලා බලන්නේ දවස් 02කට පස්සේ.. මේ අපරාධකරුට උපරිම දඬුවම් දෙන්න ඕනේ.. තවත් මෙවැනි දේ නොකරන්න.