(යොහාන් භාසුර)
අතරමැදියන් වී තොග රැස්කළහොත් එම තොග රජයට පවරාගන්නා බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
සහල් මිල දිනෙන් දින ඉහළ දමමින් කරන අත්තනෝමතික ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම පාලනය කිරිමට ජනාධිපතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය එක්ව ඍජු තීරණ රැසක් ක්‍රියාත්මක කරමින් සිටින බව කී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වී සහ සහල් සඳහා සාධාරණ සහතික මිලක් නියම කරමින් ගොවියා සහ පාරිභෝගිකයා ආරක්ෂා කිරිමට කටයුතු කරන බව කීය.
යහපාලන ආණ්ඩු සමයේදී වී සඳහා සාධාරණ මිලක් නොමැති වීමෙන් ගොවීන් සියදිවිහානි කරගන්නා තත්වයට පත්ව සිටි නමුත් වත්මන් රජය බලයට පත්වීමත් සමඟ ගොවියාගේ පාරිභෝගික අයිතීන් ආරක්ෂා කිරීමට කටයුතු කළ බව සඳහන් කළ අමාත්‍යවරයා සහල් මිල වැඩි කිරීමේ අරමුණින් වී සහතික මිලට වඩා වැඩි මිලට කුමන පාර්ශවයක් ගත්තද සහල් සහතික මිලට වඩා වැඩි මිලට අලෙවි කිරීමට ඉඩ නොදෙන බව කීය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එසේ පැවසීය.
එහිදී වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.
“වී ගොවීන් සහ සහල් මෝල්හිමියන් හැරු වෙනත් තුන්වන පාර්ශ්වයක් විසින් වී සහල් රැස්කර ගබඩා කර පවත්වා ගැනීමට කටයුතු කළහොත්, එම තොග රාජසන්තක කරගැනීම සඳහා අවශ්‍ය ආකාරයට පාරිභෝගික ආරක්ෂණ පනතේ වගන්ති සංශෝධනය කරනවා. සහතික මිලට වී මිලදී ගැනීමට වී මෝල්හිමියන් කටයුතු නොකරන්නේ නම්, සමස්ත තොගයම මිලට ගැනීමට වී අළෙවි මණ්ඩලය සූදානම්ව සිටිනවා”
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
“අතරමැදියන් වී තොග රැස්කළහොත් එම තොග රජයට’’
දාස Thursday, 05 August 2021 03:04 PM
මේ කෙලින බොරු අහන්න මිනිසුන්ට වෙලාවක් නැහැ.අනේ කොවිඩ් මාරයා අහිංසක මින්ස්සු ඉතුරු කරල මේ වගේ අපතයො තමුන්ගෙ ළගට ගන්නකො.
Sri Lanka Thursday, 05 August 2021 04:49 PM
අපේ පැත්තේ වී මිලදී ගන්නේ ලීටරවලින්... කළින් වී අරගත්තේ කිලෝවලින්...
Dinesh Thursday, 05 August 2021 04:59 PM
මෙයාගෙත් විසිල් මිසක් බල්ටි නැහැ. මොන දේද හරියට කළේ... ?
චමින්ද Thursday, 05 August 2021 06:37 PM
මම හිතා හිටියේ ගොයම් කපන කාලෙට වී ගෝ්නියක් දෙකක් ගෙනැවිත් ඊළඟ කන්නය දක්වා තියාගන්න.. හිඟන්නගේ පාත්තරේට හෙනහුරා වැටුණා වගේ ඒකටත් කෙලියද? 69 එකෙක් වුණු නිසා ඉවසනවා මිස... මොනවා කරන්නද?
pradeepa Thursday, 05 August 2021 08:49 PM
හැමදාම කයිවාරු විතරයි... ගමේ කඩේට හාල් ගන්න ගියාම එක්කෝ නැහැ... තිබ්බොත් සම්බා කිලෝ 01 220යි.. එක කාලෙකදී කිව්වා අස්වැන්න කැපෙනකම් ඉන්න කියලා... අපි අහන්නේ අස්වැන්න තාම කැපිලා නැද්ද කියලා... වී ගහ කියන්නේ කොස් ගහ වගේ උස යන්න ඕනෑ අස්වැන්න ගන්න..
Lalith M Thursday, 05 August 2021 11:41 PM
අතරමැදියා විග්‍රහ කළොත්... ගොවියා සහ පාරිභෝගිකයා අතර ඉන්න පුද්ගලයා. වී මෝල් හිමියා. වී මෝල් හිමියන් වී තොග රැස්නොකර කවුරු කරන්නද?
Roshan Thursday, 05 August 2021 11:46 PM
මේ..... බුල් ඩෝග්.... බයිලා නොගහ ඉදපන්....
Perera Friday, 06 August 2021 12:36 AM
මෙයා කියන ඒවා රටේ කවුරුවත් දැන් ගණන් ගන්නේ නැහැ.
sharm warn Friday, 06 August 2021 08:49 AM
ආ.. ඒ කියන්නේ මෝල්කාරයෝ ගොඩගහගෙන හංගන එක නීත්‍යානුකූලයි. එහෙමද? ඔව් ඉතින් ඩඩ්ලි මාමාව බේරගන්නත් එපැයි. මහින්ද නැති කාලෙක හේත්තු වෙන්න ඉන්නේ මෛත්‍රීනේ...