IMG-LOGO

2024 දෙසැම්බර් මස 18 වන බදාදා


අත්‍යවශ්‍ය ආහාර වර්ග හයකට තොග - සිල්ලර මිල පරාසයක්

(යොහාන් භාසුර)

පාරිභෝගිකයාට වඩාත් ලාභදායි වෙළෙන්දාගෙන් භාණ්ඩ මිලදී ගැනීමට මඟ පෙන්වීමක් ලෙස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හයකට උපරිම තොග සහ සිල්ලර මිල පරාසයක් ප්‍රසිද්ධ කළ බව පාරිභෝගික කටයුතු අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.

එහිදී තොග මිල නිෂ්චිත මිලක් ලෙස ද, සිල්ලර මිල පරාසයක් ලෙස ද, ප්‍රසිද්ධ කළ බවත් ඒ අනුව භාණ්ඩ මිලදී ගැනීමට පෙර සිල්ලර වෙළෙන්දාට සහ පාරිභෝගිකයාට වඩාත් සහනදායි ස්ථානයෙන් මිලදී ගැනීම කළ හැකි බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.  

ඒ අනුව වියළි මිරිස්, සුදු සීනි, ආනයනික හාල්මැස්සන්, ආනයනික ලොකු ලූණු, ආනයනික අල සහ මයිසූර් පරිප්පු සඳහා මෙසේ උපරිම තොග සහ සිල්ලර මිල ප්‍රසිද්ධ කළේය.  

වියළි මිරිස් කිලෝවකට රුපියල් 900 ක, සුදු සීනි කිලෝවකට රුපියල් 265 ක, ආනයනික හාල්මැස්සන් කිලෝවකට රුපියල් 1000 ක, ලොකු ලූණු කිලෝවකට රුපියල් 400 ක, අල කිලෝවකට රුපියල් 145 ක සහ පරිප්පු කිලෝවකට රුපියල් 290 ක තොග මිලක් ප්‍රසිද්ධ කර තිබේ.

වියළි මිරිස් කිලෝවක් රුපියල් 1100 ත් 1300 ත් අතර, සුදු සීනි කිලෝවක් රුපියල් 290 ත් 310 ත් අතර, හාල්මැස්සන් කිලෝවක් රුපියල් 1100 ත් 1500 ත් අතර, ලොකු ලූණු කිලෝවක් රුපියල් 450 ත් 570 ත් අතර, අල කිලෝවක් රුපියල් 180 ත් 210 ත් අතර සහ පරිප්පු කිලෝවක් රුපියල් 300 ත් 360 ත් අතර සිල්ලර මිලක් ප්‍රසිද්ධ කර තිබේ. 



අදහස් (3)

අත්‍යවශ්‍ය ආහාර වර්ග හයකට තොග - සිල්ලර මිල පරාසයක්

Bandula Friday, 12 January 2024 06:40 PM

බොහෝම ස්තුතියි... කාලා හමාරයි...

:       0       0

Dinesh Friday, 12 January 2024 06:51 PM

වෙළඳපළ මිල ගැන අනවබෝධයෙන් මිල පාලනය නොකළ යුතුයි. 11 වැනිදා සීනි 270ට ගත්තා. දැන් එතැන ඉඳලා 290ක් වෙයි...

:       0       0

චන්දන Friday, 12 January 2024 07:12 PM

දුඹුරු සීනි 415යි. ඒවා හදන්නේ පැලවත්ත සහ සෙවනගල විතරයි. වැට් එකේ ප්‍රතිඵල. දැන් මිනිස්සු දුඹුරු සීනි අතහැරලා සුදු සීනිවලට යොමු වුණොත් පාඩුව ලංකාවේ සමාගම් වලට. සතුටුයි නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති පාර්ලිමේන්තුවට
2024 දෙසැම්බර් මස 18 224 0

ජනාධිපති අනුර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණියේය.


වව්නියාවේ කෘෂි රසායන ගබඩාවකට සීල්
2024 දෙසැම්බර් මස 18 52 0

භාවිතයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය හා නියමිත ප්‍රමිතියෙන් තොර කෘෂි රසායන ද්‍රව්‍ය ගබඩා කොට පවත්වාගෙන ගිය වවුනියාව, ඊරට්ටපෙරියකුලම ගබඩාවකට ඊයේ (17) මුද්‍ර


දේශීය වෛද්‍ය ක්‍රමයෙන් ඩොලර් මිලියන 8,500ක්
2024 දෙසැම්බර් මස 18 220 0

දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය ප්‍රධාන ධාරාවන් තුනක් යටතේ සංවර්ධන කිරීමට බලාපොරොත්තු වන බවත් එම ක්ෂේත්‍රය හරහා සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් මිලියන 8,500 ක ආදායමක


තවත් මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි
2024 දෙසැම්බර් මස 18 327 0

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස මොහොමඩ් නිසාම් කාරියප්පර් මහතා අද දිවුරුම් දුන්නේය.


මුදල් කාරක සභා සභාපති ආචාර්ය හර්ෂ
2024 දෙසැම්බර් මස 18 1013 0

පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ සභාපති ධුරයට සමගි ජන බලවේගයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පත් කෙරිණි.


සුපිරි වෙළඳසැල් කඩා ලැප්ටොප්-දුරකතන සොරාගත් අයෙක් අල්ලයි
2024 දෙසැම්බර් මස 18 335 0

මහරගම සහ මිරිහාන ප්‍රදේශවල සුපිරි වෙළඳසැල් දෙකකින් අවස්ථා තුනකදී රුපියල් ලක්ෂ පනහක් වටිනා ජංගම දුරකථන හා ලැප්ටොප් යන්ත්‍ර සොරාගත් පුද්ගලයෙකු අත්අඩ


වැඩි දෙනා කියවූ පුවත්

විපක්ෂයේ මුල් පුටු පෙරළේ
2024 නොවැම්බර් මස 30 21333 8




ඉන්ධන නැවක් ආපසු ගිහින්
2024 දෙසැම්බර් මස 11 13831 10

මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 271 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 262 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 119 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site