(අංජුල මහික වීරරත්න)
ජාතික ජන බලවේගය රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (21) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දෙනු ලැබීය.
නියෝජ්‍ය අමාත්‍යවරු පහත පරිදි වේ.
01 මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
02 නාමල් කරුණාරත්න මහතා කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය
03 වසන්ත පියතිස්ස මහතා ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය
04 නලින් හේවගේ මහතා වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය
05 ආර්. එම්. ජයවර්ධන මහතා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
06 ගමගෙදර දිසානායක මහතා බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
07 නීතිඥ ටී. බී සරත් මහතා නිවාස නියෝජ්‍ය අමාත්‍ය
08 රත්න ගමගේ මහතා ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය
09 මහින්ද ජයසිංහ මහතා කම්කරු නියෝජ්‍ය අමාත්‍ය
10 අරුණ ජයසේකර මහතා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය
11 අරුන් හේමචන්ද්‍රා මහතා විදේශ කටයුතු, විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය
12 ඇන්ටන් ජයකොඩි මහතා පරිසර නියෝජ්‍ය අමාත්‍ය
13 මොහොමඩ් මුනීර් මහතා ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය
14 ඉංජිනේරු එරංග වීරරත්න මහතා ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය
15 එරංග ගුණසේකර මහතා තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
16 චතුරංග අබේසිංහ මහතා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
17 ඉංජිනේරු ජනිත් රුවන් කොඩිතුවක්කු මහතා වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය
18 වෛද්‍ය නාමල් සුදර්ශන මහතා කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
19 රුවන් සෙනරත් මහතා පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය
20 වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය
21 වෛද්‍ය හංසක විජේමුණි මහතා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය
22 උපාලි සමරසිංහ මහතා සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
23 රුවන් චමින්ද රණසිංහ මහතා සංචාරක නියෝජ්‍ය අමාත්‍ය
24 සුගත් තිලකරත්න මහතා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය
25 සුන්දරලිංගම් ප්‍රදීප් මහතා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය
26 නීතිඥ සුනිල් වටගල මහතා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
27 වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය
28 ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය
29 වෛද්‍ය සුසිල් රණසිංහ මහතා ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ද දිවුරුම් දීමේ අවස්ථාවට එක්ව සිටියේය.
නාගොඩ කැප්පිටියාගොඩ ප්‍රදේශයේ ගිං ගග හරහා ඇති යකඩ පාලමක් අලුත්වැඩියා කටයුතු සිදු ඉදිකරමින් සිටි පුද්ගලයකු අද (21) සවස පාලම කඩා වැටීම හේතුවෙන් පාලමේ මැ
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මඩකලපුව දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කළ එම්.එස් නලීම් මහතා පත් කර තිබේ.
කිරුලපන කාලිංග මාවතේ කොලොම්තොට සරසවි උයන මහල් නිවාස සංකීර්ණයේ දෙවන මහලේ නිවසක තනිව සිටි 70 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක් ඊයේ (21) දහවල් අභිරහස් ලෙස ඝාතනය ක
රුපියල් කෝටි දාහකට අධික මුදල් වංචා කළේ යැයි කියන කුරුණෑගල ’’ජෙනිසීස් බිස්නස් ස්කූල්’’නැමැති පිරමීඩාකාර නීති විරෝධී මුල්‍ය ආයතනයේ අධ්‍යක්ෂවරයා සහ ඔ
දස වැනි පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීමෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) දහවල් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති තේ පැ
රජයේ නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු පහක් සිටිති.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අද දිවුරුම් දුන් නියෝජ්‍ය ඇමැතිවරු මෙන්න