IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


අධිකරණ තීන්දුවට පිටුපා පොලිසිය මාධ්‍යයට බාධා කරයි

(නිමන්ති රණසිංහ)

ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය ගොඩගැනීම විවෘතව සිදුකරන ලෙසට අධිකරණය දැනුම් දී තිබියදීත් පොලිසිය මාධ්‍යයට අවහිර කළ බව මාධ්‍යවේදීහු චෝදනා කරති.

එම ස්ථානයට මාධ්‍යවේදීන්ට යාමට ඉඩ නොදී මාධ්‍ය කටයුතුවලට පොලිසිය බාධ කර ඇතැයි ද මාධ්‍යෙව්දීහු පවසති.

සිරුර ගොඩ ගැනීම කටයුතු රහසිතව සිදුකරන ලෙසට පවුලේ ඥාතීන් අධිකරණයෙන් කළ ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය  ප්‍රතික්ෂේප කළේය.

දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය ගොඩගන්නා අවස්ථාව රහසිතව සිදුකිරීමට අවසර දෙන ලෙසත් එය නිරික්ෂණය කිරීම සදහා පවුලේ වෝහාරික වෛද්‍යවරයා එම ස්ථානයට කැදවීමට අවසර ලබා දෙන ලෙසත් මරණකරුගේ පවුලේ ඥාතීන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ අනූජ ප්‍රේමරත්න මහතා එලෙස ඉල්ලීමක් කළේය.

මෙම මරණයට අදාළව විශාල කැපකිරීමක් සිදුකළ අධිකරණය එය ස්වාධීනව කිරීම සදහා විශේෂ කමිටුවක් පත් කර ඇති බවත් එයට බලපෑම් එල්ල කිරීමට තමන් අකමැති බවත් සදහන් කළ මහේස්ත්‍රාත්වරිය, එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කර අද (25) පෙරවරු 8.30 වන විට දේහය ගොඩගන්නා ස්ථානයට පැමිණෙන ලෙසට පවුලේ ඥාතීන්ට නියෝග කළාය.

 



අදහස් (3)

අධිකරණ තීන්දුවට පිටුපා පොලිසිය මාධ්‍යයට බාධා කරයි

ලුම්බිණි Thursday, 25 May 2023 10:17 AM

දැන් පේන විදියට වැඩිපුරම අධිකරණ තීන්දු වලට් විරුද්ධව කටයුතු කරන්නේ රාජ්‍ය අංශය බවයි පෙනෙන්නේ.

:       2       11

Muthu Thursday, 25 May 2023 11:01 AM

ඔය කමිටුව දැම්මේ ඔය කේස් එක කොන්ක්‍රීට් කරලා වහලම දාන්න. ඕකෙන් පස්සේ සේරම ඉවරයි. කිසිම අපරාධකාරෙයක් නැති නඩුවක් හැටියට නීත්යානුකුලවම ඉවර වෙනවා.

:       2       14

Chamila Jayasundara Thursday, 25 May 2023 02:15 PM

මහ දවල්, මේන් සිටි එකක මරපු කේස් එක තාම හොයනවා... ලැජ්ජයි..!

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 774 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 460 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site