(සුජිත් හේවාජුලිගේ )
සංචරණ සීමා හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ආදායම සියයට 50කින් පමණ අඩු වී ඇතැයි එම මාර්ගයේ මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශයේ වැඩබලන අධ්‍යක්ෂ මිහාල් ලොඩ්වික් මහතා ලංකාදීපයට පැවැසීය.
ආදායම මෙසේ සියයට 50 කින් පමණ පහත වැටී ඇත්තේ සංචරණ සීමා හේතුවෙන් මාර්ගයේ වාහන ගමනාගමනය හරි අඩකින් පමණ අඩු වීම නිසා යැයිද ඔහු ප්‍රකාශ කළේය.
රට පසුගිය 25 වැනිදා විවෘත කෙරුණු අවස්ථාවේදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කර තිබූ වාහන සංඛ්‍යාව හතළිස් හය දහස් හය සියයකි.
එම දිනයේ දී ලැබූ ආදායම රුපියල් එක්කෝටි විසි ලක්ෂයකි.
මේ දිනවල එම ආදායම ඊටත් වඩා අඩු වී ඇතැයිද වැඩබලන අධ්‍යක්ෂක වරයා කීවේය.
සාමාන්‍යයෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වෙනත් සාමාන්‍ය දිනක වාහන ලක්ෂයකට අධික සංඛ්‍යාවක් ධාවනය කෙරෙන අතර සාමාන්‍ය දිනයකදී උපයන ආදායම රුපියල් දෙකෝටිඅසූ ලක්ෂයකට ආසන්න යැයිද මිහාල් ලොඩ්වික් මහතා සඳහන් කළේය.
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අධිවේගයේ ආදායම අධිවේගයෙන් පහතට
සනත් Friday, 28 May 2021 11:38 AM
මුලු ලෝකයම සහ ලංකාව මේ වගේ සංචරණ සීමා දාලා තියෙද්දී ආදායම විතරක් අඩුනොවී තියෙනවායැ..?
මුණසිංහ Friday, 28 May 2021 12:38 PM
ඕක පුදුම වෙන්න දෙයක් නැහැ. එහෙම තමයි....
චමින්ද Friday, 28 May 2021 01:43 PM
මාතෘකාව දැක්කම මට හිතුනේ ගිලන්රථ වලින් ගාසිතු අය නොකරපු නිසා කියල කියාවි කියලයි.