(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර 25.5 දොඩංගොඩ සහ ඒ ආසන්නයේ සිදුවූ තවත් අනතුරකින් සිව් දෙනකුගෙන් යුත් එංගලන්ත ජාතික පවුලක් ඇතුළු හය දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි දක්ෂිණ අධිවේගී රථ වාහන පොලිසිය කියයි.
තුවාල ලද විදේශීය පිරිස අතර මව පියා සහ දියණියන් දෙදෙනකුද වන බව පොලිසිය කියයි. එංගලන්ත ජාතික පවුලේ පිරිස රැගත් සුඛෝපභෝගී වෑන්රථය කටුනායක ගුවන් තොටුපොළ කරා යමින් සිටියදී ඉදිරියෙන් කොළඹ දෙසට ගමන් ගත් ලොරි රථයක පිටුපස ගැටී අනතුරට ලක්වීමෙන්එංගලන්ත ජාතික යුවළ සහ ඔවුන්ගේ දියණියන් දෙදෙනා තුවාල ලබා ඇතැයි පොලිසිය පැවසීය.
එයින් මඳ වේලාවකට පසු දොඩංගොඩ දෙස සිට කොළඹ දෙසට ගමන් ගත් ලොරියක පිටුපස ගැටීමෙන් මෝටර් රථයක් අනතුරට පත් වී ඇත. එහිදී ලොරි රියදුරු සහ සහායක ද තුවාල ලබා ඇතැයි පොලිසිය සඳහන් කරයි.
2025 වර්ෂය සඳහා වෛද්‍ය සැපයීම් අංශයට අවශ්‍ය ශල්‍ය ගෝස් ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් තනතුරකට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
බටලන්ද වධකාගාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව පිළිබඳ විවාදය ලබන 10 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (2) තීරණය
කොලිස්ටිමෙතේට් සෝඩියම් එන්නත 1,000,000 IU වයල් 150,000 ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
උත්සව සමය තුළ වෙලදපොලේදී පාරිභෝගිකයන් අසාධාරණයට ලක්වීම වැලැක්වීම සදහා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ආරම්භකර ඇති විශේෂ වැටලීම් වැඩසටහන යටතේ දිවය
එක්සත් රාජධානිය විසින් ශ්‍රී ලාංකිකයන් 4 දෙනෙකු වෙත සම්බාධක පැනවීම ගැන ඉදිරි පියවර ගැන වාර්තාවක් සැකසීම සඳහා අමාත්‍ය කමිටුවක් පිහිටුවීමට කැබිනට් මණ්
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
අධිවේගයේ අනතුරු දෙකකින් 6ක් රෝහලේ
රම්බොඩ Tuesday, 01 April 2025 10:12 AM
ලොරි රථ වැනි බර වාහන වලට වම් මංතීරුවේ පමණක් ගමන් කරන නිතිය තියෙන්න ඕන. වෙනත් රටවල එහෙමයි. බර වාහන අධිවේගයේ රේස් යනවා. මේවා පාලනය කරනොගත්තොත් තව තව අණතුරු වෙයි.
ගුණරත්න Tuesday, 01 April 2025 11:02 AM
අධිවේගයේ අනතුරක් කිව්වොත් හැමදාම වගේ අහන්න ලැබෙන්නේ ලොරියක පස්සේ හැප්පිලා වුනු අනතුරු,
Tuan Babanoor Tuesday, 01 April 2025 12:34 PM
බර වාහන වල පිටිපස්සෙන් හැප්පිලා තමා හුගක් අනතුරු වෙන්නේ . හේතුව : සමහර බරවාහන දුවන්නේ Kmph 50 වගේ. අඩිවේගයේ අවම වේගය Kmph 80 කරන්න.තවද ටයර වල ප්‍රෝෆයිල් නැති වාහන සහ ප්‍රමිතියට නැති වාහන වලට අඩිවේගයට ඇතුල් වීමට ඉඩ නොදී යුතුය. සියලුම බර වාහන වමෙන් ගමන් කර යුතුය
Neel Tuesday, 01 April 2025 01:31 PM
අඨීවේගයේ යන්න පලපුරුද්දක් තියෙන්න ඕන ...
ISHARA Tuesday, 01 April 2025 02:11 PM
බර වාහන හිමින් යන එක තමයි අවුල, උපරිම වේගය 100km/h , කරා වගේම, අවම වේගයත් 70km/h වත් කරන්න ඕනි.