(එම්.සුසිල් පියන්ත)
ගාලු පාරේ බළපිටිය බේරතුඩුවේදී යතුරු පැදියක් බස් රථයක ගැටී සිදු වූ අනතුරකින් යතුරු පැදියේ ගමන් ගත් ගාලු දිසා බාලදක්ෂ කොමසාරිස්වරයකු මිය ගොස් ඔහුගේ දියණිය තුවාල ලබා රෝහල් ගත කළ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
මේ අනාතුරින් මිය ගොස් ඇත්තේ අම්බලන්ගොඩ ප්‍රජාපතීගෝතමී බාලිකා විදුහලේ ආචාර්යවරයකු හා ගාලු දිසා බාලදක්ෂ කොමසාරිස්වරයකු වන බළපිටිය සිරිසේන මාවත පදිංචි අගම්පොඩි ගාමිණී සේපාල ද සොයිසා නමැති පනස් හය හැවිරිදි තිදරු පියෙකි.
පෞද්ගලික නිවසක පැවති උපකාරක පංතියකින් සිය දියණිය රැගෙන නිවස බලා යතුරු පැදියෙන් යමින් සිටියදී ක්‍රියා විරහිතව නතර කර තිබූ බස් රථයක ගැටී මේ අනතුර සිදුව ඇතැයි පොලීසිය කියයි.
මේ අනතුරින් තුවාල ලැබූ මිය ගිය තැනැත්තාගේ දියණිය මේ වනවිට බලපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඇයගේ තත්ත්වය බරපතල නොවන බවත් පොලීසිය කියයි.
ශ්රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්
එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය
මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ
මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අනතුරින් ගාලු බාලදක්ෂ කොමසාරිස් මරුට
සමීර ශාන්ත Saturday, 13 May 2023 11:00 AM
අනේ මගේ සර්. දෙවියෙක් වගේ ගුරු පියාණන් කෙනෙක්. මා දකින ලෝකයේ හොඳම ගුරුපියාණන් ඔබයි... ආදරණීය ගාමිණී ගුරුපියාණනි...! අහුන්ගල්ල රාජපක්ෂ මහා විද්‍යාලයේ සිසුන්ට ඔබ තාත්තා කෙනෙක් වගේ. සිසුන් වෙනුවෙන් තමන්ගේ කාලය, ශ්‍රමය, වාහන, මුදල් ඔබ වැය කළා. කෘෂිකර්ම විෂය, පරිසර නියමු භට, බාලදක්ෂ, සෙන්ජෝන් ගිලන්රථ, හස්ත සංඥා කණ්ඩායම්, ආදි විෂය පරිබාහිර ක්‍රියාකාරකම් සඳහා දරුවන්ට නායකත්වය දුන්නා. එකවරක් ඔබ වාහන අනතුරක් වෙලා කකුල කැඩිලා ගෙදර හිටියා. එත් ඔබට පාසල් දරුවන් නොදැක ඉන්න බැහැ. ඔබ බාලදක්ෂ කඳවුරක් ගෙදර ඇතිකරලා ළමයින්ට කන්න බොන්න දීලා මාසයක් බාලදක්ෂ ක්‍රියාකාරකම් ඉගැන්වූවා. තමන්ගේ දරුවන් වගේ අනිත් දරුවන්ට සැලකුවා. නායකත්ව ගුණාංග කියලා දුන්නා. ඔබ සිටින අවධියේ එකදිගට වර්ෂ ගණනාවක් ප්‍රධාන ශිෂ්‍ය නායකයින් ඔබේ බාලදක්ෂ කණ්ඩායමෙන් ඔබ බිහිකළා. සමාජ සේවා රැසක් ඔබ අතින් ඉටු වුණා. රැයක්, දහවලක් නැහැ පාසලේ ගතකළා.. අනේ සර් මොකද වුනේ මේ... 2005 වර්ෂයේ දී බලපිටිය කොට්ඨාසයේ ප්‍රථම ජනපති බාලදක්ෂයා ඔබ බිහි කළා... ලබන ආත්මයෙත් මගේම ගුරුපියාණන් වෙලා එන්න සර්...!
Bunny Preena Saturday, 13 May 2023 12:33 PM
කණගාටුදායක පුවතක්... සමහර දෙමව්පියන්ට රෑට නින්දට යනකන් දවස පුරාම වැඩ. රටේ වෙන දේවල් දැක්කාම දෙමව්පියන් තම දරුවන් තනියෙන් උපකාරක පන්තිවලට යවන්න අකැමැතියි. නතර කර තිබූ වාහනයක ගැටී මිය ගියා කියන්නේ, එතකොට මෙතුමාට නින්ද ගියාවත්ද? නැතිනම් හෘදයාබාධයක් හැදුණාවත්ද? ඔහුට නිවන් සුව ප්‍රාර්ථනා කරමි.
ලුම්බිණි Saturday, 13 May 2023 05:40 PM
ඉතාම කණගාටු දායකයි...!
රන්ගන Saturday, 13 May 2023 07:12 PM
සර්... හොඳ කෙනෙක්. හොඳ ගුරුවරයෙක්. හොඳ මනුස්සයෙක්. මමත් පාසල් කාලේ ඉතා ළඟින් ආශ්‍රය කරපු කෙනෙක්. නිවන්සුව පතනවා සර්ට. අවාසනාවන්ත සමුගැනීමක්...!