IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


අනතුරින් පොලිස් සැරයන් මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ,බුද්ධික කුමාරසිරි සහ එච්.එස්.නන්දන)

අවිස්සාවේල්ල පුවක් පිටිය තුම්මෝදර ඉලුක් පිටියේ ප්‍රදේශයේදී සිමෙන්ති පැටවූ ලොරියක් සහ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ගමන් ගත් යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් පොලිස් සැරයන්වරයෙකු එතනම මරුමුවට පත් වී කොස්තාපල්වරයකු බරපතල තුවාල ලබා ඇතැයි හංවැල්ල පොලිසිය කියයි.

අනතුරින් මියගොස් ඇත්තේ පොලිස් විශේෂ කාර්යාංශයේ හෝමාගම පොලිසියට අනුයුක්ත හංවැල්ල උප ඒකකයේ පොලිස් සැරයන් 39086 ධර්මසිරි නැමැති නිලධාරියෙකි.

තුවාල ලබා ඇත්තේ කසුන් නමැති කොස්තාපල්වරයෙකි.

මියගිය සැරයන්වරයා කොස්තාපල්වරයා සමඟ රාජකාරී කටයුත්තක් සඳහා යමින් සිටියදී මාර්ගයේ අපරික්ෂාකාරී ලෙස සිමෙන්ති ලොරිය ඉදිරියට එනු දැක යතුරුපැදිය මාර්ගයේ අයිනට කර නතර කර ඇති අතර ඒ සමගම ලොරිය යතුරු පැදියේ ගැටී එයත් සමගම අසල බෑවුමෙන් ඇළ මාර්ගයෙන් පහළට වැටී ඇතැයි පොලිසිය කියයි.

අනතුර ස්ථානයේම සැරයන් වරයා මියගොස් ඇති අතර කොස්තාපල්වරයාගේ පාද දෙකට බරපතළ තුවාල සිදුවී තිබී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

(ඡායා බිමල් ශ්‍යාමන් ජයසිංහ)



අදහස් (1)

අනතුරින් පොලිස් සැරයන් මරුට

Suranga Monday, 29 July 2024 03:37 PM

අනතුරක් සහිත වාහනයක් ඉදිරියට එනවා නම් යතුරු පැදිය අයිනේ නවතාගෙන සිටීම මරණය වෙන්න හේතුවක් වෙනවා හරියටම අවුරුද්දකට පෙර කිරිඇල්ලේ පොලිසිය අසලදී තරුණ යුවලක් අකාලයේ මියගියේද කාළකණ්නි ඩිපෙන්ඩර් රියදුරෙකුගේ නොහික්මුණු ගතියපාමින් වැරදි මංතීරුවේ ගමන් කිරීම කරද්දී යතුරු පැදිය මග අයිනේ නවතාගෙන සිටීම නිසා තමයි

:       0       5

ඔබේ අදහස් එවන්න

දියත

කොට්ටාවේදී දුම්රිය ඇන්ජිම තනිවම ගිහින්
2024 සැප්තැම්බර් මස 24 719 1

කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ


ඡන්දෙට ගමට ආ අයව බස් කාක්කෝ වවාගෙන කති
2024 සැප්තැම්බර් මස 24 396 0

ජනාධිපතිවරණයට ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රදේශයට පැමිණි පිරිසට ආපසු රැකියා ස්ථාන සදහ


ජපානයට භූ කම්පනයක්: සුනාමි අනතුරු අගවයි
2024 සැප්තැම්බර් මස 24 312 0

ජපානයේ ඉසූ දූපත් ආසන්නයේ රික්ටර් මාපකයේ 5.6 ක අගයක් ගත් භූමි කම්පාවක් හටගත් බව ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේය.


පාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි?
2024 සැප්තැම්බර් මස 24 2486 3

පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


තෙප්පම පෙරැළි ධීවරයා මරුට
2024 සැප්තැම්බර් මස 24 114 0

යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.


ජනපති දවටගහ පල්ලියට යයි
2024 සැප්තැම්බර් මස 24 1593 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32756 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23870 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 459 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 209 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site