IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


අන්තර්වාර රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස මුහම්මද් යූනුස් දිවුරුම් දෙයි

(විමුක්ති එස් රුද්‍රිගු)

නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ මහාචාර්ය මුහම්මද් යූනුස් බංග්ලාදේශ අන්තර්වාර රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස අද(08) රාත්‍රී 8ට දිවුරුම් දෙනු ඇතැයි එරට හමුදා ප්‍රධානි ජෙනරාල් වකර් උස් සමාන් ප්‍රකාශ කළේය.

මහාචාර්ය යූනුස් සමඟ නව අන්තර්වාර රජය ද දිවුරුම් දෙනු ඇතැයි ඔහු පැවැසුවේය.

සාධාරණ මැතිවරණයක් පවත්වා බංග්ලාදේශයට ප්‍රජාතන්ත්‍රවාදී රජයක් පත්කර ගැනීම ප්‍රධාන කාර්යභාර්ය කරගත් 15 දෙනකුගෙන් යුත් උපදේශක සභාවක් මෙලෙස අන්තර්වාර රජය ලෙස පත්කරන බවත් එහි ප්‍රධාන උපදේශකවරයා මහාචාර්ය මුහම්මද් යූනුස් වනු ඇති බවත් ජෙනරාල් සමාන් ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීම සඳහා මහාචාර්ය යූනුස් අද(08) ඩුබායි සිට බංග්ලාදේශය බලා පියාසර කරනු ඇති බවද ජෙනරාල් සමාන් පැවැසුවේය.මහාචාර්ය මුහම්මද් යූනුස් අන්තර්වාර රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමත් සමග බංග්ලාදේශය සන්සුන් වීමට පටන්ගෙන ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

බංග්ලාදේශ අන්තර්වාර රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස මුහම්මද් යූනුස්  පත් කිරීමට කටයුතු යෙදුණේ, විරෝධතාවලට නායකත්වය දුන්  "වෙනස්කම්වලට එරෙහි ශිෂ්‍යයන්" ව්‍යාපාරය ඇතුළු සෙසු සිවිල් සංවිධාන කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමිනි.

ශිෂ්‍ය විරෝධතා හමුවේ, බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය ෂෙයික් හසීනා, අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වී, රටින් ද පලා යෑමෙන් පසු, හමුදාව විරෝධතාකරුවන්ට පැවැසුවේ තමන් මැදිහත් වී අන්තර්වාර රජයක් පිහිටුවන බවය. කෙසේ නමුත් විරෝධතාකරුවන් ඊට දැඩි ලෙස විරෝධය දැක්වූ අතර, ඔවුන් එක් හඬින් කියා සිටියේ අන්තර්වාර අග්‍රාමාත්‍යවරයා ලෙස මහාචාර්ය මුහම්මද් යූනුස් පත් කළ යුතු බවය.

ඒ අනුව, බංග්ලාදේශ ජනාධිපති මොහොම්මද් ෂහබුදීන් සහ ශිෂ්‍ය සංගම් නායකයන්, ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්, විපක්ෂ දේශපාලන නායකයන් අතරේ හමුවක් පැවැත්වුණු අතර, එහිදී නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස් අන්තර්වාර රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමට පාර්ශ්වයන්ගෙන් කැමැත්ත ලබා ගත්තේය.

ආර්ථික විශේෂඥයෙක් වන මහාචාර්ය මුහම්මද් යූනුස් සිවිල් සමාජ ක්‍රියාකාරියෙක්ද වේ.  බංග්ලාදේශ දිළිදු වැසියන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමේ අරමුණින්, ක්ෂුද්‍ර ණය සහ ක්ෂුද්‍ර මූල්‍ය සංකල්ප හඳුන්වා දීම සම්බන්ධයෙන් මහාචාර්ය මුහම්මද් යූනුස්ට නොබෙල් සාම ත්‍යාගය 2006 වසරේ දී හිමිවූවේය.

බංග්ලාදේශයේ රජයේ රැකියා කෝටාවට විරෝධයපාමින් සහ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ රජය එළවා දැමීම සඳහා පැවැති විරෝධතවලදී 455 කට වැඩි පිරිසක් මියගියහ.



අදහස් (4)

අන්තර්වාර රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස මුහම්මද් යූනුස් දිවුරුම් දෙයි

Rohana Wednesday, 07 August 2024 09:37 PM

ප්‍රජාතන්ත්‍රවාදය නමින් බලයට පත්වී අධිකාරිවාදී පාලනයක් ගෙන ගිය අගමැති ෂෙයික් හසීනාට අවසානයේ අගමැති ධුරය හැරදමා රටිනුත් පිටවන්න සිදුවුනා. හසීනා යටතේ රට දියුණුවූවත් ඒ දියුණුවේ ඵලය බහුතර ජනතාවට අත්නොවීමේ ප්‍රතිවිපාක රජයක් පෙරලීමට තරම් ප්‍රබල විය...

:       0       0

primeshika Thursday, 08 August 2024 06:05 AM

මෙන්න මෙතැනදී තමයි මෙහෙ අරගලය එහෙ අරගලයෙන් වෙනස් වෙන්නේ. මෙහෙ අයට පැන්නුවාට පස්සේ පත්කරගන්නේ කවුද කියලා අදහසක් තිබ්බේ නෑ. කොහේවත් ඉන්න කෙනෙක් නිකන්ම රජ වුණා.

:       0       0

ජයනාත් Thursday, 08 August 2024 06:13 AM

බුද්ධිමත් තීරණයක්. එරට සමෘද්ධිමත් කිරීමට ශක්තිය ධෛර්යය එතුමන්ට ලැබේවා...!

:       0       0

Lalla Thursday, 08 August 2024 07:21 AM

ඉස්සර ආර් ප්‍රේමදාස අගමැති කාලයේ පටන්ගත්ත ඇඟලුම් කම්හල් දෙසීයක ව්‍යාපෘතිය හරියට පවත්වාගෙන යාමට චන්ද්‍රිකා කුමාරතුංග ආණ්‌ඩුව පියවර ගත්ත නම් අද බංග්ලාදේශය ලබන ආදායමෙන් ලොකු කොටසක් ලංකාවට එන්න තිබුණ. අනික ජවිපය ඇතුලු වාමාංශික කෙනෙහිලිකම්. කම්හල්වලට සගයො රිංගවල වර්ජන කරවල වට්ටවන ජරා වැඩේ.... අතයට මුදලට කරපු දේවල්...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 944 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 5728 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3273 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 282 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1453 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1570 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28419 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23593 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 407 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 190 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site