IMG-LOGO

2025 අප්‍රේල් මස 30 වන බදාදා


අන්තවාදයට පා පහරක් දුන් පාස්කු ඉරිදා ප්‍රහාර සැමරුම

අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරයට දින 365ක් පිරුණි. කොරෝනා මාරාන්තික වයිරසය ඉදිරිපිට අවිනිශ්චිත දින ගෙවා දමමින් සිටියද ශ්‍රී ලාංකේය සමාජය ආධ්‍යාත්මිකව ඒකාත්මික වෙමින් ආගමික උම්මත්තක අන්තවාදීන්ගේ බෝම්බ පිපුරුම් මැද අකාලයේ මරු වසඟයට පත් ජනයා අනුස්මරණය කළහ.

අප පුවත්පත සිය මුල් පිටුවේ සේයාරුවක් සමගින් වාර්තා කළ ප්‍රවෘත්තියක සඳහන් වූයේ කොළඹ ගංගාරාමයේ පාස්කු සැමරුම් පින්කමක් පැවැති බවය. බෙල්ලන්විල රාජමහා විහාරය ඇතුළු ලංකාවේ සෑම බෞද්ධ සිද්ධස්ථානවලම පාස්කු සැමරුම් පින්කම් පැවැති බව වාර්තා කළ අප පුවත්පත වැඩිදුරටත් වාර්තා කර තිබුණේ අනෙකුත් ආගමික ස්ථානවලද පාස්කු සැමරුම් පූජා පැවැති බවය. ඒ ක්‍රිස්තියානි ආගමික සිද්ධස්ථානවල පැවැති පාස්කු ප්‍රහාර සැමරුම් පුද පූජාවලට අමතරවය.

පාස්කු ප්‍රහාරය ක්‍රිස්තියානි ආගමිකයන් හා විදේශිකයන් ඉලක්ක කර ගනිමින් සිදු කළ බව බෝම්බ පුපුරවා හැරීමට තෝරාගත් ස්ථාන නිරීක්ෂණය කිරීමෙන් පැහැදිලිය. එහෙත් කිසිවකු හෝ එම ප්‍රහාරය එක් ආගමික උමතුවකින් පෙළෙන අන්තවාදීන් පිරිසක් තවත් ආගමක් ඉලක්ක කරමින් එල්ල කළ ප්‍රහාරයක් වශයෙන් හඳුනා නොගත්හ. ඒ වෙනුවට එම ප්‍රහාරය මනුෂ්‍යත්වයට එරෙහිව එල්ල කළ ප්‍රහාරයක් ලෙස ඉතාම නිවැරැදිව හඳුනා ගත්හ. එහෙයින්ම ඔවුහු අවුළුවාගත් මහා මිනිස් අනුරාගයකින් යුතුව කම්පනයට පත් වූහ. විපතට පත් ජනයා සමඟ අත්වැල් බැඳ ගත්හ. කවර ආකාරයක හෝ උම්මත්තක අන්තවාදයකට ඉඩ නොදිය යුතුය යන බලගතු අධිෂ්ඨානය මවු පොළොවෙන් පොදුවේ මතුවිය. මේ රටට අවශ්‍යම වී තිබූ ජාතික ආගමික සංහිඳියාව පාස්කු ප්‍රහාරයත් සමඟ නව වටයකින් රළ ගසා පෙරට පැමිණියේ එහෙයිනි.

ලෝකය පුරා ගැටුම්, යුද්ධ බල කාමයේ ප්‍රතිඵලයක් විනා අන් යමක් නොවේ. රටකට අදාළවද එය එසේමය. එහෙයින්ම විවිධ ගැටුම්, යුද්ධ විවිධාකාරයෙන් නිර්මාණය වේ. රටක ජිවත්වන ජනයා එම ගැටුම් හා යුද්ධවල පහසු ගොදුරු බවට පත්වන විට එම තත්ත්වයම උපයෝගී කර ගන්නා බලකාමීහු තමන්ගේ අරමුණු මුදුන් පමුණුවා ගනිති. ඒ වෙනුවෙන් පෙනුමෙන් වෙනස්, තමන්ගේ යැයි නොපෙනෙන බළල් අත්ද බලකාමීහු නිර්මාණය කර ගනිති.

පොදු මහජනයා එක පොකුරට එක පවුලක් මෙන් කටයුතු කරන්නේ නම් බලකාමීන්ට එය බාධාවකි. එහෙයින් ඔවුහු විවිධාකාරයෙන් ක්‍රියාත්මක වෙමින් එම ජනයා බෙදා වෙන් කරති. ඇතැම් විට ඒ ජාතිකත්ව පදනමින් විය හැකිය. නැතහොත් ආගමික පදනමකින් විය හැකිය. එසේත් නොමැතිනම් පළාත් භේදය වුව යොදා ගත හැකිය. කුල මල ප්‍රශ්න මුල් කරගෙන ගැටුම් ඇවිළී ගිය බවට උදාහරණ ඕනෑ තරම් ලෝක ඉතිහාසයෙන් උපයා ගත හැකිය.

ජනතාව බුද්ධිමත් විය යුත්තේ ඉහත පරිසරයට යටත්වය. තමන් ඉදිරිපිට මහා පරිමාණ බොරු වළවල් හාරා ඇති බව ජනතාව තේරුම් ගෙන එම වළවල්වල නොවැටී සිටීමේ ප්‍රඥාව දියුණු කරගත යුතුය. කළු ජුලිය හරහා අප රටට සිදුවූ හානිය අති මහත්ය. එය ඉතිහාසයෙන් මකා දැමිය නොහැකි මහා කළු පැල්ලමකි.

එක් අතකින් අප රටේ බහුතරයක් ජනයා බුද්ධිමත් වෙති. කළු ජූලියෙන් ඉගෙන ගත් පාඩමට අනුව යමින් ප්‍රභාකරන්ගේ මළ කඳ සොයා ගත් දිනයේදී එම විජයග්‍රහණය සැමරුවේ කිසිදු දෙමළ වැසියකුගේ සිතක් නොරිදෙන පරිද්දෙනි. පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසුව වුවද අපගේ ජනයා මනා සංයමයකින් අවබෝධයකින් කටයුතු කළහ. එසේ නොවුණේ නම් එම ගිනි දැල් නිවා දැමීමට සෑහෙන තරමේ කාලයක් ගතවනු ඇත.

පොදුවේ බෞද්ධ විහාරස්ථානවලත්, අන්‍යාගමික ස්ථානවලත් පාස්කු ඉරිදා ප්‍රහාරය සිහිපත් කරමින් ආගමික කටයුතු සිදු කිරීම තර වෙමින් පවතින ආගමික සහජීවනය තව තවත් සවිමත් කිරීමකි. අප කවර භාෂාවක් කතා කළද කවර ආගමක් ඇදහුවද කවර දේශපාලන හෝ සමාජ මතයක් දැරුවද අපි මූලික වශයෙන් මනුෂ්‍යයෝ වෙමු. එකිනෙකා අතර ඇති අවියෝජනීය බැඳීම එම මනුෂ්‍යත්වයම විනා අන් යමක් නොවේ.

කොරෝනා මාරාන්තික වයිරසය නිහඬව මානව සමාජයට උගන්වන පාඩමක් තිබේ. එනම් මරණයට විශේෂත්වයක් නැති බවය. එයට බාධා නැති බවය. මහ පොළොව මත උපදින මිනිසා මහ පොළොව මත ජීවත් වන මිනිසා අවසානයේදී මහ පොළොවේ හතර රියනක උරුමය ලබා අවසන් ගමන් යයි. හිස් අතින් ඉපදෙන අප මිය යන්නේද හිස් අතින්මය. ජීවිතය සහ උපත හා විපත අතර ඇති පටු තීරය පමණි. එහෙයින් මනුෂ්‍යත්වය රැකගෙන ජීවත්වීම හැර අන් විකල්පයක් මිනිසාට නැත. ආගමික සංහිඳියාවෙන් කුළු ගැන්වෙන අර්ථය එයම විනා අන් යමක් නොවේ.



අදහස් (1)

අන්තවාදයට පා පහරක් දුන් පාස්කු ඉරිදා ප්‍රහාර සැමරුම

Raveendra Friday, 24 April 2020 05:35 PM

අන්තවාදය පිලිබදව කතුවැකිය මගින් ඉතාමත්ම හොද විග්‍රහයක් කර තිබුනත් " අන්තවාදයට පා පහරක් දුන් පාස්කු ඉරිදා ප්‍රහාර සැමරුම " යන වාක්‍ය පිලිබදව යමක් සදහන් කිරීමට කැමැත්තෙමු. මෙම අන්තවාදය තාවකාලිකව " ඥානය පාවිච්චි කර ඉතාමත්ම හොදින් පරිසරයට අනුවර්තනය වුවා පමණි ". හොදින් පරිසරයට අනුවර්තනය වුවා යනු අනිකාට එකවර හදුනාගැනුමට අපහසුවුවා පමණි. එබැවින් මෙම " වල්ඌරු පරපුරේ අක්මුල් හබාගොස් ගලවා පුළුස්සා දැමීමෙන් " යම්තාක් දුරට සැනසීමක් ගැන සිතීමට හැක. එබැවින් අප අපගේ සිත් රවටා ගෙන ඉදිරි අනාගත පරපුරට හිගන්නාගේ තුවාලය විදවීමට ඉඩ දෙනවාද යන්න සියලුම වගකීම් සහිත ඒ ඒ ආයතන සිය දහස්වර සිතිය යුතුය..

:       211       678

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ජී.එස්.පී සහනයට යුරෝපා සංගමයෙන් කොළ එළියක්
2025 අප්‍රේල් මස 30 65 0

GSP+ සමාලෝචනය සම්බන්ධයෙන් ධනාත්මක ලෙස සලකා බලන බව යුරෝපා සංගමයේ දකුණු ආසියානු අංශයේ ප්‍රධානී චාල්ස් වයිට්ලි ( Charles Whiteley) මහතා ජනාධිපති අනුර දිසානායක මහතා හම


මාධ්‍යවේදීන්ට චීනයෙන් පුහුණුවක්
2025 අප්‍රේල් මස 30 78 1

මෙරට රජයේ රෝහල් පද්ධතියේ කිසිදු ආකාරයකින් ඖෂධ හිඟතාවයක් ඇති වීමට ඉඩ නොතබන බවත්, එම ඖෂධ සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා අවශ්‍යවන යාන්ත්‍රණය මේ වන විට


පාඨලීට එරෙහි නඩුවකට දින දෙයි
2025 අප්‍රේල් මස 30 215 1

2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේ රිය අනතුරක් කිරීම, එහි සාක්කි වසන් කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, වැලිකඩ පොලිසියේ ස්ථානා


හිටපු පොලිස්පතිවරයකුගේ ඉඩමකින් ප්‍රභූ ආරක්ෂක ගිණිඅවියක් සොයාගනියි
2025 අප්‍රේල් මස 30 724 1

වරකාගොඩ කටුහේන බලිකන්ද ප්‍රදේශයේ හිටපු පොලිස්පතිවරයෙකුට අයත් බව කියන ඉඩමක වල දමා තිබූ ප්‍රභූ ආරක්ෂක ගිනි අවියක් අද (30) උදෑසන සොයාගත් බව වරකාගොඩ පොලිසි


ශ්‍රී ලංකාව ඇමරිකා ඩොලරයෙන් ඉවත්විය යුතුයි
2025 අප්‍රේල් මස 30 727 1

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් යම්තාක් දුරකට හෝ මිදීම සදහා ඇමරිකානු ඩොලරය වෙනුවට වෙනත් විදේශ මුදල් ඒකක සමග කටයුතු කිරීම වාසිදායක බව පෙරටුගාමී සමාජවාද



මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 199 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 57 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1086 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site