IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


අනියම් සැමියා ඝාතනය කළ කාන්තාවක් පොලීසියට බාර වෙයි

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

හෝමාගම මාකුඹුර කුලතුංග මාවතේ කුලි නිවසකදී  26 හැවිරිදි අනියම් සැමියාගේ ගෙල වයරයකින් සිරකර ඝාතනය කිරීමේ සිද්ධිය ක්  සම්බන්ධයෙන් හතළිස් එක් හැවිරිදි දෙදරු මවක් (24) දා අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ මාතර දෙයියන්දර ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අවිවාහක පුද්ගලයකු බව පොලීසිය කියයි .

වසර පහක පමණ සිට පැවති අනියම් ප්‍රේම  සබඳතාවකින්  විරසක වි හෝමාගම ප්‍රදේශයේ කුලි නිවසක රහසිගතව පැමිණ  ජීවත්ව සිටියදී මියගිය පුද්ගලයා එම නිවසට පැමිණ ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙසේ ඩේටා වයරයකින් ගෙල සිරකර ඝාතනය කර තිබුණි .

සිද්ධියෙන් පසුව සැකකාර කාන්තාව කොට්ටාව පොලිසියට භාර වී ඇති අතර පසුව හෝමාගම පොලිසිය මගින් සැකකාරියන් අත්අඩංගුවට ගෙන තිබුණි.

සිද්ධිය වූ ස්ථානයට නුගේගොඩ කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ ආයතන නිලධාරීන් හා හෝමාගම වැඩබලන මහේස්ත්‍රාත් තුමිය  පැමිණ ස්ථානය   පරීක්ෂණ ආරම්භ කිරීමෙන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන යන ලෙස පොලිසියට නියෝග කලාය.

ඒ අනුව සිද්ධියට සම්බන්ධව කැකිරාව ප්‍රදේශයේ පදිංචි හතළිස් එක් හැවිරිදි දෙදරු කාන්තාවක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .

හෝමාගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. 



අදහස් (0)

අනියම් සැමියා ඝාතනය කළ කාන්තාවක් පොලීසියට බාර වෙයි

ඔබේ අදහස් එවන්න

දියත

මත්ද්‍රව්‍ය සමඟ තායි කත ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 15 785 0

රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා


මැති සබේට යන සාමාජිකයෝ
2024 නොවැම්බර් මස 15 3931 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 4926 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 12877 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 4503 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 588 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 271 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 587 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1706 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site