(නිමල කොඩිතුවක්කු)
නිර්ධන පන්තිය නියෝජනය කළ අනුර කුමාර දිසානායක ජනාධිපති වූ පසු නිර්ධන පන්තිය අමතක කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
අද වන විට විපක්ෂ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර වෙනස ජනතාවට පැහැදිලි බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
විපක්ෂයේ සිටි අනුර කුමාර දිසානායක මහතා වැඩ කරන ජනතාව, පොදු ජනතාව, සාමාන්‍ය ජනතාව වෙනුවෙන් හඩක් නැගූ නමුත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට දුප්පත් ජනතාව වැඩ කරන ජනතාව ගොවි ධීවර කම්කරු ජනතාව අමතක වී ඇතැයිද ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් අපේක්ෂකයන් දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු පැවසීය.
රටේ ජනතාව විදින දුක වේදනාව පීඩනය අසහනය ගැන ජනාධිපතිවරයාට හෝ රජයට අවබෝධයක් නොමැති බැවින් ජන දුක තේරෙන පිරිසකට ඉදිරියේදී ගම භාර කළ යුතු බවත් ප්‍රේමදාස මහතා කීවේය.
එදා විදුලි බිල තුනෙන් එකකින් අඩු කරනවා කිව්වත් අද එය නොවූ බවත් ජනතාවගේ පීඩනය මත මහජන උපයෝගීතා කොමිසම 20%කින් විදුලි බිල අඩු කිරිමට නියෝග කළ නිසා විදුලි බිල අඩු කිරීමට හැකි වූ බවත් ඔහු සඳහන් කළේය.
ඉන්ධන ගෑස් මිල ඇතුළු බඩු මිල සම්බන්ධයෙන් ද රජයට කිසිවක් කර ගත නොහැකිව කෙදිරි ගාමින් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ වන විට කිරිපිටි මිල, සහල් මිල, පොල් මිල වැඩි වී ඇති මොහොතක නහයෙන් අඩමින් කෙදිරි ගාමින් බල්ලන්ට වදුරන්ට වරද පටවා වැඩක් නොකර කෙදිරි ගාමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.
ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට ජනතාවගේ අපේක්ෂා ඉටු කිරීමට නොහැකි වීම නිසා ජනතාව දැඩි පීඩනයකින් ජිවත් වන බවත් පාසල් උපකරණවලට සහ අත්‍යාවශ්‍ය ආහාරවලට පවා වැට් ගසා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රැකියා ලබා දෙනවා කියා රැකියා විරහිත උපාධිධාරින් රවටා ඡන්දය ගෙන අද එම රැකියා විරහිත උපාධිධාරින් මහපාරට ඇද දමා ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.
ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 17 කනුව ප්‍රදේශයේ මීට සුලු මොහොතකට පෙර අද (01) සිදු වූ නායයාමක් හේතුවෙන් මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා සිදුව ඇතයි ආපදා කළමනාක
එක්සත් ජාතික පක්ෂයේ උප නායක ධූරය සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පත් කරනු ලැබ තිබේ.
අනුරාධපුර ආලංකූලම වැව් ඉස්මත්තේ ඇති වගුරු සහිත කුඹුරු බිම සහ හග්ගමුව කැලේ සහිත අක්කර ගණනාවක භූමිය ලබා දී ඇත්තේ නිසි ක්‍රමවේදයට නොවන ආකාරයට ගොවිජන සංව
කොලොන්නාව සිට මඩකලපුව බලා ධාවනය වූ ඩීසල් හා පෙට්‍රල් ප්‍රවාහන බවුසරයක් මනම්පිටිය ආච්චිබෝක්කුව ප්‍රදේශයේදී අද සවස 4.00 ට පමණ පාරෙන් ඉවතට පෙරළී මෙන් එහි
ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ පෝෂ්‍යදායි ආහාරවේලක් පහසු මිලට ලබා දීමට රජය හඳුන්වාදුන් වැඩසටහන නාරාහේන්පිට ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ “පැ
ගාල්ලේ විදුහලක ගුරුවරයෙකුගේ පහරදීමකින් කනට බර පතල තුවාල සිදුව ඇති සිසුවෙකු අද (01) සවස කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
’’අනුර ජනාධිපති වූ පසු ගම අමතක කරලා’’
Kazi Shajahan Thursday, 27 March 2025 04:34 PM
මේ සැරෙන්වත් ගොඩ එන්න බලන්න..ඔබතුමාත් කතාව විතරයි, හැමදාම පරාදයි... දැන් ඇතිවෙලා ඉඳලා..
Thushara Thursday, 27 March 2025 04:54 PM
අනිත් ජනාධිපතිවරුන්ට ගම මතක තිබුණු විදිහ මතකයි! ගොඩාක් අයට මතක තිබුනේ උපන් ගම විතරයි...
කුමාර Thursday, 27 March 2025 05:22 PM
විපක්ෂනායක තුමාට පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵල ආවාම දැනගන්න පුළුවන් වෙයි ගම කා එක්කද කියලා...!
ගමේ එකාලා Thursday, 27 March 2025 06:32 PM
අපේ ජනතාවාදී නායකයා ගැන අපි බලාගන්නම්. තමුන් පක්ෂයේ වැඩ ගැන හරියට බලාගත්තා නම් පක්ෂයේ ඉන්න අයත් අයින් වෙයිද? හැමදාම විපක්ෂ නායකයා තමයි...!
පොඩිඑකා Thursday, 27 March 2025 07:06 PM
මෙයා ආවා නම් ගම කාලයි නවතින්නේ...!
Neel Friday, 28 March 2025 04:35 AM
හැම තැනම බස් රථ වලින් පුරවයි...
අරවින්ද මොණරවිල Friday, 28 March 2025 01:41 PM
ෂටප් ඇන්ඩ් සිට් ඩවුන් !
කිරු Monday, 31 March 2025 07:59 AM
කඳ බඩ වැඩුනට මොලේ වැඩිල නෑ. ඒකයි ඔය.