(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසම විසින් තමන්ට එරෙහිව සිදුකර තිබෙන නිර්දේශ බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සහ ජේෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර යන මහත්වරු විසින් ඉදිරිපත් කළ පෙත්සම් සලකා බැලීම සඳහා ලබන 25 වැනිදා කැදවීමට අභියාචනාධිකරණය නියම කළේය
මෙම පෙත්සම් අභියාචනාධිකරණය සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ රුවන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියෙහි ඊයේ කැදවිණි.
එහිදී අමාත්‍ය මණ්ඩල ලේකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම ජනාධිපති කොමිසම විසින් සිදුකර තිබෙන නිර්දේශ පිළිබඳව වැඩිදුර අධ්‍යයනය කිරිම සඳහා ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකුගෙන් සමන්විත ත්‍රිපුද්ගල ජනාධිපති කොමිසමක් පත්කර ඇති බවය
එම කොමිසමේ නිගමනයන් ලැබෙන තෙක් දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව අවශ්‍ය පියවර ගැනීම සඳහා නීතිපතිවරයා හෝ අල්ලස් කොමිසම වෙත යොමු නොකිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවද ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණයට දැනුම් දුන්නේය.
කෙසේ වෙතත් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයට දන්වා සිටියේ මෙය හදිසි කටයුත්තක් සේ සලකා පෙත්සම් සලකා බැලීම සඳහා දිනයක් නියම කරන ලෙසයි.
ඒ අනුව පෙත්සම් සලකා බැලීම සඳහා ලබන 25 වනදා කැඳවීමට දින නියම කෙරුණු අතර එදින අදාළ පෙත්සම් රුවන් ප්‍රනාන්දු සහ දේවිකා අබේරත්න යන මහත්ම මහත්මීන් න් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවීමට ද නියම කෙරිණි.
අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ආණ්ඩුවෙන් මාධ්‍යයට, වෘත්තීය සමිති ව්‍යාපාරයට සහ විපක්ෂයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්
එක්සත් ජාතික පක්ෂ නායක අට වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සෙනසුරාදා (9) පස්වරු 4ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙරට සියලු මැතිවරණ කොට්ඨාස වල ජනතාව
අපවත්වී වදාල ආචාර්ය ගල්බොඩ ඥණීස්සර නාහිමියන්ගේ ජ්‍යෙෂ්ඨතම ශිෂ්‍ය භික්ෂුවක් වන මහා බ්‍රිතාන්‍යයේ සංඝ සභාවේ සභාපති, මිඩ්ලනඩ් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස
පාදුක්ක තුන්නාන ප්‍රදේශයේ වෙන්දේසි වත්තක ඉහල කොටසේ කාන්තාවකගේ නිරුවත් මළ සිරුරක් අද (07) දින දහවල් හමු වූ බව පාදුක්ක පොලිසිය පවසයි
එක්සත් රාජධානිය පදනම් කරගත් ජනප්‍රියතම සංචාරක සඟරාව වොන්ඩර්ලස්ට් විසින් සංවිධානය කරන ලද වොන්ඩර්ලස්ට් රීඩර් ට්‍රැවල් සම්මාන උළෙලේදී ’’වඩාත්ම කැමති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අනුරගේ පෙත්සම සලකා බැලීම 25 වැනිදා
maheel Monday, 17 May 2021 01:39 PM
හාමුගේ ඔඩොක්කුවේ ඉඳගෙන අනුන්ට කෙලවන්න හැදුවා. හාමු බේරාගන්න නඩු දැම්මා. ඡන්දෙත් එපා කියලා නඩු දැම්මා. දැන් තමන්ට කෙලවෙනකොට ඇඳුම තෙමාගෙන...
මුණසිංහ Tuesday, 18 May 2021 01:52 AM
88-89 කාලෙට නඩු දාන්න බැරිද? විජේවීර හදපු ජවිපෙ මෙයාලා රනිල් ප්‍රමුඛ ධනවාදී පැලැන්තියට පාවලා දුන්නා. දැන් නියම විජේවීර ජවිපෙ තියෙන්නේ පෙරටුගාමීන් ළඟ. 88-89 කාලේ රනිල් ජවිපෙ ක්‍රියාකාරින්ට කළ දේ අනුර කණ්ඩායම අනුමත කරලා ඉවරයි.