IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


අනුරාධපුර ප්‍රධාන දුම්රිය වර්ජනය අවසන්

(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර ප්‍රධාන දුම්රිය ස්ථානයේ රාජකරියේ නිරතව සිටින දුම්රිය නියාමකවරු පිරිසක් අද (18)දින උදැසන සිට ආරම්භ කරන ලද වැඩ වර්ජනය පස්වරුවේදි අවසන් විය.

අනුරාධපුර ප්‍රධාන දුම්රිය ස්ථානයේ රථ ගාලේ නවතා තිබු දුම්රිය නියාමක වරයෙකුට අයත් යතුරු පැදියක් මත තිබු හිස්වැසුමක් කිසිවෙකු විසින් සොරා ගෙන යාමේ සිද්ධියකට විරෝධය දක්වමින් දුම්රිය නියාමකවරුන් අද (18)දින වර්ජනයක නිරතවුහ.

ප්‍රධාන දුම්රිය නියාමක පි.කේ.පි.පිරිස් මහතාට අයත් යතුරු පැදිය දුම්රිය ස්ථානයේ රථ ගාලේ නවතා තිබියදි යතුරු පැදිය මත තිබු හිස්වැසුම කිසිවෙකු විසින් ඊයේ (17)දින රාත්‍රියේ සොරා ගෙන ගොස් තිබුණි.

දුම්රිය ස්ථානයේ පිහිටි රථ ගාලේ නිසි ආරක්ෂාවක් නොමැති නිසා වෙනත් ආරක්ෂිත ස්ථානයක රථ ගාලක් ඉදිකර දෙන ලෙස ඉල්ලමින් දුම්රිය නියාමකවරුන් පහළොස් දෙනෙකු සේවයෙන් ඉවත්වි වර්ජනයක නිරත වුහ.

මෙම හේතුවෙන් අද (18)දින පෙරවරැවේදි අනුරාධපුර සිට කිලිනොච්චිය දක්වා ධාවනය විමට නියමිතව තිබු දුම්රියත් අනුරාධපුරේ සිට මැදවච්චියටත් මැදවච්චියේ සිට අනුරාධපුරයටත් ධාවනය විමට තිබු රේල් බස් දෙකත් ධාවනය නොවු බව අනුරාධපුර දුම්රිය අධිකාරි කේ.සි.ආර්.නවරත්න මහතා පැවසිය.

මේ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරිවරයා හා දුම්රිය නියාමකවරැන්ගේ වෘත්තිය සමිති නියෝජිතයන් අතර අද කොළඹ පැවැති සාකච්ජාවේදි අනුරාධපුර ප්‍රධාන දුම්රිය ස්ථානයේ රථගාලට දුම්රිය දෙපර්තමෙන්තුවේ ආරක්ෂක නිලධාරිවරයෙකු යෙදවිමට පාලන අධිකාරිය විසින් එකග විම නිසා මෙම වර්ජනය අවසන් විය.

මෙම වර්ජනය හේතුවෙන් මගිහු විශාල පිරිසක් දැඩි දුෂ්කර තත්වයකට පත්වුහ.



අදහස් (6)

අනුරාධපුර ප්‍රධාන දුම්රිය වර්ජනය අවසන්

Prabha Wednesday, 18 September 2024 06:15 PM

මොවුන්ට හම්බවෙන ළමයාගේ පාට වෙනස් වුණත් වර්ජනය කරන කාලේ වැඩිදුර නෑ..

:       0       18

බකල විජේThursday, 19 September 2024 12:02 AM

ඒකටනං වර්ජනයක් කරන්න වෙනවා ප්‍රභා ......

:       0       2

achini Wednesday, 18 September 2024 06:28 PM

ආරක්ෂිත හිස්වැසුම නැති වුණත් වර්ජන... අනේ මන්දා...?

:       0       16

asiri Wednesday, 18 September 2024 09:03 PM

මුන්ට හෙල්මට් එක අරන් යන්න බැරිද විවේකාගාරයේ තියන්නේ නැතුව

:       0       0

වැසුම ඇත, ඔලුව නැත Wednesday, 18 September 2024 11:12 PM

හෙල්මට් එක හම්බ වුනාලු, ඒ උනාට ඔලුව තාම නෑලු. ඒකනම් හම්බවෙයි කියල හිතන්න අමාරුයි.

:       1       6

Asanka Thursday, 19 September 2024 08:08 AM

කාළකන්නි

:       1       3

ඔබේ අදහස් එවන්න

දියත

ශිෂ්‍යත්ව පේපරේ වට්ස්ඇප් යැවූ ගුරන් තිදෙනකු පන්නයි
2024 සැප්තැම්බර් මස 19 2064 1

අනුරාධපුර,රත්මලේ තිස්ස විදුහලේ පහ වසර ශිෂ්‍යත්ව විභාග මධ්‍යස්ථානයේ සේවය කළ ශාලාධිපති ඇතුළු තිදෙනෙකුගේ සේවය අත්හිටුවිමට පියවර ගෙන ඇති බව උතුරු මැද ප


අපේක්ෂකයින් ප්‍රවර්ධනය කළ නිලධාරීන් 9ක් රාජකාරියෙන් ඉවතට
2024 සැප්තැම්බර් මස 19 1789 0

දේශපාලන කටයුතුවල නියැලී ජනාධිපති අපේක්ෂකයන් ප්‍රවර්ධනයට කටයුතු කළ බව කියන හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් නව දෙනෙකු මැතිවරණ රාජකාරී කටය


ෆේස් බුක් තවම ඡන්ද වැඩ
2024 සැප්තැම්බර් මස 19 1458 0

සමාජ මාධ්‍යයන්හි මැතිවරණ ප්‍රචාරක කටයුතු නතර කරන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව අදාල පාර්ශවවලට නියෝග ලබාදී ඇතත් තවමත් ඒ ප්‍රචාරක කටයුතු සිදුවන බව වාර්ත


නිල නොවන ඡන්ද ප්‍රථිපල නිකුත් කිරීමෙන් වළකින්න
2024 සැප්තැම්බර් මස 19 610 0

ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල ලැබෙන තෙක් නිල නොවන ප්‍රතිඵල නිකුත් කිරීමෙන් වැළකී සිටින ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම පාර


ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කරයි
2024 සැප්තැම්බර් මස 19 1466 0

ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා චීන සංවර්ධන බැංකුව සමඟ එකඟතාවකට පැමිණ තිබේ.


ට්‍රැක්ටරයක ගැටී සිව්දරු මව මරුට
2024 සැප්තැම්බර් මස 19 367 0

ඇතුන්ගම,උලගල්ල මාර්ගයේ අටේ කණුව වංගුව ආසන්නයේදි ස්කුටර් වර්ගයේ යතුරු පැදියක ගමන්ගත් 62 හැවිරිදි කාන්තාවක් ට්‍රැක්ටරයක ගැටී අද (19) මියගිය බව තිරප්පනය ප


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 53 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 76 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 131 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site