IMG-LOGO

2025 අප්‍රේල් මස 27 වන ඉරිදා


අනුරාධපුරේ බුලංකුලම වැව් රක්ෂිතයත් කොටස්කර විකුණලා


(දයාරත්න ඇඹෝගම)
 
අනුරාධපුර පූජා නගරයේ ඓතිහාසික ජයවැව (බුලංකුලම) රක්ෂිතය ප්‍රදේශයේ ඇතැම් දේශපාලඥයන්ගේ අනුදැනුම මත පිරිසක් විසින් කොටස්කර විකුණන බව අනුරාධපුර මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී විරාජ් රණවීර මහතා පවසයි.
 
“අනුරාධපුර - තන්තිරිමලේ මාර්ගයේ ලෝලුගස්වැව මංසන්ධිය දක්වා මෙම වැව් රක්ෂිතය පැතිර පවතිනවා. මේ වෙනකොට වැව් රක්ෂිතයෙන් වැඩි ප්‍රමාණයක ඉඩම් බලහත්කාරයෙන් කොටුකරලා. සමහර කොටස් ඉහළ මිළගණන්වලට විකුණලා ඉවරයි. ඒ වගේම අපට ආරංචියි මේ වැව් රක්ෂිතයේ අනවසරයෙන් අල්ලාගෙන තියෙන ඉඩම්වලට කාපට් පාරක් ලබා දෙන්ඩත් ප්‍රදේශයේ දේශපාලඥයෙක් උත්සාහ කරනවා කියල” යනුවෙන් නාගරික මන්ත්‍රීවරයා පැවසීය.
 
මෙම නිරීක්ෂණ චාරිකාවේදි සැදැහැවතුන් විසින් ශ්‍රී මහා බෝධීන් වහන්සේට දානය පූජාකර ඉවත් කෙරෙන මැටි පාත්‍ර උතුරු මැද පළාතේ ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු තොග පිටින් රැගෙනවිත් තම නිවසට පිවිසෙන මාර්ගයට දමා තම නිල වාහනයෙන්ම ඒවා කුඩුකර මාර්ගය පුළුල් කිරීමේ නිරතව සිටින අයුරු දක්නට ලැබිණි. දිනපතා උඩමළුවේ බුද්ධ පූජාවෙන් පසු ඉවත් කෙරෙන මැටි පාත්‍රා මෙම නිලධාරියා සිය නිලබලය යොදා අනුරාධපුර මහ නගර සභාවේ කසල ඉවත්කරන වාහන මගින් තම නව ඉඩමේ පාර සකස් කර ගැනීම සඳහා යොදාගන්නා බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.
 
මෙම නිලධාරියාට අයත් ඉඩම ඇතුළු සම්පූර්ණ ප්‍රදේශය ම බුලංකුලම වැව් රක්ෂිතයට අයත් භූමියක් බව පෙන්වාදෙන ප්‍රදේශයේ ජනතාව නගරයේ ඇතැම් ව්‍යාපාරිකයින් දේශපාලකයින්ගේ ද සහාය ඇතිව මෙම වැව් රක්ෂිතය කැබලි කර ඉහළ මිල ගණන්වලට අළෙවිකරමින් සිටින බවත් මේ වනවිටත් වැව් රක්ෂිතයේ බොහෝ ස්ථානවල නිවාස ඉදිවෙමින් තිබෙන බවත් ඔවුහු කියා සිටිති.
            
මේ පිළිබඳව මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් ගාමිණී සේනාරත්න මහතාගෙන් සිදුකළ විමසුමේදි ඒ මහතා මෙසේ පැවසීය.

“මේ රක්ෂිතයේ සමහර තැන්වල ගෙවල් හදල තියෙනවා.ඒවට බලපත්‍ර නෑ.සමහර ගෙවල් අවුරුදු තුන හතරකට කලින් හදපුවා.කොහොම උනත් අපි ලබන සඳුදා ඉඳල රක්ෂිතය මනිනවා.ඊට පස්සේ තමයි අනවසර ඒවට තීන්දුවක් ගන්න වෙන්නේ.කාපට් පාරක් දාන එක ගැන නම් මට වාර්තාවෙලා නෑ.මොකද පාරවල් දාන්නේ අපි නෙමේනෙ” යනුවෙනි.
 
මෙම රක්ෂිතයේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගැනීම පිළිබඳවත් ඒවායේ මැනීම් කටයුතු  පිළිබඳවත් ඉඩම් කොමසාරිස් සම්පත් රෝහණ ධර්මදාස මහතාගෙන් විමසීමක් කළෙමු.

“බුලංකුලම වැව් රක්ෂිතයේ දැනටත් අනවසර ඉදිකිරීම් තියෙනවා. හැබැයි ඒක හරියටම කියන්න පුළුවන් වෙන්නේ නියමාකාරයෙන් රක්ෂිතේ මිනුම් කටයුතු කලාට පස්සේ.රක්ෂිතයේ ඉඩම් මැනීම පහුගිය සතියේ පටන් ගත්තා. සම්පූර්ණ භූමියම මැනලා රක්ෂිතය ඇතුලේ තියෙන අනවසර ඉදිකිරීම් සියල්ල ඉවත් කරනවා. රක්ෂිතයෙන් පිට තියෙන ඉඩම්වලට ‍රජයේ ඉඩම් නීතිරීති යටතේ බලපත්‍ර ලබාදීමට කටයුතු කරනවා” යැයි ද පළාත් ඉඩම් කොමසාරිස්වරයා මෙහිදි පැවසීය.



අදහස් (3)

අනුරාධපුරේ බුලංකුලම වැව් රක්ෂිතයත් කොටස්කර විකුණලා

De Sunday, 28 February 2021 04:33 AM

දැන් නම් රෙස්පෙක්ට් සර් නෙවෙයි.. ‘‘ ඇස්පැක්ට් සර්‘‘ වගෙයි...

:       1       9

araMonday, 01 March 2021 03:14 AM

20 සම්මතයි. 2/3 යි.

:       0       3

sharm warn Monday, 01 March 2021 04:30 AM

සිංහරාජෙටත්, ශ්‍රීපාද රක්ෂිතයටත් අත තිබ්බා නම් මේවා මොන කජුකිරි සෙල්ලම්ද? රක්ෂිතය මනිද්දී ලස්සනට වෙන්කර ගත්තුවා අයින් කරලා මැනලා කියයි මේවා රක්ෂිතයෙන් පිට ඉඩම්.. ඒ නිසා කමක් නැහැ කියලා.. මේ රාජපක්ෂලාගේ කාලේ.. ඕවා මහා ලොකු සෙල්ලම් නොවේ. ඔයාටත් ඕනෑම නම් පොඩි කෑල්ලක් අල්ලගන්න. මොකද මෙව්වා මැරෙනකොට අරන් යන්න තියෙන දේවල්නේ...

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

උසස් පෙළ හපන්නු
2025 අප්‍රේල් මස 26 1735 0

2024 උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් ප්‍රථම ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සෙනලි චමත්කා රණසිංහ සිසුවියත් ගණිත අංශයෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය ග


’හරක් කටා’ ළඟ දුරකථනයක්
2025 අප්‍රේල් මස 26 788 0

තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල අපරාධකරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සොයා ගෙන ඇතැයි බන්ධන


කෝටි 80 ක මත්කුඩු කොටිකාවත්තෙන් අල්ලයි
2025 අප්‍රේල් මස 26 817 0

රුපියල් කෝටි 80කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් ‍‍‍‍කොටිකාවත්ත නාගහ මුල්ල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව මාලඹේ පොලිසිය කියයි


රජයේ බෙහෙත් තොගයක් තේ වත්තකින් හමුවෙයි
2025 අප්‍රේල් මස 26 459 0

රජයේ රෝහල්වල හාවිතා කරනු ලබන බෙහෙත් තොගයක් හැටන් පුටිහිල් තේ වත්තට බැහැර කර ඇති බව වතු පාලන අධිකාරි හැටන් පොලීසිය වෙත දැනුම් දී ඇත.


චීන පටස් හපන්න ගිය දන්ත වෛද්‍යවරිය රෝහලේ
2025 අප්‍රේල් මස 26 1834 0

අවුරුද්දට පුතා ගෙනා චීන පටස් එකක් දත්වලින් හැපීමට ගිය මවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව පානදුර පොලිසිය


උතුරට අහිමි වූ හැම දෙයක්ම ආපහු දෙනවා
2025 අප්‍රේල් මස 26 577 0

යුද්ධය නිසා උතුරේ ජනතාවට අහිමි වූ නැවත ලබා දිය හැකි සෑම දෙයක්ම ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 886 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 393 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 550 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site