IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


අනවසර පදික වෙළෙන්දන්ට අනතුරු ඇඟවීමක්

( ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

මාර්ග නීති කඩමින්  රට පුරා එක් එක්කෙනාට හිතුමතේ මාර්ගයේ  කඩ දැමීමට ඉඩ දිය නොහැකි බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ඇමති බන්දුල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේ මත්තේගොඩ බෞද්ධ මධ්‍යස්ථානයේ (07) දා පැවති ආගමික කටයුත්තකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.

තලවතුගොඩ කිඹුලාවල හන්දියේ මාර්ගයේ වෙළඳසැල් පවත්වාගෙන යාමට කිසිවකුටත් අවසර දීල නෑ..  ඔවුන් වෙළඳසැල් පවත්වාගෙන යන්නේ මාර්ග නීති උල්ලංඝනය කරමින්.ඒ නිසා මේ වෙළඳසැල් සියල්ල ඉවත්  කළ යුතුයි.

මේ විදිහට කඩදාන්න හැමෝටම අවසර දුන්නොත් රට පුරා මාර්ගවල වෙළඳසැල් ආරම්භ කරාවි. ඒ නිසා මාර්ග නීති උල්ලංඝනය කරමින් කිසිම කෙනෙකුට මේ විදියට වෙළද සැල් පවත්වාගෙන යාමට අවසර දෙන්න බැහැ.



අදහස් (15)

අනවසර පදික වෙළෙන්දන්ට අනතුරු ඇඟවීමක්

Saman Thursday, 07 December 2023 08:40 PM

ඔබ හරි .පිටකොටුව දැන් ආපහු අපායක් වෙලා

:       0       3

Ajith Thursday, 07 December 2023 08:47 PM

මේක ක්‍රියාත්මක කෙරුවොත් ඉතාම හොද දෙයක්. ගොඩක් රිය අනතුරු වලට හේතුව පදික වෙලෙන්දන් සහ අනවසර ඉදිකිරීම්. මිට කලින් මංගල සමරවීර ඇමතිවරයාත් මෙය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරත් දේශපාලන මැදිහත් වීම් නිසා අඩාල වුනා.

:       0       3

keheliya Thursday, 07 December 2023 09:19 PM

ඔයා ඇමති නේද? කියා කියා ඉන්නේ නැතුව කරලා පෙන්නන්නකො ..... තොත්ත බබා.!

:       0       5

senarath Thursday, 07 December 2023 09:33 PM

ඔබතුමාගේ පුතාට වගේ හැමෝටම අක්කර 50-60 ලැබෙන්නේ නෑ ඇමතිතුමා

:       0       3

paker Thursday, 07 December 2023 10:27 PM

අනවසර වැඩ කරන ඔක්කෝටම දඬුවම් දෙන්න..

:       0       2

අප්පුහාමි Friday, 08 December 2023 01:48 AM

මෙයා ඊළඟට කියනවා මම ඉල්ලා අස්වෙනවා කියලා.

:       0       1

ආසිරි Friday, 08 December 2023 08:26 AM

ඔය කතාව තලවතුගොඩට විතරක් නොවේ, ලංකාවේ A ශ්‍රේණියේ පාරවල් වල ඉඳලා හැම එකකටම අදාලයි. ගොඩක් පාරවල් වල අයිනේ කඩ දාලා, වන්දනාවේ යන මිනිස්සුයි හැමෝම නවත්ත නවත්ත පාරේ ඉඳන් බඩු ගන්නවා. යාන වාහනයකට යන්න ඉඩක් නැහැ.

:       0       8

උඩුවනගේ Friday, 08 December 2023 08:46 AM

ඇත්තටම මේවා නිසා පදිකයින්ට ඉමහත් කරදරයක් වෙනවා ඒ මිනිස්සු මුදලක් අයකර අවසර දෙන්න කියනවා එහෙම කලොත් එවුන්ලා ඒ ඒ තැන් උන්ගෙ බූදලයක් ලෙසට සලකන නිසා ජනතාවට ලොකු කරදරයක් වෙනවා එනිසා ලංකාවේ සෑම තැනකම තියෙන මේවා සම්පූර්ණයෙන්ම ඉවත්කිරීමට කටයුතු කල යුතුය ඒවගේම පදිකය තුල වෙළදාම යතුරු පැදි නැවතීම ,පදිකයේ ත්‍රීවීලර් නැවතීම නිසා පදිකයින්ට මහාමාර්ගයේ මැදින් යාමට සිදුවිම ,මාර්ග හංදියේම ත්‍රීවීලර් නවතා තැබීම බස් නැවතුමේ වෙනත් වාහන නවතා තැබීම සිදුවෙනවා ඒවාත් ඉවත්කර මාර්ග බාධක නැතිකරන්න ඕන එමෙන්ම ධනරින තුමාගේ ආසනයේ ප්‍රධාන නගරයේ කාණු නැතුව මාර්ගය සකසා තිබීම නිසා වැසි අවස්ථාවල වාහන ගමනාගමනය ඉතාමත් අපහසු වෙනවා එනිසා අනුන්ගේ දේවල් කරන්න පළමුවෙන්ම තමන්ගෙ ප්‍රදේශයේ අඩුපාඩු හැදුවාම වඩාත් හොදයි නේද මැතිතුමා

:       0       12

gunendraFriday, 08 December 2023 10:37 AM

යාබද මහරගමත් තියෙනවා...!

:       0       6

රංබොඩ Friday, 08 December 2023 10:04 AM

මෙවැනි නීති විරෝධී වැඩවලට ඉඩදීලා කාලයක් බලාගෙන හිටියම ඒවා ඉවත්කරගන්න බෑ. මිනිසුන් වැරදි වැඩේ සාධාරණීය කරන්න මානව හිමිකම් යනවා. සටන් කරනවා. රටතළ නීතියක් නිතරම ක්‍රියාත්මක ව තිබිය යුතුයි . විනයක් හැදෙන්නෙ නෑ එහෙම නැතිව.

:       0       8

ලංකා Friday, 08 December 2023 11:24 AM

ඉතාම හොඳයි. කෝටි ගණන් පොදු මහජන මුදල් වියදම් කරලා මාර්ග, පදික වේදිකා හදලා ඒවා අවහිර කරන්න කිසි කෙනෙකුට ඉඩදිය යුතු නැහැ. මෙතුමගේ ආසනය වන හෝමාගම, වටරැක දුම්රිය ස්ථානය සමග ඇති මාදුලාව මහා මාර්ගය අවහිර කරමින් සාදාඇති පෙට්ටිකඩ ටික අයින් කරන්න.

:       0       9

Perera Friday, 08 December 2023 12:23 PM

අවසරලත් තක්කඩි වෙළෙන්දන්ට රජයේ සහ දේශපාලකයන්ගේ අනුග්‍රහය...

:       1       4

Kudda Friday, 08 December 2023 02:05 PM

පදික වෙළෙඳුන් වැඩි වුනේ පාලනාධිකාරිය හොඳටම කරපු නිසා. Benz, prius car 1 තියන් පොල් විකුණන්න, මයියොක්කා විකුණන්න වුනේ. එදා වේල පිරිමසා ගත්තු මිනිස්සු පාරට වැටුණු හේතුවකුත් ඇතිව... ඒ මිනිස්සුන්ගෙන් නගර සභා, මහා නගර සභා, ප්‍රාදේශීය සභා, විදුලිබල මණ්ඩලය, ජල මණ්ඩලය, බිල් නම් ගන්නවානේ. එතකොට ඒවා අනවසර ඉදිකිරීම් කියලා පේන්නේ නැතිද? කවුද එතකොට ඒවා වලට විදුලිය, ජලය දෙනකොට කොහොමද ඒවා අනවසර ඉදිකිරීම් කියලා සටහන් නොවුණේ... ආපු බලධාරීන්ගේ ඇස් අන්ධ වෙලාද? මොවුන් එදා ඉඳන් කරේ දුප්පත් මනුස්සයාට කෙළවරක් නැතිව tax ගහලා ඔවුන් රජ සැප විඳපු එක. යථාර්ථය අවබෝධ කරගන්න. ඔය කොළපාට, නිල්පාට, රතුපාට ඔය කවුරුත් අපේ දරුවන්ට අනාගතයක් හදන්නේ නෑ. ඔවුන්ගේ දරුවන්ට අනාගතයක් හදනවා මිසක්...

:       2       1

Kazi Shajahan Friday, 08 December 2023 02:48 PM

සර්... කාලය, දේශය බලලා වැඩේ කරන්න... මේ කාලේ ඕවා කරන්න අප මොකද අසරණ මිනිස්සු කීයක් හරි හොයාගන්නේ ඔතැන ඉඳලා නෑ... 2048 වෙනකම් එන්න දෙන්න...

:       3       1

Bamunuarachchi Friday, 08 December 2023 04:49 PM

තලවතුගොඩ මාදිවෙල පාර සුද්දකර දෙන්න...!

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 357 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 933 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 1406 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 190 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 784 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 900 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39355 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25653 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 343 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1131 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site