IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


අපේ කුණු එතෙරින් ඇවිත් ඉවත් කරයි

(සිරංගිකා ලොකුකරවිට සහ ඩී.ජී.සුගතපාල)

ගාල්ල කොටු බැම්ම පිරිසිදු කිරීමේ වැඩසටහනක්  ගාලු උරුමය පදනම විසින්  සංවිධානය කරන ලදි. මේ සඳහා ‘කනෙක්ටඩ් ඩීම්ස්’ ආයතනයේ දායකත්වයෙන් විදේශිකයන් පිරිසක් ද සහභාගී වී සිටියහ.

රට විවෘත කිරීමෙන් පසු ගාල්ල කොටුව නැරඹීමට පැමිණි පිරිස්  පොලිතීන් ඇතුළු කසල අවිධිමත් ලෙස බැහැර කිරීම හේතුවෙන් කොටු බැම්ම ආශ්‍රිත ප්‍රදේශය විශාල වශයෙන් අපිරිසිදු වී ඇති බව ගාලු උරුමය පදනම පවසයි.

ලෝක උරුමයක් වන ගාලු කොටුව පිරිසිදුව තබා ගැනීම සියලු දෙනාගේ වගකීමක් වන බැවින් කසල තැන තැන නොදමා ආපසු රැගෙන යාම හෝ විධිමත් ලෙස බැහැර කිරීම සිදු කරන ලෙස ගාලු උරුමය පදනම සංචාරකයින්ගෙන් ඉල්ලා සිටියි. 

 



අදහස් (15)

අපේ කුණු එතෙරින් ඇවිත් ඉවත් කරයි

kamal Thursday, 02 December 2021 01:18 PM

කොහොමද අපේ 2500 යේ අභිමානේ.පිටරට සුද්දෝ ලවා කුණු සුද්ද කර ගන්නවා.සසර වසන තුරු ...නිවන් දකින තුරු.....

:       8       30

Bunny Preena Thursday, 02 December 2021 02:00 PM

කිසිම චාරයක් නැතිව හැසිරෙන අපේ එවුන් කිහිප දෙනෙක් ඉන්නවා ගිය තැන වනසලා එන.ඔවුන්ව හදන්නත් බැහැ ,සම්මජ්ජාතියට හැදෙන්නෙත් නැහැ.අනේද කියන්නේ.උපන් ගතිය

:       2       47

දිසා.......ගම්පහ Thursday, 02 December 2021 02:08 PM

මෙරට ජීවත්වන අති බහුතරය පවිත්‍රතාවය සම්බන්ධයෙන් අවධානය යොමු නොකරන තත්ත්වයක් පවතී. සෑම තැනකම කෙළ, බුලත් කෙළ ගසන ආකාරයක් දක්නට ඇති අතර මේ නිසා ඇත්තේ දැඩි අපිරිසිදු තත්ත්වයක් වුවත් මීට එරෙහිව ක්‍රියා මාර්ග ගැනීමට කිසිවෙකුටත් අවශ්‍යතාවයක් ඇති ආකාරයක් පෙනෙන්නට නැත. පරිසර අධිකාරිය , පොලිස් පරිසර අංශය සහ පළාත් පාලන ආයතන හරහා මේ වෙනුවෙන් ක්‍රියාමාර්ග ගැනීම පිනිස අවදිවීමක් විය යුතුය.

:       2       35

ලීලාරත්න ඉහලගමFriday, 03 December 2021 05:57 AM

මහත්මා ගාන්ධිතුමා සුද්දා එලවන්න මාර්ග දෙපස මළපහ කරන්න කිව්වා.. එය තවමත් තියෙනවා... සංචාරක ඇමතිවරයා ගම්පහ කෙනෙක් වෙලා ගම්පහ අපිරිසිදු කරන්න ඉඩදී මොකක්ද කරන්න හදන්නේ... ?

:       0       0

දිසා....ගම්පහ. Thursday, 02 December 2021 02:33 PM

වර්තමානයේ මෙරට ජීවත්වන වැඩි දෙනා පිරිසිදුකම සම්බන්ධයෙන් තැකීමක් නොකරන තත්ත්වයක් පවතින බැවින් තැනින් තැන කෙළ ගැසීම, බුලත් කෙළ ගැසීම මෙන්ම පවිත්‍රත්වය සම්බන්ධයෙන් වත්මන් පාසල් දරුවන් දැනුවත් කිරීමක් විය යුතු අතර මේ තුලින් අනාගත ශ්‍රී ලංකාව පිරිසිදු රටක් ලෙස දැකිය හැකි වනු ඇත.

:       1       23

අප්පුහාමි Thursday, 02 December 2021 03:21 PM

මෙම ශ්‍රමදාන කටයුතු සදහා සහභාගි වෙන සියලු දෙනාම කුඩා කාලයේ හොද විනයක් ඇතිව උගත්කම ලබා ඇත අපේ පාසැලේදී දහම් පාසැලේදී කිසිවකු පිරිසිදු කිරීම් ගැන කියන්නේවත් කරවන්නේ වත් නැහැ කරන්නෙ විභාගය ඉලක්ක කල අධ්‍යාපනයට හුරුකිරීම පමණි .අපේ රටේ පරිසරය ගැන සලකන්නේ සුලුහෝ ව්‍යාපෘතියක් අරඹන අවස්තාවල මොණරු පියාඹන අවස්ථාව දක්වා පමණි විදේශිකයන් මෙහෙම කලාම අපේ තියෙනවා කියන අභිමානයට මොකෑ වෙන්නෙ එහෙම කියන ගමන් අහන්න වෙනවා සංචාරකයින්ගෙන් ගාස්තුවක් අයකරන පළාත් පාලන ආයතන සංචාරකයන් වෙනුවෙන් කරන්නෙ මොනවාද කියලා පසුගිය දිනක වාර්තාවක් තිබුනා ආරුක්කු නවය පාලම බැලීමට යන මාර්ගයේ කෙසේවත් යන්න බැහැ කියලා මේවාට පරිසර ඇමතිවරයාත් විශේෂයෙන් සංචාරක ඇමතිවරයාත් වගකිවයුතුය

:       0       0

ලීලාරත්න ඉහලගමFriday, 03 December 2021 06:02 AM

යහපාලනය කාලයේ සුව ඇමති රාජිත විටකෑම ප්‍රසිද්ධ ස්ථානයේ තහනම් කළා. ප්‍රසන්න ඔහුට විරුද්ධව සිටි අයෙක් නිසා ඒ කාලේ කියපුවා මිනිස්සු කරනවා ඇති...

:       0       0

මෝ Thursday, 02 December 2021 02:55 PM

මුලු රටම ආයෙත් සුද්දන්ට,බාර දුන්නනං හොදටම කරයි ජනාධිපතිට,මතකද,දන්නෙ නෑ අපේ කොල්ලො කෙල්ලො පාරට,බැහැල පාරවල් සුද්ද,කලා,තාප්ප වල චිත්‍ර ඇන්දා ගස් වැව්වා වෙරල,සුද්ද කලා.ස්ටේශන් සුද්ද කලා.ඒ දිහා ඇහැක් ඇරල බැලුවෙ නැ

:       4       26

Prasad Thursday, 02 December 2021 03:25 PM

සුද්දට රට දුන්නා නමි ලස්සනට රට හදලා ගන්නවා

:       0       0

larry Friday, 03 December 2021 01:03 AM

බොරු ෂෝ...!

:       0       0

Kumar (Gulf) Friday, 03 December 2021 01:13 AM

ශ්‍රී ලංකාවේ ඉන්නේ නීතියක් නැති මෝඩ ජනතාවක්...

:       0       0

priyantha Friday, 03 December 2021 05:02 AM

එය අගය කරනවා... නමුත් රැල්ලට කරන වැඩ තාවකාලිකයි. අපේ රට, පරිසරය පිරිසිදුව තබාගැනීම කුඩා කාලේ ඉඳලා පුරුදු වෙන්න ඕනේ... පාසල එයට හොඳම තැනයි... එතකොට ටොපි එක කාලා කොළය සාක්කුවේ දමාගෙන ගිහින් කසල බඳුනට දමනවා. ඇත්තටම මේ වගේ දේවල් වලින් දෙන පණිවිඩය ගැන අපි ලජ්ජා වෙන්න ඕනේ... අපේ රටේ මිනිස්සු දේශ පාලකයාට බැන බැන තමන් හරි කියලා හිතාගෙන ඉන්නවා...

:       0       0

රමිඳුSaturday, 04 December 2021 12:11 PM

රැල්ලට නෙවෙයි, කොහොමත් ඒ මිනිස්සු කරලා තියෙන්නේ...

:       0       0

Ranuka Friday, 03 December 2021 07:08 AM

ඩිස්ලයික් දාලා තියෙන්නේ කුණු දාපු සෙට් එක...

:       0       0

Daminda Friday, 03 December 2021 07:53 AM

ජාතියක් විදිහට අපි ලැජ්ජා වෙන්න ඕනෑ... පරිසරයට කිසිම ආදරයක් නෑ... හැමතැනම කුණු දානවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

’’මහ මොළකරු’’හෙළි කිරීමේ වගකීම උසාවියට බාර දෙයි
2025 අප්‍රේල් මස 22 83 0

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෝ මහ මොළ කරුවන් ,හෙළිකිරීමේ වගකීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ උසාවියට බාර කරමු යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද


බර එසවීමේ යන්ත්‍රයක රෝදයකට හසුවී අයෙක් මරුට
2025 අප්‍රේල් මස 22 158 0

ඔරුගොඩවත්ත අවිස්සාවේල්ල පාර කන්ටේනර් අංගනයක් තුළදී ශ්‍රී ලංකා රේගු ආයතනයට අයත් බර එසවීමේ යන්ත්‍රයක රෝදයකට යටවීමෙන් පුද්ගලයෙකු මිය ගිය බව වැල්ලම්පි



කතානායකගෙන් අගමැතිනියට - විපක්ෂ නායකට ලිපියක්
2025 අප්‍රේල් මස 22 277 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කිරීම සඳහා පත්කිරීමට නියමිත ත්‍රිපුද්ගල කමිටුව සඳහා සාමාජිකයකු නම් කරන ලෙස කත


ඉපැරණි සොහොන් බිමක් වන වගාවකින් වැනසිලා
2025 අප්‍රේල් මස 22 176 0

වවුනියාව අග්බෝපුර මාමඩුව ග්‍රාමයේ මූල ඓතිහාසික සොහොන් බිම පුරාවිද්‍යා ස්ථානය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පුරාවිද්‍යා නිර්දේශ ලබා ගැනීමෙන් තොරව වන ව


වෙඩික්කරුගේ කුරුමානම වැරදී පැන යද්දී පාදයක් බිදෙයි
2025 අප්‍රේල් මස 22 363 2

කටුනායක, ආඩිඅම්බලම, දැවමොට්ටාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු එල්ල කර වෙඩි තැබුවත් එය ව්‍යර්ථවීමත් සමග තාප්පයකින් පැන යාමට උත්සහ කරද්දී ඉන් ඇද වැටී එක් අයක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 548 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 298 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 449 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site