IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


අපේ ගුණේ

ජ්‍යෙෂ්‍ඨ මාධ්‍යවේදී ඩබ්ලිව්.ජී. ගුණරත්නයන්ගේ අභාවය නිමිත්තෙන් පළවන ලිපියකි.

මේ ලෝකය රඟමඩලකි. එහි අපි රඟන නළු නිළියෝ වෙමු. මේ සිද්ධාන්තය අනුව යමින් ඩබ්ලිව්.ජී. ගුණරත්න නම් වූ විශිෂ්ට ගණයේ මාධ්‍යවේදියා සිය ජීවිත රඟ මඬල නිමා කරමින් පසුගිය 17 වැනිදා අලුයම සිය චරිතාපදානය නිමා කළේය.

ඩබ්ලිව්.ජී. ගුණරත්නයන් ජීවිතයේ දුක සැප සමබරව විඳ වින්දනීය ජීවිතයක් ගත කර හේ සිය දිවි සැරිය නිමා කළේය.

ඔහු ජීවිතය සැහැල්ලුවෙන් විඳගත් පුද්ගලයෙකි. ඔහු සිංහල සහ ඉංග්‍රීසි භාෂාවේ විශිෂ්ට නිපුණතාවක් පෙන්නුම් කළ පුද්ගලයෙකි. සිංහල භාෂාව සමග මොන තරම් වචන හරඹයක් කළ හැකි ද යන්න මැනවින් පෙන්වා දුන් ලිපිය වූයේ පසුගිය යුද සමයේ සෑම සඳුඳාවකම ඔහු විසින් පරිවර්තනය කළ ආරක්ෂක ලිපියයි.

සන්ඩේ ටයිම්ස් පුවත්පතේ මාධ්‍යවේදී ඉක්බාල් අතාස් මහතා විසින් ලියනු ලබන ආරක්ෂක තත්ත්වය පිළිබඳ ලිපිය දිනපතා ලංකාදීප පත්‍රයට පරිවර්තනය කළේ ඩබ්ලිව්.ජී. ගුණරත්නය. සන්ඩේ ටයිම්ස් ලිපියට ලැබෙන පාඨක ප්‍රතිචාරයම සිංහලෙන් පළ කළ ලංකාදීප ලිපියට ද ලැබුණේ ඔහුගේ වචන හරඹය නිසාය. ඔහු එතරම් ප්‍රාමාණික උගතකු බව පෙන්වා දුන්නේ එවැනි ලිපි පාඨකයන්ට ඉදිරිපත් කරමිනි.

ඔහු මට මුලින්ම හමුවන්නේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ රැස්වීම් ආවරණය කිරීමේ අවස්ථාවකදීය. ඔහු එයට සහභාගි වූයේ ජනාධිපති මාධ්‍ය අංශය වෙනුවෙනි. ඔහු ඊට කලින් දිනමිණ පුවත්පතේ මාධ්‍යවේදියකු ලෙස සේවය කළ බව දැන සිටියෙමි. ඒ දැනහැඳිනුම තව වැඩි දියුණු වූයේ ලංකාදීප පුවත්පතට සම්බන්ධ වීමෙන් පසුවය.

ලංකාදීප පුවත්පත වෙනුවෙන් අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විභාග ආවරණය කිරීම සඳහා ඔහු මුලින්ම සහභාගි විය. ඒ, ඉතාම කෙටි කලක් වෙනුවෙනි. පසුව ඔහු ලංකාදීප ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘ ලෙස සේවය ආරම්භ කළේය. ඔහු එහි රාජකාරි කරමින් සිටියදී ඔහු යටතේම ලංකාදීප එසැණ වෙබ් අඩවිය ආරම්භ විය. මුල් ආරම්භක කර්තෘවරයා ලෙස එසැණ පුවත් වෙබ් අඩවිය වටා ශ්‍රාවකයන් දහස් ගණනක් කැඳවාගෙන ඒමට ඔහු සමත් විය. එකල ලංකාදීප එසැණ පුවත් අතිශය ජනප්‍රිය වෙබ් අඩවියක් බවට පත්විය.

ඔහු ඒ තරම් දක්ෂයෙක් විය. සැබෑවටම දක්ෂයෙක් විය.

ඔහු කාර්යාලයේ සෑම සේවකයකු සමගම සුහදව සිටියේය. ඔහුට සතුරන් සිටි බවක් මා දැන සිටියේ නැත.

ඩබ්ලිව්.ජී. ගුණරත්න යනු නවකයකුට ඉගෙන ගැනීමට බොහෝ දේ ඇති පුද්ගලයකු බව කිව යුතුය. ඔහු වෙලාවට වැඩ කටයුතු අරඹන, අවධානයෙන් වැඩ කරන මාධ්‍යවේදියෙකි. ඔහුගේ ඇස් උකුස්සකුගේ ඇසකට වඩා තියුණුය. ප්‍රවෘත්තියක ඇති සංවේදී බව හොඳින් වටහාගෙන උකහාගෙන පාඨකයන්ට ඉදිරිපත් කිරීමට ඔහු තුළ තිබූ හැකියාව ඉස්තරම්ය.

ඩබ්ලිව්.ජී. ගුණරත්න තම වෘත්තීමය රාමුව තුළ සැරිසරමින් රට වෙනුවෙන් කළ යුතු උපරිම සේවය ඉටු කළ බව කිව යුතුය. දහසකුත් එකක් දුක් කම්කටොලු සහ සැප විඳ ගනිමින් මේ ජීවත කතරින් නික්ම ගියේ ජීවිතය පිළිබඳ අනිත්‍ය දහම ද පසක් කරමිනි.

ඩබ්ලිව්.ජී. ගුණරත්න මහතා පැතූ උතුම් බෝධියෙන් සැනසී නිවාලන්නට හේතු වාසනා වේවායි පතමි.

රත්නපාල ගමගේ

 



අදහස් (0)

අපේ ගුණේ

ඔබේ අදහස් එවන්න

දියත

නුවරඑළියම ජාජබට
2024 නොවැම්බර් මස 15 873 0


සූර් වී ඡන්ද රාජකාරී කළ පොලීසියේ 2ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 110 0

කිරින්ද , පුස්තෝලමුල්ල ජයවික්‍රම කණිෂ්ඨ විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයෙහි පැවැති අංක 98 ඡන්ද මධ්‍යස්ථානයෙහි බිමතින් රාජකාරි සේවයෙහි යෙදි සිටි පොලිස් න


මැද කොළඹ ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 1306 0

කොළඹ දිස්ත්‍රික්කයේ මැද කොළඹ ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 20220, සජිත් ප්‍රේමදාස 46063, රනිල් වික්‍


කලාවැව ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 273 0

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 52380, සජිත් ප්‍රේමදාස 31603, රනිල් වි


හෝමාගම වෙඩි තැබීමක්
2024 නොවැම්බර් මස 15 533 0

මාගම ගලවිලවත්ත ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයෙකු බව කියන පුද්ගලයකුට අද (15) අලුයම නාදුනන අයෙකු විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන


තියුණු ආයුධ ප්‍රහාරයකින් සැමියා මරුට -දියණිය මව රෝහලේ ‍
2024 නොවැම්බර් මස 15 395 0

ගාල්ල දඩල්ල ප්‍රදේශයේ නිවසකට අද(15) අලුයම මුහුණ වසාගෙන පැමිණි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් කළ පහරදීමකින් එම නිවසේ පුද්ගලයකු මිය ගොස් ඇතැයි පොලීසිය කිය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 248 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 570 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1682 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site