(ඩයනා උදයංගනී)
මෙරට කීර්තිමත්, ධර්මධර හා විනයධර, භික්‍ෂූන් වහන්සේනමක වූ කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති, මල්වතු පාර්ශවයේ කොළඹ, හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවෙණාධිපති, අපවත් වී වදාළ ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නා හිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ද සහභාගීත්වයෙන්, කොළඹ නිදහස් චතුරස්‍රයේදී, පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අද පස්වරුවේ පැවැත්විණි.
කුසලධම්ම නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය පැවැත්වුණු අද දිනය රජය විසින් ජාතික ශෝක දිනයක් ලෙස ද ප්‍රකාශයට පත්කර තිබිණි.
වැලමිටියාවේ කුසලධම්ම නා හිමියෝ වසර 84ක් ආයු වළඳා ඉකුත් 28 වැනිදා අපවත් වී වදාළහ.
නා හිමියන්ගේ දේහය මහජන ගෞරව සඳහා එදින පස්වරුවේ සිට උන්වහන්සේ විහාරාධිපතීත්වය දැරූ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන් විහාරස්ථානයෙන් තැන්පත් කර තිබූ අතර අද (31) දහවල් 12.00ට උන්වහන්සේ කුලපතිධූරය දැරූ කැලණිය විශ්ව විද්‍යාලය වෙත රැගෙන එනු ලැබිණි.
අනතුරුව දේහය රැගත් රථ පෙරහැර කැලණිය විශ්ව විද්‍යාලයෙන් ගමන් ආරම්භ කළේය.
දේහය රැගත් රන්සිවි ගෙය දෙපස සේසත් රැගත් පිරිස් ගමන් කළ අතර ඒ පසුපසින් මහා සංඝරත්නය වැඩම කළහ. එමෙන්ම මග දෙපස මහ නා හිමියන්ට ගෞරව ලෙස ත්‍රිවිධ හමුදා සාමාජිකයන් රඳවනු ලැබ තිබිණි.
කුසලධම්ම නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය පැවැත්වුණු අද දිනයේදී උන්වහන්සේට ගෞරව පිණිස කැලණියේ සිටම මග දෙපස මෙන්ම කොළඹ නිදහස් චතුරස්‍රය අවට ප්‍රදේශය කහ පැහැති ධජයන්ගෙන් සරසා තිබිණි.
නා හිමියන්ගේ දේහය රැගත් ආදාහන පෙරහැර කොළඹ නිදහස් චතුරස්‍රය වෙත පස්වරු 2.00ට පමණ ළඟා වූ අතර එම අවස්ථාවේදී ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා මගින් නා හිමියන්ගේ දේහය වෙත ගුවනින් මල් ඉසීම සිදුවිය.
භික්‍ෂූන් වහන්සේ විශාල පිරිසක් මෙම අවස්ථාවට වැඩම කර සිටීම හේතුවෙන් නිදහස් චතුරස්‍ර භූමිය කහ පැහැයෙන් බැබළිණි.
දේහය විශේෂ පීඨිකාවේ තැන්පත් කිරීමෙන් අනතුරුව ඒ වෙත යුද හමුදා ආචාරය පුද කරමින් දේහය සිවු කොන මුර සෙබළුන් ස්ථානගත කිරීම සිදුකෙරිණි.
අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ශෝක පණිවුඩය සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අවමංගල සභාවට ඉදිරිපත් කළේය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ, විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ද අවමංගල සභාව ඇමතූ අතර කැලණිය විශ්ව විද්‍යාලය වෙනුවෙන් වූ ශෝක ප්‍රකාශය එහි උපකුලපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය ඉදිරිපත් කළාය.
කොවිඩ් අවදානම හේතුවෙන් සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව අදාහන පූජෝත්සවයේ වැඩකටයුතු සැලසුම් කර තිබූ අතර එම භූමියේ රැඳී සිටීමට අවකාශ සලසා තිබුණේ ආසන පනවා තිබූ ප්‍රමාණයට පමණි.
ආණමඩුවේ ධම්මදස්සී අස්ගිරි පාර්ශවයේ අනු නා හිමි, මකුලෑවේ ශ්‍රී විමල ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහ නා හිමි, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සභාපති, ශාස්ත්‍රපති ගංතුනේ අස්සජි නා හිමි ප්‍රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නය, සෙසු ආගමික පූජකවරුන්, කතානායක මහින්ද යාපා අබේවර්ධන, මැති ඇමතිවරුන්, විදෙස් තානාපතිවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෝ මහ මොළ කරුවන් ,හෙළිකිරීමේ වගකීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ උසාවියට බාර කරමු යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද
ඔරුගොඩවත්ත අවිස්සාවේල්ල පාර කන්ටේනර් අංගනයක් තුළදී ශ්‍රී ලංකා රේගු ආයතනයට අයත් බර එසවීමේ යන්ත්‍රයක රෝදයකට යටවීමෙන් පුද්ගලයෙකු මිය ගිය බව වැල්ලම්පි
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කිරීම සඳහා පත්කිරීමට නියමිත ත්‍රිපුද්ගල කමිටුව සඳහා සාමාජිකයකු නම් කරන ලෙස කත
වවුනියාව අග්බෝපුර මාමඩුව ග්‍රාමයේ මූල ඓතිහාසික සොහොන් බිම පුරාවිද්‍යා ස්ථානය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පුරාවිද්‍යා නිර්දේශ ලබා ගැනීමෙන් තොරව වන ව
කටුනායක, ආඩිඅම්බලම, දැවමොට්ටාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු එල්ල කර වෙඩි තැබුවත් එය ව්‍යර්ථවීමත් සමග තාප්පයකින් පැන යාමට උත්සහ කරද්දී ඉන් ඇද වැටී එක් අයක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අප ගුරු නා සමිඳු නිවනින් නිවෙන්නයි