( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොල)
අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට එම පක්ෂයේ සභාපතිවරයා පත් කරන නියෝගයක් මැතිවරණ කොමිසමට නිකුත් කරන්නැයි ඉල්ලා අපේ ජනබල පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (8) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
එම ධූරයට වෙනත් අයෙකු පත් කිරීම වළකාලන අතුරු නියෝගයක් මෙම පෙත්සම විභාගයට ගෙන අවසන් වනතුරු බලපැවැත්වෙන පරිදි නිකුත් කරන ලෙසද පෙත්සම්කාර පක්ෂය සිය මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් ඉල්ලා ඇත.
අපේ ජනබල පක්ෂය වෙනුවෙන් සභාපති සමන් ප්‍රසන්න පෙරේරා ,එම පක්ෂයේ ලේකම් නිශාන්ත රත්නායක මහතා විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් හැටියට මැතිවරණ කොමිසම, එහි සභාපති ඇතුළු සාමාජිකයින් තිදෙනා, වේදිනිගම විමලතිස්ස , අතුරලියේ රත්න යන හිමිවරුන් සහ නීතීපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
පෙත්සමේ මෙසේද සඳහන් වේ.
අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු ධූරය සඳහා මන්ත්‍රීවරයකු පත් කිරීම සඳහා දැනට අර්බුදකාරී තත්ත්වයක් උද්ගත වී ඇත.විදිනිගම විමලතිස්ස ඊට තමා සුදුසු බව ඒ හිමියෝම කියා සිටිති. ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා සුදුස්සෙකු නම් කිරීමට බලය ඇත්තේ අපේ ජනබල පක්ෂයේ ලේකම්වරයාටය. ඒ අනුව ඊට සුදුසුම පුද්ගලයා පක්ෂයේ සභාපතිවරයාය.
මෙම තත්ත්වය නිසා පෙත්සම්කරුවන්ගේ ආසන්නතම මූලික අයිතිවාසිකම් කඩ වී ඇත.
මෙම පෙත්සම විභාගයට ගන්නා ලෙසත්, පෙත්සම්කරුවන්ගේ ආසන්නතම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට ප්‍රකාශ කරන ලෙසත්, අපේ ජනබල පක්ෂයේ සභාපතිවරයා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට පත් කරන ලෙසට මැතිවරණ කොමිසමට හා එහි සභාපති ඇතුළු සාමාජිකයින්ට නියෝග කරන ලෙසද , එම ධූරයට වෙනත් අයෙකු පත් කිරීම වළකාලන අතුරු නියෝගයක් මෙම පෙත්සම විභාගයට ගෙන අවසන් වනතුරු බලපැවැත්වෙන පරිදි නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවෝ සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.
උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද සවස දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත් වීමට නියමිත
ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක සිටි ධිවරයෙකු ඈත මුහුදේදි මුහුදට වැටි මියගොස් ඇතැයි වරාය පොලිසිය පවසයි.
වහාම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරන්නැයි කෘත්‍යාධිකාරී මණ්ඩල සභික ලසන්ත ගුණවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ
බලන්ගොඩ කල්තොට රජවක ප්‍රදේශයේ ඇති ගල් වලක බොර සවි කිරීමට ගිය පුද්ගලයකු ගල් කොරියේ ඉහළ ස්ථානයක සිට පහළට ඇදවැටී අද (19) මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්රධාන
ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අපේ ජනබල පක්ෂයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
Champa Tuesday, 08 September 2020 01:11 PM
මේ සභාපතිවරයාටත් අපරාධ චෝදනා තියෙනවා කියලා මම තැනක දැක්කා. චොකා මල්ලි පාර්ලිමේන්තු ගියනිසා අනිත් මිනීමරුවන්ගේත් කරල පැහෙන්න යන්නේ. ඊළඟට දුමින්දද දන්නේ නැහැ.
salman khan Tuesday, 08 September 2020 01:31 PM
ජරමර අස්සේ බර කරත්තලු...
prabha Tuesday, 08 September 2020 05:28 PM
හොඳ වෙලාවට එක ආසනයක් ලැබුණේ. තුන, හතරක් ලැබුණානම් කැති, පොලු අරන් පාරේ ගහගනීවි.
dhamneth Wednesday, 09 September 2020 05:18 AM
මුළු රටෙන්ම 1% ක් වත් ඡන්ද නැති පක්ෂයකින් මන්ත්‍රීවරයකු පත්කිරීම අසාධාරණයි.
isuru Wednesday, 09 September 2020 07:34 AM
වැඩක් නැහැ... බඩුත්, නඩුත් හාමුදුරුවන්ගේ...