තමන් කිසිම අවස්ථාවක ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය නොකළ බවත්, ඇමෙරිකාවෙන් එල්ල වන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් ඉරාන ජනාධිපති අවධාරණය කර ඇත.
ට්‍රම්ප් ජයග්‍රහණය කළේ පසුගිය නොවැම්බර් මාසයේ පැවැති ඇමෙරිකන් ජනාධිපතිවරණයෙනි. ඊට පෙර, ජනාධිපතිවරණ රැලි අතරතුරේ ට්‍රම්ප් වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ ගැනුණි.
ඉකුත් ජූලි මාසයේ පෙන්සිල්වේනියා ජනපදයේ බට්ලර් නුවර එළිමහන් වේදිකාවක ජනරැළියක් අමතද්දී, ට්‍රම්ප්ට එල්ල වුණු වෙඩි ප්‍රහාරයෙන් ඔහුගේ කන් පෙත්ත ද තුවාල විය. ආරක්ෂක අංශ සාමාජිකයන් වහා ක්‍රියාත්මක වී වෙඩි තබා ට්‍රම්ප්ට වෙඩි තැබූ පුද්ගලයා මරා දැම්මේය.
මෙම ඝාතන සිද්ධි සම්බන්ධයෙන් සීක්‍රට් සර්විස් ජනාධිපති ආරක්ෂක අංශයට දෝෂාරෝපණ එල්ල විය. ඒ, ට්‍රම්ප්ට නිසි ආරක්ෂාවක් ලබා නොදුන් බවටය. ට්‍රම්ප් ඝාතන කුමන්ත්‍රණ සම්බන්ධයෙන් එෆ්.බී.අයි. කාර්යාංශය මැදිහත් වී විමර්ශන සිදු කළ අතර, එහිදී එම කුමන්ත්‍රණ පසුපස ඉරානය සිටිනවා යැයි අනාවරණය කළේය.
ට්‍රම්ප් ඝාතන කුමන්ත්‍රණයේ සැකකරුවන් ලෙස, ඉරාන විප්ලවීය හමුදාවට සම්බන්ධ ඉරාන ජාතිකයන් කීප දෙනකු හඳුනාගෙන ඇති බව ද එෆ්.බී.අයි. පරීක්ෂකයෝ වැඩි දුරටත් පැවැසූහ.
එල්ල වන මෙම චෝදනා සම්බන්ධයෙන්, ඉරාන මධ්‍යස්ථමතධාරී ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන්, පවසා ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන කුමන්ත්‍රණයට ඉරානයේ කිසිදු සම්බන්ධයක් නැති බවත්, ට්‍රම්ප් ඝාතනය කිරීමට ඉරානයට කිසිදු ඕනෑකමක් නැති බවත්ය.
ට්‍රම්ප් පළමු වරට ඇමෙරිකන් ජනාධිපති ධුරයේ කටයුතු කරද්දී, ඉරාන විප්ලවීය හමුදාවට සම්බන්ධ අතිරේක හමුදා බලඇණියක් ලෙස ද සැලකෙන කුද්ස් බලඇණියේ ප්‍රධානී ජනරාල් කසීම් සුලෙයිමානී ඝාතනයට අණ දුන්නේය. සුලෙයිමානී ඝාතනයත් සමඟ ඉරාන විප්ලවීය හමුදාව ට්‍රම්ප්ගෙන් පළිගන්නා බවට ප්‍රතිඥා දුන්නේය.
ඉරානය බිය පළ කරන්නේ, ට්‍රම්ප් ලබන 20 වැනිදා දිවුරුම් දීමෙන් පසු ඊශ්‍රායලය සමඟ එක් වී, ඉරානයට එරෙහිව දැඩි තීන්දු තීරණ ගනු ඇති බවටය. ඇමෙරිකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ට්ඉරාන ජනාධිපතිවරයා උත්සාහ ගන්නේ මේ නිසාය.
(ඒ.එෆ්.පී.)
පවුල් ආරවුලක් හේතුවෙන් සිය බිරිද ඇතුළුව එකම පවුලේ සිව්දෙනකුට තියුණු ආයුධයකින් පහරදුන් පුද්ගලයකු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව කළුතර දකුණ මූලස්ථාන පොල
මුහුණු ආවරණය කරගෙන යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයකු සිදුකල වෙඩි තැබීමකින් පිංවල පදිංචි පුද්ගලයකු මියගොස් තවත් පුද්ගලයකු තුවාල ලබා ඇති බව හිර
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා නාවික හමුදාව 2021 හා 2022 දී අත් අඩංගුවට ගත් හෙරෝයින් කිලෝ 494කට අධික ප්‍රමාණයක් පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලවිර මහත්මි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කොට්ටාව අතර කිලෝමීටර් 5.4 ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් අයකු මියගොස් තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලි
වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු කන්ටේනර් තුන්සිය විසිතුනක් හිටි හැටියේ පිට කිරීම බරපතළ සැකයට තුඩු දෙන කාරණයක්
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් කලිල් මහතා අතර විශේෂ හමුවක් එම අමාත්‍ය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අපි ට්‍රම්ප් මරන්න හැදුවේ නෑ - ඉරානය