(නිමල කොඩිතුවක්කු)
යහපාලන රජය යටතේ නිවාස අමාත්‍යංශය මගින් ලබා දුන් නීත්‍යානුකූල නිවාසවලින් ජනතාව එලවන්නට ආණ්ඩුව සැරසෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
අහිංසක ජනතාවට එරෙහිව ආණ්ඩුව ගෙන යන මෙම වැඩපිළිවෙලට එරෙහිව සමගි ජන බලවේගය අඛණ්ඩව අරගල සිදු කරන බවද විපක්ෂනායකවරයා සඳහන් කළේය.
මත්තල ඇත්රජගමදී පැවති හමුවකදී ඔහු මේ ඒ බව පැවසීය.
2017 වසරේදී එවකට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන වකවානුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඇත් රජගම,සියත් ලංකාගම,සිරිබරගම,ඇතුළු ගම්මාන පහක් ඉදිකිරීමට කටයුතු කරනු ලැබීය.
මේ වන විට ආණ්ඩුව එම ගම්මාවල නිවාස 213ක පදිංචි නිවැසියන් ඉවත් කොට තමන්ගේ හිතවතුන්ට එම නිවාස සහ ඉඩම් විකිණීමට කටයුතු යොදමින් සිටින බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
ජනතාවට හිසට සෙවණක් ලබා දීම පිණිස තමන් විසින් දියත් කරන ලද වැඩසටහනට ආණ්ඩුව කෙනෙහෙලිකම් කළත් සමගි ජන බලවේගය ඉදිරි රජයක් යටතේ සියලු ජනතාවට සාධාරණය ඉටු කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
කහටගස්දිගිලිය පඩරැල්ලෑව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරයකු ගුරු නිවාසයේදී යුද හමුදා සෙබළකු සමග අයිස් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියදී දිව්ල්වැව ප
මෙවර හජ් වන්දනාවේ යාම සඳහා 3500කට අවස්ථාව ලබාදීමට තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනපති ධුරය ට තෝරා පත්කිරීමට සුදුසු පුද්ගලයකු නොවන බවට සමාජය තුළ මතයක් ගොඩනැගීමේ අරමුණින් අසත්‍ය හා ද්වේශ සහගත ලිප
නෙච්චියාගම පී.ඩී.ජී ඇග්‍රෝ බිස්නස් පුද්ගලික සමාගමෙන් රුපියල් පන් කෝටි විසි නව ලක්ෂයක් වටිනා කැබිලි බඩ ඉරිඟු ලබා ගෙන එම කැබලි බඩ ඉරිගු සඳහා ගෙවිය යුතු ර
කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු 2025 ජුනි 30 වැනිදා වන විට අවසන් කිරීමට ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජි
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘අපි දුන්නු ගෙවල්වලින් මිනිස්සු එලවන්න හදනවා‘‘
SUNIL MILANO Sunday, 01 August 2021 03:54 PM
එළවන්න දෙයක් නැහැ හලෝ.. මේ ගිනිපෙට්ටි ගෙවල් වලින් ගොඩක් ජනතාව පිටව ගිහින් හමාරයි. සමහරු ගියේ ණය මුදල් ගෙවන්න බැරිවයි. සමහර ගෙවල්වල බිත්ති විතරයි. දැන් මරු කියවනවා.
maha nilame Sunday, 01 August 2021 06:41 PM
ඔයා කොහෙද ගෙවල් දුන්නේ? ඉඩමයි, ලක්ෂ 06ක ණයකුයි විතරයි දුන්නේ.... අපි තාම ගෙවනවා.
Bamunuarachchi Sunday, 01 August 2021 08:26 PM
එලෙව්වාම නම ගම කියන්නකෝ