IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


අපේ බීජ අපනයනයට සූදානම්

(අංජුල මහික වීරරත්න)

ඉතිහාසයේ පළමු වරට මෙරට බීජ වර්ග කිහිපයක් අපනයනය සඳහා සූදානම් කර ඇතැයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දුන්නාය.

ඒ අනුව මිරිස්, වම්බටු , මාළු මිරිස්, බණ්ඩක්කා සහ බඩ ඉරිඟු විශේෂ කිහිපයක් සාර්ථක ලෙස අත්හදා බලා ඇති අතර එම බීජ සඳහා ඉහල ඉල්ලුමක් විදේශ රටවල් ගණනාවකින් ඉදිරිපත් ව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා පෞද්ගලික  අංශය එක්ව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විශේෂඥයින්ගේ සහභාගීත්වයෙන් මෙම නව බීජ වර්ග පීළිබඳ පර්යේෂණ  කර ඇත.

මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීවෙි මෙතෙක් විවිධ බෝග වර්ග සදහා බීජ විදේශ රටවලින් මෙරටට ආනයනය කළ ද මේ වනවිටත් ලංකාවේ වගාවට ඉතාමත් උචිත බීජ නිෂ්පාදනය කෙරෙමින් පවතින බවයි.

 



අදහස් (3)

අපේ බීජ අපනයනයට සූදානම්

ravin Sunday, 07 April 2024 02:06 PM

වැඩේ නම් හොඳයි. ඊට ඉස්සෙල්ලාම රටේ අවශ්‍යතාවය සපුරලාම පටන් ගත්තානම් වඩාත්ම උචිතයි.

:       0       6

de silva Sunday, 07 April 2024 04:39 PM

රටේ අවශ්‍යතාව සපුරන්න නෙමේ මේගොල්ලන්ට අවශ්‍ය බීජ ටිකත් රට පටවන්න. ඊට පස්සේ එළවළු, පලතුරු ටිකත් පිටරටින් ගෙන්වන්න...

:       2       5

විජිත් Sunday, 07 April 2024 05:29 PM

පරීක්ෂණය සාර්ථක නම් ඉන්පසු කළයුත්තේ කුමක්ද? ඒ සඳහා පේටන්ට් බලපත්‍රයක් ගැනීමයි. මේ රටේ නිෂ්පාදනයකළ බීජවල " ජීව විද්‍යාත්මක " අයිතිය මේ රටේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතු බව ඉන් කියැවෙනවා. ඒ සමගම ඒ බීජවල ජාන විකුර්ති කිරීමක්, සංස්කරණය කිරීමක් කිරීමට කිසිවෙකුටවත් නීතිමය අයිතියක් නැති බවත් ඉන් කියැවෙනවා. මේ පියවර ගත්තේ නැතිනම් වෙනත් රටවල් මේ බීජ ආනයනය කොට, ඉන්පසු ඒ රටවලදී ජාන තාක්ෂණයෙන් ජාන විකුර්තිකළ වැඩි අස්වනු දෙන බීජ නිපදවා වැඩිමිලට වෙළඳපළට නිකුත් කිරීමට පුළුවනි. එවිට අපේ බීජවල අලෙවිය නැතිවී යයි. අපේ රටේ, අපේම ශාකයක්වුණු "බිනර" ගසට- මලට අපිට අයිතිවාසිකම් කීමට නොහැකි වුනේ අපේ මිනිසුන්ගේ දැනුම පිළිබඳ ප්‍රශ්නයක් නිසයි. රෑ වැටුණු වලේ දවලුත් නොවැටී සිටීමට දැන්වත් අපි සිතාගත යුතු නොවේද?

:       0       6

ඔබේ අදහස් එවන්න

දියත

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 1570 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 1651 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 1265 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1923 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 578 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 280 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38310 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25238 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 306 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site