IMG-LOGO

2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා


අපේ රියැදුරු බලපත ඉතාලියටත් ළඟදීම වළංගුවේ

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලාංකික රියදුරු බලපත්‍රය ඉතාලිය තුළ පිළිගැනීමේ ගිවිසුමට ඉක්මණින් එළැඹීමට අවශ්‍ය සහාය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ඩේමියානෝ ෆ්‍රැන්කොවික් මහතා  ප්‍රකාශ කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය අද නිවේදනය කළේය.

දැනට ප්‍රමාද වී ඇති එම ගිවිසුම ඉතාලි ප්‍රවාහන අමාත්‍යාංශය විසින් සළකා බලමින් සිටින බවත් එය නුදුරේදීම අවසන් කිරීමට හැකි සෑම සහායක්ම ලබා දෙන බවත් තානාපතිවරයා එහිදී පවසා ඇත.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ඩේමියානෝ ෆ්‍රැන්කොවික් මහතා අතර පැවැති විශේෂ සාකච්ඡාවකදී විදේශ කටයුතු අමාත්‍යවරයා කළ ඉල්ලීමකට පිළිතුරු දෙමින් ඉතාලි තානාපතිවරයා මෙම අදහස් පළකර තිබිණි.

ශ්‍රී ලාංකිකයන්ට රැකියා වීසා ලබා දීම නැවත ඉක්මනින් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස එම සාකච්ඡාවේදී විජිත හේරත් මහතා කළ ඉල්ලීම ඉතාලි රජයට දැනුම්දීමට කටයුතු කරන බවද තානාපතිවරයා පවසා ඇත.

 



අදහස් (4)

අපේ රියැදුරු බලපත ඉතාලියටත් ළඟදීම වළංගුවේ

Perera Saturday, 01 February 2025 04:17 AM

වාහන පදවන්නට බැරි වුනත් ලංකාවේ ලැයිසන් ගන්න පුළුවන් කියලා ඉතාලිය දැනගත්තු දවසට වැඩේ හබක් වෙනවා.

:       0       10

ලුම්බිණි Saturday, 01 February 2025 08:34 AM

අපේ ලයිසන් එක පිළිගන්න රටවල ලයිසන් මේ රටේත් වාහන එළවීම සඳහා පිළිගත යුතුයි.

:       0       6

de silva berlin Saturday, 01 February 2025 02:28 PM

අපි සංචාරක වීසා මත ජර්මනිය වැනි රටවලට කෙටි කාලීන විසිට් එකක් හෝ පදිංචියට ගියාම මාස 6 දක්වා අපට අපේ ශ්‍රී ලංකික රියැදුරු බලපත භාවිතා කර එහෙ වාහන ධාවනය කරන්න අවසර තිබෙනවා. අපේත් සංචාරක ව්‍යාපාරේ දියුණු කරන්න අවශ්‍ය නම් අවම වශයෙන් සංචාරය සඳහා ලංකාවට එන යුරෝපා සංගමයේ රටවල පුරවැසියන් සඳහා අවම වශයෙන් මාස 3 දක්වා වත් වාහන ධාවනයට අවසර දිය යුතුයි.

:       0       9

de silva berlin Sunday, 02 February 2025 07:09 AM

ජනාධිපතිතුමනි, අර දුම්රිය ටිකට් වෙන්කර ගැනීමේ වංචාව වැනි ලංකාවට එන විදේශීය සංචාරකයින්ට මෙරට රිය ධාවනය සඳහා තාවකාලික රියදුරු බලපත් ලබාදී විශාල වශයෙන් මුදල් ගසාකන ජාවාරමකුත් තිබෙනවා. TUK TUK රෙන්ට් කියන ආයතනය සංචාරකයින්ට රියැදුරු බලපත් නිකුත් කරන චැනල් එක කුමක්ද කියලා CID දමලා චෙක් කළා නම් නිකම්ම හොයාගන්න පුළුවන්... අර දුම්රිය ටිකට් වෙන් කිරීමේ මාෆියාවට තිත් තිබ්බා වගේ මේ හොරුන්ටත් ෂොට් එක දෙමු... මේකට රජයේ නිලධාරීන් සම්බන්ධය... ලොකු හොරු, මධ්‍යම ප්‍රමාණේ හොරු, පොඩි හොරු අහුවෙන එකා දෙන්නා හරි කොටු කරගනිමු. සියලුදෙනාම එකතුවෙලා..

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කෝටි 80 ක මත්කුඩු කොටිකාවත්තෙන් අල්ලයි
2025 අප්‍රේල් මස 26 35 0

රුපියල් කෝටි 80කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් ‍‍‍‍කොටිකාවත්ත නාගහ මුල්ල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව මාලඹේ පොලිසිය කියයි


රජයේ බෙහෙත් තොගයක් තේ වත්තකින් හමුවෙයි
2025 අප්‍රේල් මස 26 33 0

රජයේ රෝහල්වල හාවිතා කරනු ලබන බෙහෙත් තොගයක් හැටන් පුටිහිල් තේ වත්තට බැහැර කර ඇති බව වතු පාලන අධිකාරි හැටන් පොලීසිය වෙත දැනුම් දී ඇත.


චීන පටස් හපන්න ගිය දන්ත වෛද්‍යවරිය රෝහලේ
2025 අප්‍රේල් මස 26 569 0

අවුරුද්දට පුතා ගෙනා චීන පටස් එකක් දත්වලින් හැපීමට ගිය මවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව පානදුර පොලිසිය


උතුරට අහිමි වූ හැම දෙයක්ම ආපහු දෙනවා
2025 අප්‍රේල් මස 26 156 0

යුද්ධය නිසා උතුරේ ජනතාවට අහිමි වූ නැවත ලබා දිය හැකි සෑම දෙයක්ම ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වේ
2025 අප්‍රේල් මස 26 416 0

2024 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව මීට සුළු වේලාවකට පෙර නිකුත් කළේය.


පාප් වහන්සේගේ දේහය මිහිදන් කෙරේ
2025 අප්‍රේල් මස 26 334 0

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 870 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 392 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 546 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site