(යොහාන් භාසුර)
දේශීය අපනයනකරුවන් සඳහා සහ දේශීය කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනකරුවන් වෙත අවශ්‍ය සේවා සම්බන්ධයෙන් කාර්යක්ෂමව ආකාරයෙන් පහසුකම් සැලසීම සහතිකිරීමට රජය ජාතික තනි කවුළුව' පහසුකමේ වැදගත්කම හඳුනාගත් බවත් අවශ්‍ය සේවා මාර්ගගතව සැපයීමට ආනයන හා අපනයන පාලක දෙපාර්තමේන්තුව ආරම්භ කළ බවත් නියෝජ්‍ය මුදල් අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසීය.
අපනයනකරුවන් සහ ආනයනකරුවන් සඳහා අවශ්‍ය සේවා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය මාර්ගගත ආකාරයෙන් ලබාදෙන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
විවිධ මට්ටම්වල කාර්ය සාධනය සමගින් තවත් ආයතන කීපයක් සේවා සැපයීම සඳහා මාර්ගාත ක්‍රමවේදය ඔස්සේ පහසුකම් සැලසීම දැනටමත් ආරම්භ කර ඇතිි බවත් මෙම ජාතික තනි කවුළුව ව්‍යාපෘතිය සමග දැනට සම්බන්ධ වී සිටින වාණිජ මණ්ඩල පහක් පහ, එනම් ලංකා වාණිජ මණ්ඩලය, ජාතික වාණිජ මණ්ඩලය, අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය, වාණිජ සහ කර්මාන්ත මණ්ඩල සම්මේලනය සහ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය මෙම පහසුකම් සැලසීම අගය කරන බවත් ඒ මහතා කීය.
තෝරාගත් රජයේ ආයතන කීපයක් සිය සේවා ඩිජිටල් ආකාරවලින් සැපයීම ඔස්සේ රාජ්‍ය ආයතනවලට අපනයන හෝ ආනයනකරුවන් පැමිණීමකින් තොරව අනුකූලතාවය සහ අනෙකුත් අවශ්‍යතා සපුරාලීමේ අවස්ථාව අපනයනකරුවන් සහ ආනයනකරුවන් වෙත දීමට මෙහි අරමුණ බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
මාර්ගගත ආකාරයෙන් සිය සේවා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අදාළ ආයතන විසින් අත්පත් කරගෙන ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා සහ රැස්වීම සඳහා සහභාගි වූ පිරිස සාකච්ඡා කළ අතර ජාතික තනි කවුළුව පද්ධතිය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වන තෙක් ප්‍රමුඛතාවයදී ක්‍රියාත්මක කළ යුතු කරුණු සම්බන්ධයෙන් වාණිජ මණ්ඩල පහේ අදහස් සහ නිරීක්ෂණයන් අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.
ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකා ජනාධිපති ලෙස දෙවැනි වරට එම ධුරයට පත් වී පළමු දින 100 සම්පූර්ණ කර ඇත. පළමු දින 100 සම්පූර්ණ වීම නිමිත්තෙන්, මිචිගන් ජනපදයේ ජන රැළියක
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්ද දායකයන් තමන්ට ලිපි ලැබෙන තැපැල් කාර්යාලවලට පැමිණ අනන්‍යතාව තහවුරු කිරීමෙන් ඒවා ලබා ගත හැකි බව තැපැල් දෙපාර
ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපතිනියගේ නිල නිවසේ සේප්පුවක තිබූ රුපියල් හතළිස් පන් ලක්ෂයක් පමණ වටිනා මැණික් ගල් ඇල්ලූ රන් මුදු සහ රන්මාල, පෙන්ඩන්ට්
නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ලබන මැයි 5 සහ 6 යන දෙදින සාමාන්‍ය රාජකාරී සඳහා වසා තැබීමට තීරණය කර ඇත.
වෙසක් උත්සවය වෙනුවෙන් පැවැත්වීමට නියමිත දන්සැල් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පොදු උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
අපනයන - කර්මාන්ත දියුණුවට ’ජාතික තනි කවුළුව’ ක් අරඹයි