IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


අ’පුර අවන්ති දේවි ළමා නිවාසයේ පාලිකාව රිමාන්ඩ්

(උපාලි ආනන්ද)
 
අනුරාධපුර අවන්තිදේවි කාන්තා ළමා නිවාසයේ රැකවරණය  ලබමින් සිටින දැරියන් කෲරත්වයට පත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එහි ප්‍රධාන පාලිකාව  මේ මස 18 වන දින දක්වා රිමාන්ඞ් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා  අද (15) නියෝග කළේය.
 
සැකකාරිය විසින් කෲරත්වයට පත් කර ඇති බව කියන දැරියන් සම්බන්ධයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා සිදු          කළ පරික්ෂණයේ වෛද්‍ය වාර්තා සහ මෙම සිද්ධිය පිළිබදව සිදු කෙරෙන විමර්ශණ වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරික්ෂිකා යමුනා කාන්ති මහත්මියට තවදුරටත් නියෝග කල කරනු ලැබීය.
 
මෙසේ රිමාන්ඞ් කලේ අනුරාධපුර අවන්තිදේවි කාන්තා ළමා නිවාසයේ ප්‍රධාන පාලිකාව වන අමරා වීරසිංහ නැමැති 52 හැවිරිදි කාන්තාවකි.
 
සැකකාර ළමා නිවාස පාලිකාවට එරෙහිව වෙන් වෙන් වශයෙන් බී වාර්තා 11 ක් අධිකරණයට ඉදිරිපත් කරමින් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය අධිකරණයට සැල කර සිටියේ අනුරාධපුර කඩ පනහ ප්‍රදේශයේ පිහිටි අවන්තිදේවි කාන්තා ළමා නිවාසයේ දැරියන් පිරිසක්   එහි පාලිකාව විසින් කෲරත්වයට පත් කර ඇති බව පොලිසිය සිදු කළ මූලික  විමර්ශනයේදී අනාවරණ වූ බවයි.
 
 



අදහස් (0)

අ’පුර අවන්ති දේවි ළමා නිවාසයේ පාලිකාව රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

දියත

ආර්.එම්.වී ප්‍රධාන කාර්යාලය දෙදිනක් වහයි
2024 නොවැම්බර් මස 08 479 0

නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහ දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය මහ මැතිවරණයේදී ඡන්ද මාධ්‍යස්ථාන ලෙස යොදාගන්නා බැවින් එම කාර්යාලය සාමාන්‍ය රාජක


අල්ලස් ගත් විදුහල්පතිවරිය රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 08 684 0

2025 පළමු වසරට දරුවකු ඇතුළත් කිරීම සඳහා රුපියල් 15 0000 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන කැළණිය කරුණාරත්න බෞද්ධ විද්‍යාලයේ විදුහල්පතිනිය ලබන 22 දින දක්වා රක්ෂිත බන


මහ කන්නයට ජලය මුදා හරියි
2024 නොවැම්බර් මස 08 3 0

මහකන්නයේ වගාව සඳහා ජලය මුදාහැරීම ආරම්භ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.



13-14 බස්නාහිර ආදායම් බලපත් නිකුත් නොකරයි
2024 නොවැම්බර් මස 08 258 0

මහ මැතිවරණය හේතුවෙන් මේ මස 13 සහ 14 දෙදින බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් නොකරන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසයි.


කිතුල් පොලු පහරින් අයෙක් මරුට
2024 නොවැම්බර් මස 08 501 0

කිතුල්පොලු පහරක් හිසට එල්ල වීමෙන් වයෝවෘද්ධ පුද්ගලයෙකු මියගොස් ඇතැයි අඟුරුවාතොට පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 82 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 456 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1428 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site