IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


අ‘පුරේ දරුවෝ 900 ක් දැඩි මන්දපෝෂණයෙන්

(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර දිස්ත්‍රික්කයේ දැඩි ආහාර අනාරක්ෂිත භාවයකින් යුතු පවුල් 13,597ක් සිටින  බව ආහාර සුරක්ෂිතතාවය හා පෝෂණය සඳහා වන උතුරු මැද පළාත් සැලසුම් කමිටුවේදි  අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ සුගත් නයනානන්ද මහතා පැවසිය.

 මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් සුගත් නයනානන්ද මහතා මෙසේද පැවසිය.

‘අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාශ 22 ක පවුල් දෙලක්ෂ හතළිස් අටදහසක් සිටිනවා.එම පවුල් අතරින්13,597 ක් තමයි  මේ ආකාරයට ආහාර අහේනියෙන් පිඩාවට පත්ව සිටින්නේ’.

මෙම පිරිස වෙනුවෙන් ප්‍රා දේශිය ලේකම්වරැ විසින් විවිධ ආකාරයට සහන සැලසිමට පියවර ගෙන තිබෙනවා.එසේම මෙම අයට ගම් මට්ටමින් කමිටු හරහා සතියකට දෙවතාවක් පමණ වියලි සලාක මල්ලක් ලබාදිමට පියවර ගෙන තිබෙනවා.ඊට අමතරව විහාරස්ථාන මගින් ආහාර බැංකු මගින් සහන සැලසිමටද පියවර ගෙන තිබෙනවා’.

‘එසේම අනුරාධපුර දිස්ත්රිික්කයේ දැඩි මන්ද පෝෂණයෙන් පෙලෙන දරැවන් නවසියක් පමණ සිටින බවද ඒ මහතා මෙහිදි පැවසිය.
උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්ධානත්වයෙන් පළාත් සභා ශ්රරවණාගාරයේදි මෙම කමිටු රැස්විම පෙරේදා(28)දින  පැවැත්විණි.

මෙහිදී පවතින ආහාර අවශ්යතාවයට මුහුණ දීම සඳහා මීට පෙර සැලසුම් කරන ලද සැලසුම් වල ප්‍රගතිය ඉදිරිපත් කිරීම සහ ඒවා විධිමත්ව පවත්වා ගැනීම පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡාවට භාජනය විය.

කෘෂි කර්මාන්ත, සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව, පළාත් සෞඛ්ය සේවා දෙපාර්තමේන්තුව, සමාජ සේවා දෙපාර්තමේන්තුව, මහවැලි එච්. කලාපය, දිස්ත්රිජක් ලේකම් කාර්යාලය ඇතුළු සියලු අංශවල සැලසුම් හා ප්ර,ගතිය සලකා බැලීම මෙහිදි සිදු කෙරිණි.

ලංකාවේ මිරිදිය මසුන් නිෂ්පාදනයෙන් 40%ක් පමණ උතුරු මැදින් නිෂ්පාදනය වන අතර. ඒ අනුව ජලාශ 70 කට එක් ජලාශයකට මසුන් ඇගිල්ලන් 75,000 බැගින් මුදාහැරීමට කටයුතු කරන බවටද මෙහිදී හෙළි විය.

මීට අමතරව උග්‍ර මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙන උතුරු මැද පළාතේ දරු දැරියන් ඉන් මුදවා ගැනීම සඳහා විශේෂ වැඩසටහන් කීපයක් ක්‍රියාත්මක කිරිමටද මෙහිදී තීරණය කෙරිණ.

මෙම අවස්ථාවට උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර, ආණ්ඩුකාර ලේකම් නයනා දසනායක , උතුරු මැද පලාත් කෘෂිකර්ම ලේකම් විජය වනසිංහ ඇතුළු පළාත් අමාත්‍යාංශවල ලේකම්වරුන් නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන් මෙන්ම පළාත් සභා නිලධාරීන් හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දිස්ත්රිරක් කෘෂිකර්ම  අධ්‍යක්ෂ ලලිතා තේනුවර මහත්මිය ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.



අදහස් (4)

අ‘පුරේ දරුවෝ 900 ක් දැඩි මන්දපෝෂණයෙන්

පිටිගල මිලානෝ Thursday, 29 December 2022 07:33 PM

රට රකින අපේ විරුවා…. ලෙවකන්න වැඩේ කෙරුවා….!

:       3       6

SUNIL MILANO Thursday, 29 December 2022 07:47 PM

මේ ඉතියෝපියා හෝ ඉරිත්‍රියාවේ පින්තූරයක් ලංකාවේ නම් නෙවෙයි.

:       0       7

sharm warn Friday, 30 December 2022 10:11 AM

ගොබ්බයන්ටත් පිනාටත් උන්ගෙ පිටිපස්සෙන් ඉන්න සදාකාලික හොරුන්ටත් මෙ පින් අනුමෝදන් වෙවා. . මෙ පින් බෙලෙන් කල් නොයාම සසරින්ම එතෙර වෙවා..

:       0       1

sharm warn Friday, 30 December 2022 03:11 PM

දවසින් දවස මන්ද පෝෂණයෙන් බැටකන දරුවන් ප්‍රමාණය ඉහළ යනවා. හැබැයි මහ බැංකුව වාර්තා දෙනවා මාසයෙන් මාසෙ උද්ධමනය අඩුවෙනවලු... දෙසැම්බරයේ 61% වෙලාලු. තිබිච්ච තැනින් 14%ක් අඩුවෙලාලු. මොකෙන්ද අඩුවුණේ කියලා දන්න කෙනෙක් කියලා දෙන්න කරුණාකරලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 2492 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 3136 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 2025 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1921 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 1378 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 949 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25878 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18857 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 374 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 644 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1846 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site