IMG-LOGO

2025 පෙබරවාරි මස 13 වන බ්‍රහස්පතින්දා


අ‘පුරේ ස්කෝල 55 ක් රෑටත් විවෘතයි

(දයාරත්න ඇඹෝගම)

මෙවර 2024 වර්ෂයේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගෙට පෙනී සිටින පාසල් දරුවන්ගේ ප්‍රතිඵල ඉහළ නැංවීමේ අරමුණින් එම දරුවන්ට සවස් කාලයේ සහ රාත්‍රී කාලයේ නොමිලේ අමතර පන්ති පැවැත්වීමේ වැඩසටහනක් උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කොට තිබේ.

උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතාගේ අදහසක් අනුව පළාත් ආණ්ඩුකාර කාර්යාලය, අනුරාධපුර කලාප අධ්‍යාපන කාර්යාලය, ලංකා ගුරුසේවා සංගමය එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.

මෙම වැඩසටහන අනුරාධපුර දිස්ත්‍රික්කයේ අනුරාධපුර කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ ඇති අ.පො.ස සාමාන්‍ය පෙළ දක්වා පංති පැවැත්වෙන පාසල් 55ක ක්‍රියාත්මක වන අතර සවස 02.30න් පසුව අදියර තුනක් යටතේ පංති පැවැත්වේ.

අලි ගැටලුව ඇති ප්‍රදේශවල පාසල්   දරුවන්ට පළවන අදියරේ යටතේ සවස 02.30 සිට සවස 06.00 දක්වා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. අනෙක් ප්‍රදේශවල දරුවන් සඳහා දෙවන අදියර වශයෙන් සවස 06.00 සිට රාත්‍රී 10.00 දක්වා පන්ති පැවැත්වේ. තුන්වෙනි අදියර යටතේ සතියකට එක් දිනක් සවස 06.00 සිට පසුදා උදෑසන 06.00 දක්වා මුළු රාත්‍රිය පුරා මෙම ඉගැන්වීමේ කටයුතු සිදු කරයි.

මේ සඳහා දරුවන්ගේ දෙමාපියන් හා පාසල් ගුරුවරුන්ගේ පූර්ණ ආරක්ෂාව හිමිවෙයි.

මීට අමතරව ප්‍රායෝගික විෂයයන් වන සංගීතය, නැටුම්, තොරතුරු තාක්ෂණය වැනි විෂයන් සඳහා සෙනසුරාදා සහ ඉරිදා දිනයන්වල එක් අධ්‍යාපන කොට්ඨාසයක ස්ථාන දෙකක් තෝරාගෙන විෂයන් හදාරන සියලු දරුවන් එම ස්ථාන දෙක සඳහා යොමු කොට උදෑසන 08.00 සිට සවස 04.00 දක්වා  පුහුණුව ලබා දේ.

බොහෝ පාසල්වල ප්‍රධාන විෂයන් ඉගැන්වීම සඳහා ගුරුවරුන්ගේ හිඟයක් පවතින බැවින් එම විෂයන් සඳහා ප්‍රවීණ ගුරුවරුන් පිට ප්‍රදේශවලින් ගෙන්වාගෙන මේ සඳහා යොදවා ගනු ලබයි.

මේ සඳහා සියලුම සම්පත් දායක ගුරුවරුන් ස්වේච්ඡාවෙන් මෙම වැඩසටහන සඳහා දායකත්වය සැපයීම විශේෂ කරුණකි. ඔවුන් මේ සඳහා කිසිදු මුදලක් අය නොකරයි

 මේ වැඩසටහන ක්‍රියාත්ම කරන ආකාරය  පරීක්ෂා කිරීම සඳහා පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතා රාත්‍රි කාලයේ සිසු දරැවන්ට අධ්‍යාපනය ලබාදෙන අනුරාධපුර මහබුලංකුලම මහා විද්‍යාලයේ නීරික්ෂණ චාරිකාවක ඊයේ (12)දින නිරත විය.

මෙම අවස්ථාවට අනුරාධපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක මහේෂි මංජරිකා හෙට්ටිආරච්චි, ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම් ආනන්ද රත්නායක, වෙළද හා සමුපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ අමාත්‍යවරයාගේ සම්බන්ධිකරන ලේකම් ප්‍රියන්ත රත්නායක, ආණ්ඩුකාර මහජන සම්බන්ධතා නිලධාරී අසේල විජේසිංහ,  මහබුලංකුලම මහ විද්‍යාලයේ විදුහල්පති ටොරින්ටන් කුමාරසිරි යන මහත්ම මහත්මීහු පිරිසක් එක්ව සිටියහ.

 



අදහස් (0)

අ‘පුරේ ස්කෝල 55 ක් රෑටත් විවෘතයි

ඔබේ අදහස් එවන්න

 

 

දියත

සුජීවගේ පෙත්සම විභාගයට අවසර
2025 පෙබරවාරි මස 13 200 0

නීතියට පටහැනි ආකාරයෙන් රහස් පොලිසිය තමන්ට එරෙහිව කරන පරීක්ෂණවලින් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට නියෝගයක් කන්නැයි ඉල්ලා සමගි ජන බලවේගයේ පාර්ලිම


’’වී ගබඩා පිනට දීලා කෝටි හතක් වතුරෙ යවලා’’
2025 පෙබරවාරි මස 13 234 0

සීමාසහිත ශ්‍රී ලංකා රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව වී තොග රැස්කිරීම සඳහා පිලිපීනයෙන් ආනයනය කෙරුණු ජංගම ගබඩා 55න් 33ක් රජයේ ආයතනවලට නොමිලේ බෙදාදීම හේත


මංගල අයවැය ලබන සඳුදා
2025 පෙබරවාරි මස 13 251 0

මෙම වර්ෂය සඳහා රජයේ අයවැය (අයවැය කතාව) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ලබන 17 සඳුදා උදේ 10.30ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.


නොරොච්චෝලෙන් සුබ ආරංචියක්
2025 පෙබරවාරි මස 13 912 1

නොරොච්චෝලේ අල්අඟුරු බලාගාරයේ අක්‍රීය වූ විදුලි ජනන යන්ත්‍ර තුන අද (13) පෙරවරුවේ ක්‍රියාත්මක කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.


ඇල්ල රක්ෂිතයේ ගින්නක්
2025 පෙබරවාරි මස 13 2 0

ඇල්ල රාවණා ඇල්ල රක්ෂිතයට අද (13) කිසිවෙකු විසින් ගිනි තබා ඇති අතර සවස් වන විටත් ගින්න පැතිර යමින් තිබූ බව ඇල්ල පොලීසිය පැවැසීය.


පුංචි ඡන්දයේ උසාවි මතය හෙට මැතිසබයට
2025 පෙබරවාරි මස 13 173 0

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා විධිවිධාන සැලසෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මත


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 150 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 128 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 919 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site