(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකුගේ බිරිය රුපියල් ලක්‍ෂ 15 ක් පමණ වටිනා ඇති හෙරොයින් ග්‍රෑම් 100 ක් සහ මිලිග්‍රෑම් 250 ක් සමග වත්තල දී අත්අඩංගුවට ගත් බව මිගමුව කොට්ඨාශයේ අපරාධ විමර්ශන අංශය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 2018 වසරෙදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග වත්තල හේකිත්ත ප්‍රදේශයේදී සිදුවූ වෙඩි හුවමාරුවකදී මියගිය දඩල්ලගේ මංජු නැමැත්තාගේ බිරිය බව පොලිසිය සදහන් කරයි.
මිගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරී පිරිසක් ඉකුත් දා දිවුලපිටිය ගල්කන්ද හංදියේදී හෙරොයින් මිලිග්‍රෑම් 240 ක් සමහ 30 හැවරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට පත්ව ගනු ලැබීය.
එම සැකකරුගෙන් කරනු ලැබූ ප්‍රශ්න කිරීමේදී හෙලිවූ තොරතුරු මත පොලිසිය වත්තල ඔලියමුල්ලේ නිවසක් වැටලීමේදී 28 හැවිරිදි සැකකාරිය හෙරොයින් ග්‍රෑම් 100 ක් සහ මිලිග්‍රෑම් 250 ක් සමග අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.
හෙරොයින් ග්‍රෑම් 6 කට ආසන්න ප්‍රමාණයක් සමග මෙම සැකකාරියගේ සොහොයුරාද 18 හැවරදි තරුණයෙකු මත්පෙති 80 ක් සමග ද ඒ අවස්ථාවේදී අත්අඩංගුවට පත්වූ බව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
හෙරෝයින් ජාවාරම් කිරී මේචෝදනා මත සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය
2025 දෙසැම්බර් මස 04
783
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
577
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අපරාධ කල්ලි සාමාජිකයාගේ බිරිය හෙරොයින් සමඟ මාට්ටු