(ප්‍රියාණි මංගලිකා)
මිනීමැරුමකට සහ අපරාධ රැසකට සම්බන්ධ වරෙන්තුකරුවෙකු වෙනත් නමකින් අඹන්පොල ප්‍රදේශයේ කාන්තාවකගේ නිවසේ සැඟවී සිටියදී , ව්‍යාජ රියදුරු බලපත්‍රයක්ද සමග අත්අඩංගුවට ගත් බව නිකවැරටිය කොට්ඨාශ පොලිස් විශේෂ කාර්යාංශය අද (27) පැවසීය.
ව්‍යාජ නමකින් පෙනී සිටි සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 32 වියැති දෙදරු පියෙකු වන බවද, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් සහ පස්සර මහේස්ත්‍රාත් අධිකරණයෙන් මෙම සැකකරුට වරෙන්තු රැසක් නිකුත් කර ඇති බවද පරීක්ෂණවලදී අනාවරණය වූ බවද පොලිසිය සඳහන් කළේය.
2017 වසරේදී තියුණු ආයුධයකින් කපා කොටා තරුණයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප ලබා පැමිණ ඉන්පසු කිසිඳු නඩුවක් වෙනුවෙන් අධිකරණයට පෙනී නොසිටීමෙන් සැකකරුට මෙලෙස වරෙන්තු නිකුත් කර ඇති බවද පොලිසිය සඳහන් කළේය.
පොලිස් විශේෂ කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඊ.එම්. වසන්ත ඒකනායක මහතාට ලැබුණු තොරතුරුකට අනුව, නිලධාරීන් විසින් වැටලීම සිදුකර වරෙන්තුකරු අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අඹන්පොල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් (Andrew Patrick) මහතා අතර හමුවක් අද (06) පස්වරුවේ ජනාධිප
කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ උඩරටමැණිකේ දුම්රියේ ගමන් ගත් ඇමරිකානු ජාතික තරුණියක් සෙල්ෆි ජායාරූප ගැනීමට යාමේදී ඔහිය පට්ටිපොළ දුම්රිය
බද්දේගම විදුහලක විදුහල්පතිවරයෙක් අද සවස සිය නිවසේ පැවැත්විමට සුදානම්කර තිබු දේශපාලන රැස්විමක් ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරවුල් කිරිමේ මධ
ආසියානු සංවර්ධන බැංකුවේ ණය ක්‍රමය යටතේ අනුරාධපුර ශික්ෂණ රෝහලට ලැබුණු පිළිකා රෝගී කිරණ යන්ත්‍රය (ලීනැක්) ගාල්ලේ කරාපිටිය රෝහල වෙත රැගෙන යෑමේ සූදානමක්
කහටගස්දිගිලිය පඩරැල්ලෑව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරයකු ගුරු නිවාසයේදී යුද හමුදා සෙබළකු සමග අයිස් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියදී දිව්ල්වැව ප
මෙවර හජ් වන්දනාවේ යාම සඳහා 3500කට අවස්ථාව ලබාදීමට තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අපරාධ රැසකට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට
ROCKY Sunday, 28 February 2021 06:49 AM
ඊළඟ ඡන්දෙදී නාම යෝජනා දෙන්න නියම කෙනෙක්...!!! කොළොන්නාව ආසනේ නෙවැ... දිනනවා ශුවර්...!!!