(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවකු සමඟ පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් වේයන්ගොඩ හල්ගම්පිටිය ප්‍රදේශයේ මෙහෙයුමක් සඳහා ගිය අවස්ථාවේදී ඇති වූ සිද්ධියක දී වෙඩි පහරට ලක්ව එම සැකකරු අද(28) අලුයම මියගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
මියගොස් ඇත්තේ වේයන්ගොඩ බාඳුරාගොඩ පදිංචිව සිටි අපරාධ රැසකට සම්බන්ධ නිශාන්ත කුමාරසිරි නැමැති 38 හැවිරිදි පුද්ගලයකි.
එහිදී පොලිස් කොස්තාපල්වරයෙකු ද තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කළ බව නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.
වේයන්ගොඩ මාලිගාතැන්න ප්‍රදේශයේදී පුද්ගලයකු එය අත්පා වෙන් වන ආකාරයෙන් කපා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට තැත් කිරීම චෝදනාව යටතේ ඉකුත් 19 වෙනිදා මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙම සැකකරුට විරුද්ධව මේ වන විට මහාධිකරණ නඩු තුනක් විභාග වෙමින් පවතින බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.
පලාත් පාලන ආයතන ජන්ද විමසීමේ තැපැල් ඡන්දය සළකුණු කිරීම අද (28) සහ හෙට (29) රාජ්‍ය ආයතනවලදි පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මෙවර උසස්පෙළ පෙළ විභාගයෙන් ජෙෙව විද්‍යා අංශයෙන් දිවයිනේ තුන්වන සහ පස්වන ස්ථානය හිමිකර ගැනීමට යාපනය හින්දු විද්‍යාලයේ නිවුන් සොහොයුරන් දෙදෙනකු
උතුරු අර්ධ කෝලයේ සහ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං හමුවන කලාපය ලෙස හඳුන්වන අන්තර් නිවර්තන අභිසාරි කලාපය නිසා දිවයිනේ කාලගුණයට දැඩි බලපෑමක් ඇති ක
කිලිනොච්චි ප්‍රදේශයට ඊයේ (27) කාලයේ හා රාත්‍රී කාලයේ ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ගංවතුර තත්වයක් පවතින බව දිස
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙක් පොලිස් වෙඩි පහරින් මරුට
ලුම්බිණි Monday, 28 December 2020 02:37 AM
ප්‍රශ්න විසඳන පහසුම ක්‍රමයක්... !!
Raveendra Monday, 28 December 2020 03:32 AM
69 ලක්ෂය පිනවීමේ මහා මෙහෙයුම... සර් උඩින්ම පාස්.
Bamunuarachchi Monday, 28 December 2020 04:25 AM
ඔන්න ඔහොම අඩුකළොත් පාතාලය නැතිවේවි...!!!
Ruhunu Monday, 28 December 2020 08:35 AM
ආවානම් ඉතින් සාධාරණ තීන්දු...
Prabha Monday, 28 December 2020 09:00 AM
අත්අඩංගුවේ සිටින සැකකරුවන් සමග මෙහෙයුම් කරන ලෝකේ එකම පොලිසිය.
විජිත් Monday, 28 December 2020 11:02 AM
"...මෙම සැකකරුට විරුද්ධව මේ වනවිට මහාධිකරණ නඩු තුනක් විභාග වෙමින් පවතින බවකි. නියෝජ්‍ය පොලිස්පතිවරයා " ... ඒ නිසා අපි එයාව සැඟවූ අයුධ හොයන්න අරන් ගියා " යයි වැඩිදුරටත් පැවසීය.
Raveendra Monday, 28 December 2020 02:13 PM
අනුන්ට අයිති අවයව කපන්න තරමට සිත්පිත් නැති මේ මුර්ගයා වෙනුවෙන් වෙඩි උණ්ඩ පාවිච්චි කිරීම අපරාදයක් ලෙස පෙනෙන්නේ අපට පමණද..? පුදුමයි NGO "හැත්ත" කිසි හා... හුවක් නැහැ....
Duminda Monday, 28 December 2020 04:09 PM
මීට ඉස්සර වෙඩි තියලා දාන්න තිබුණේ... හිත හොද මිනිස්සු කී දෙනෙකුට කරදරද?