(කේ. බුද්ධික කුමාරසිරි)
මුල්ලේරියාව කැලණි නදී මාවත හන්දියේ නවතා තබූ සැක කටයුතු ත්‍රිරෝද රථයක තිබී ලේ තැවරුණු කඩු තුනක් යකඩ පොල්ලක් මන්නයක් ජීව අත් බෝම්බ දෙකක් සමගින් සැකකරුවන් හය දෙනෙකු අත් අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය පවසයි.
මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිළධාරීන් දෙදෙනෙකුට අදාල ත්‍රීරෝද රථය පිළිබදව සැක සිතී සිදුකල පරීක්ෂාවේදී මෙම ආයුධ හමු වී ඇති අතර අදාල ත්‍රීරෝද රථයෙහි පුද්ගලයින් හය දෙනෙක් ගමන් කර තිබූ බවද පොලිසිය පවසයි.
එම පොලිස් නිළධාරීන් දෙදෙනා විසින් අනෙකුත් පොලිස් නිලධාරීන් වෙත දුරකථන ඇමතුමක් ලබාදී ගෙන්වාගෙන එම පුද්ගලයින්ව සිදුකල පරීක්ෂාවේදී ඔවුන්ගේ ශරීරයේ සගවා ගෙන තිබූ
ජීව අත් බෝම්බ දෙකක් සහ ජංගම දුරකථන හයක් අත්අඩංගුවට ගත් බවද මුල්ලේරියාව පොලිසියේ උසස් නිළධාරියෙකු පැවසීය.
පසුව සිදුකල විමර්ශණයේදී පොලිස් හදිසි ඇමතුම් අංකය වන" 119 "අංකයට දුරකථන ඇමතුමක් මත පිංතාලිය හන්දියේ බට කැටියේ පටුමගේ පිරිසක් පැමිණ අනවසරයෙන් ඇතුළු වී නිවසක සිටි පුද්ගලයකු ඝාතනය කිරීමට පැමිණ ඇති බවත් එම අදාළ පුද්ගලයා නිවසේ නොසිටි බැවින් ඔහුගේ පියාට බරපතල තුවාල සිදුකර නිවසටද දැඩි ලෙස අලාභ හානි කර ඇති අතර පියා බරපතල තුවාල සහිතව මුල්ලේරියාව මූලික රෝහලට ඇතුළත් කර තිබූ බවත් අනාවරණය වී ඇත
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ
රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අපරාධයකට ආ හයක් කඩු-බෝම්බ සමඟ මාට්ටු