IMG-LOGO

2025 අප්‍රේල් මස 17 වන බ්‍රහස්පතින්දා


අපරාධ දේපොළ පනතට ඡන්දෙ දෙන්න චාමර බන්ධනාගාරෙ සිට එයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

අපරාධයකින් උත්පාදිත දේපොළ පවරා ගැනීමේ පනත් කෙටුම්පතට පක්ෂව කවුරු ඡන්දෙ දුන්නේ නැතත් තමා ඡන්දය ලබා දෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද  (8)පැවසීය.

තමා හිරේ ඉඳන් අද පාර්ලිමේන්තුවට ආවේ එම ඡන්දය ලබාදීමට බව ද දසනායක මහතා සඳහන් කළේය.

රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉඳන් මම අද පාර්ලිමේන්තුවට ආවේ.

මේක අනුන්ගේ කලිසම උගේ වගේ ඇඳගෙන යනවා වගේ පනතක්.පනත් කෙටුම්පත් සකස් කළේ කවුද?කවදාද? නීති පතිට යැව්වේ කවුද?කවදාද?කැබිනට ඇනුමැතිය ගත්තේ කවුද?කවදාද? ඒ වගේම පනත දාන්න හදිසි උනේ ඇයි? 

 අයි.එම්.එෆ් එක උනන්දු කළේ නැතිනම් මේ පනත එන්නේ නෑ. ගිය ආණ්ඩුවත් මේක දාන්න ගියේ අයි.එම්.එෆ් උවමනාවට.අල්ලස් දූෂණ පනතට මම ඡන්දෙ දුන්නා. පළවෙනියට මට  විරුද්ධව ඒකෙන් නඩු දාලා තියෙනවා.



අදහස් (8)

අපරාධ දේපොළ පනතට ඡන්දෙ දෙන්න චාමර බන්ධනාගාරෙ සිට එයි

Neel Tuesday, 08 April 2025 05:58 PM

දැන්වත් මෝඩවැඩ, මෝඩකතා, මෝඩ කම ප්‍රදර්ශනය කිරීම නවත්තන්න

:       0       0

මාබංකුසිංහ Tuesday, 08 April 2025 06:01 PM

ඒක හොරුන්ගෙ ගතිය. වැලිකඩ වෙඩික්කරුත් එලියට දුවල තියෙන්නේ ඇතුලේ වෙඩිතියනවා කියල කෑගහගෙනනේ.

:       0       0

Viresh Tuesday, 08 April 2025 06:47 PM

සජිත්ගෙ බිරිඳ වෙනකාගෙවත් දේපළ බලෙන් අල්ලගෙන සැලූනයක් කරනවා, වෙනකාගෙද කලිසම තමාගෙ වගේ ඇඳන් ඉන්නවා වාගේ, ඔබ හරි චාමර!

:       0       7

අරවින්ද මොණරවිල Tuesday, 08 April 2025 07:05 PM

තමුන් චන්දය දුන්නත් නැතත් වැඩි බහුතරයකින් පණත සම්මත වෙනවා, ඒ නිසා නාවත් කමක් නැහැ.

:       1       10

ප්‍රියන්ත Tuesday, 08 April 2025 08:24 PM

වරදක් කර නොමැතිනම්, බියවිය යුතු නැත!

:       0       8

පිටරටවැසියා Tuesday, 08 April 2025 08:39 PM

හොරු කොහොමත් වේලාසනින්ම, එක අතක් නෙමෙයි, අත් දෙකම උස්සනවා.

:       0       8

චතුරි Tuesday, 08 April 2025 10:44 PM

රටේ සම්පත් හොරාකාපු. හොර නිවටයින්ගේ මැති ඇමතිකම් සේරම අහෝසි කරන්න. නැවත චන්දෙ නොඉල්ලන්න. හිරගෙදර ඉන්න කාලේ. මේවාට සහභාගී නොවෙන්න තමන් නිර්දෝශී කියලා ඔප්පු වෙනකම්. මුන්ව හිර කරන්න

:       0       7

රුවන් Wednesday, 09 April 2025 01:42 PM

විරෙශ්ගේ කතාව හරි සැලුනා එක අයත් ගොඩනැගිල්ලේ ඇත්ත අයිතිකාරුට තාමත් චන්ඩිපාට් දානවා මොනවා වුනත් ඒ මනුස්සයා අහිංසක මනුස්සයෙක්. තමන්ගේ වාහනය පාක් කරන්නත් දෙන්නේ නෑ. වාසනාවකට ජනපති වුනේ නැත්තේ නැත්තං ඔය මනුස්සයාවත් අතුරුදන් කරලා මේ අය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පළාත් කීපයකට අදත් තද වැසි
2025 අප්‍රේල් මස 17 39 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකළපුව සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම්


සිසුන් දෙදෙනෙක් මුහුදේ සැඟ වෙති
2025 අප්‍රේල් මස 17 277 0

පවුලේ අයවළුන් සමග පානදුර මුහුදේ විනෝදයට දියනාමින් සිටී පාසල් සිසුන් දෙදෙනකු දියේ ගිලී අතුරුදන්ව ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි.


පුංචි ඡන්දය නියම දිනටම මැකෝ තීරණය කරයි
2025 අප්‍රේල් මස 17 246 0

පළාත් පාලන ආයතන 339 ඡන්ද විමසීම එකවර පැවැත්වීමට අදහස් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ නීති අංශය පවසයි.


රෝහලට පැන මලසිරුරක් බලෙන් පැහැරගෙන
2025 අප්‍රේල් මස 17 557 0

අනතුරකින් පසු රෝහලට රැගෙන එන අතර තුර මියගොස් සිටි පුද්ගලයකුගේ මල සිරුරක් ඔහුගේ ඥාතීන් විසින් බලහත්කාරයේ පානදුර රෝහලට රැගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.


ඇමෙරිකන් තානාපති කාර්යාල වසා දැමීමේ තීරණයක්
2025 අප්‍රේල් මස 17 2175 0

ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම


රටපුරා රජයේ රෝහල්වල දැඩි බෙහෙත් හිඟයක්
2025 අප්‍රේල් මස 16 2054 1

කොළඹ ජාතික රෝහල ඇතුළු රටපුරා සියලුම රෝහල්වල ජීවිත ආරක්ෂක සහ අත්‍යවශ්‍ය ඖෂධ දැඩි හිඟයක් පවතින බව රෝගීහු පවසති.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 168 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 331 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1010 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site