IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


අපහස උපහසවලට අපේ ගමන වලකන්න බෑ

(නිමල කොඩිතුවක්කු)

සමගි ජන බලවේගය තම පක්ෂ අරමුදලින් ජනතාවට බෙහෙත් ටික, පාසල්වලට බස් රථ, පරිගණක ලබා දෙන විට අපහාස කරන පුද්ගලයන් කැට හොල්ලා ජනතාවගේ මුදල් රැස්කර ඔවුන්ගේ පක්ෂ කාර්යාල අධි සුඛෝපභෝගී ලෙස සකස් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද (29) පැවසීය.

අපහාස උපහාස නොකර තමන්ට තිබෙන අයුරින් හෝ දුප්පත් අසරණ මිනිසුන්ට උපකාර කරන ලෙස එම කණ්ඩායම් වලින් තමන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක 54 වැනි සක්වල වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 50 ක් වටිනා  බස්රථයක්  අවිස්සාවේල්ල සීතාවක ජාතික පාසැලට පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

වේදිකා මත බෙරිහන් දෙන ඇතැම් පුද්ගලයන්ට වැඩ පිළිවෙලක් නොමැති බවත්  තමන්ට හොරු අල්ලා දූෂණය පරාජය කර රට දියුණු කිරීමට විශාල අවශ්‍යතාවක් ඇති බවත් විපක්ෂ නායකවරයා එහිදී  කීවේය.



අදහස් (10)

අපහස උපහසවලට අපේ ගමන වලකන්න බෑ

මහසෙන් Thursday, 29 December 2022 03:19 PM

විසිල් ගහනවා,බල්ට් ගහන්න කීවම රිවස් යනවා.හොරු අල්ලා දූෂණය පරාජය කරන්න ඕන කම තියෙනවා.කොරගන්න බෑ නේ ද?මොකද මෙයා හිතන්නේ මෙයා හොරෙක් නෙවේ එයා ලග ඉන්න අයත් හොරු නෙව් කියලා.

:       7       14

අසේල Thursday, 29 December 2022 03:23 PM

හොරා කාපු පවුලකට යුද්දෙ දිනුවනේ කියල චන්දෙ දෙන මිනිස්සු ඉන්න රටක, තමන්ගෙ පක්ෂෙ දේශපාලන කාරණා මත තහනම් කලහම මුළු රටම කළඹල භීෂණයක් ඇතිකළ මිනිස්සු ඉන්න රටක ඕව ගණන් ගන්නඑපා එපා.

:       7       13

BamunuarachchiFriday, 30 December 2022 01:11 PM

හොරා කන්න පටන් ගත්තේ 1977. ඒ හොරාකාපු මිනිස්සු ඇපල්වතු ගත්තබව ඒකාලේ කියා උනා. දැන් 1977 කාලේ ගැන කියන්නේ ජෙප්පෝ. පරබාකරන්ගේ බෝම්බවලට අහුවෙයි කියලා අම්ම තාත්තා පුතා එකම ගමන ගියේ බස් 3 කින් කියලා දැන් අමතකයි නේද? රාජපක්ෂලා රට බේරා ගත්තේ නැතිනම් ඔහෙලා යාපනේ කකුස්සි සුද්ද කරන්න ගෙනියනවා කියලා දෙමල ඩයස්පොරාවෙක් මට කිව්වා, මතකයි නේද අතුනුබහන් සවල්වලින් එකතු කරපු කාලේ. උහේ ඒ කාලේ ඉන්න ඇත්තේ තාත්තාගාව වෙන්න ඇති.

:       1       1

sharm warn Thursday, 29 December 2022 04:47 PM

විදුරු ගෙවල් වල ඉදගෙන ගල් ගහන්න එපා කියල කතාවක් තියෙනව.. පියානෝ මිය පරලොව යන වෙලවෙ අර ප්‍රසිද් සුචරිත මන්දිරේ මුදලින් කොටි තුනහමාරක් ( 1993 එක ඉතා විශාල මුදලක්) තිබුන කියල කියවුනා. . එවට මොකද වුනේ? අනුන්ට ඇඟිලි දික් කරද්දි තමන්ටත් ඇඟිලි 4ක් එල්ල වෙන බව දන්නවනෙ.. ගොට වගේ මෙයත් ඉන්නෙ හොරු පිරිවරාගෙන.. තව පාරක් මෙයාට රැවටෙන්නකො කට්ටියම..

:       3       11

දිලාන් Thursday, 29 December 2022 04:54 PM

හදවතට එකඟව ජනමනස තේරුම් ගන්න. පුරුදු දේශපාලන වැකිවලට ඔවුන් තවදුරටත් හසුනොවේ...

:       1       6

Perera Thursday, 29 December 2022 05:15 PM

කොහේ යන ගමනක්ද? ඔතනම ඉන්නවා මිසක්...

:       1       10

දාස Thursday, 29 December 2022 06:52 PM

මේ ගොයියාට බලේ ගියොත් බස් දුන්න මුදලාලිලා ටික මිනිහාගේ ගෙදර කොන්ත්‍රාත් ඉල්ලගෙන එයි...

:       1       8

ත්‍රස්ත මාෂල්Friday, 30 December 2022 07:51 AM

බස් වලට ගෙවන මුදල් නෝට්ටු බැංකු වලට දාන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ . දෙය්යන්ගේ පිහිටෙන් එහෙම වෙන්න එපා!

:       0       3

පියදාස Friday, 30 December 2022 08:58 AM

මෙයාට රට හදන්න ඕනෙ නම් නිකන් ලැබුන අවස්ථා දෙකක් මගහැරියා . . මයිත්‍රී, ගෝටාභය යන දෙන්නම කීවා අගමැති කම ගන්න කියලා ,කෝ ගත්තද.... නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටෙකුයි තව ටිකකුයි ඕනේ කීවලු.. කොන්දේසි දා දා මගහැරියා බැරි නිසා. ඔයවගේ චාන්ස් ආයේ එන්නේ නෑ. දැන් මරු කියවනවා.. කිසි දෙයක් ගැන බයවෙන්න එපා. මේපාර චන්දෙදි ඔබතුමා ඇතුළු හොරු නඩයම..... ගෙදරම තමයි.

:       0       1

ජයසිංහ Friday, 30 December 2022 09:11 AM

ටොපි, චොකලට්, සීනිබෝල බෙදලා මේ රට වැටිලා තියෙන තත්වයෙන් ගොඩගන්න බෑ අපේ නායක තුමනි. රටක් ගැන ටිකක් පුළුල්ව හිතලා වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරන්න. කෝ ඔබතුමාලගේ වැඩ පිළිවෙල. මොකුත් නෑ. විවේචනය විතරයි. ඔබතුමාට රටක් කරන්න තරම් අද්දැකීමක්, හැකියාවක් කොහෙන්ද කරපු එක ඵලදායි. සාර්ථක වැඩක් කියන්න පුලුවන්නම් . ඔබතුමාගේ සංකල්පය නේද "කොටනම් කම්කරු -උසනම් සිකුරිටි "...මේවගෙන් පේනවනේ ඔබතුමාගේ හැකියාව....දැන් මිනිස්සු බුද්දිමත්. ඒ නිසා ඔබතුමාලා සෙට් එකම මේ පාර ගෙදර තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 2581 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 3196 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 2048 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1943 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 1398 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 959 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25894 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18857 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 374 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 644 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1846 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site