(අංජුල මහික වීරරත්න)
රටට ආර්ථික සමාජ නිදහස පූර්ණ ලෙස දිනා ගැනීම සඳහා ඔබ අප එකම අරගල බිමක අරගලකරුවන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික නිදහස් උළෙල අමතමින් පැවසීය.
ජනාධිපතිවරයා මෙසේද කීය.
කාලාන්තරයක් තිස්සේ යටත් වැසියන් ලෙස අප බෙදා වෙන්කොට පාලනය කළ ජනවාර්ගික ආගමික කුලභේද පමණක් නොව දේශපාලන නියෝජිතයන් සහ ජනතාව අතර මුල් බැසගෙන ඇති අගතීන් සෝදා හැර සමාජය පවිත්‍ර කළ යුතුව තිබෙනවා.එසේම නූතන ලෝකයට අවශ්‍ය මානව ගරුත්වය ආදරය දයාව මානව සමාජයේ පදනම බව අපට ම අවධාරණය කර ගත යුතුයි.
රටට ආර්ථික සමාජ නිදහස පූර්ණ ලෙස දිනා ගැනීම සඳහා ඔබ අප එකම අරගල බිමක අරගලකරුවන්.
ගොවියන් ධීවරයන් ලෙස ඔබට එහි භූමිකාවක් තිබෙනවා.සියලුම ජනතාවට ඒ සඳහා සුවිශේෂී භූමිකාවක් තිබෙනවා.
තැලෙන පෑගෙන යටත් වැසියකු නොවී ආර්ථික තලයේ නිදහස සාක්ෂාත් කර කර ගන්න නම් අප සියලු දෙනා එක්ව මව්බිම වෙනුවෙන් කැපි විය යුතුව තිබෙනවා.
වෛරයෙන් ක්‍රෝධයෙන් අපවිත්‍ර කරනු ලැබූ ජාතික ආත්මය පවිත්‍ර කිරීම සඳහා ඔබට අත්හළ නොහැකි වගකීමක් තිබෙනවා.
අපට වගකීමේ යෂ්ටිය බාර වූ පරිද්දෙන් අනාගත දිනක වගකීමෙන් ඒ ඔබට බාර කරනු ලබනවා.
ඔබට අප විසින් භාර දෙනු ලබන රට අපට ඉතිහාසය විසින් භාර දුන් රට නොව දියුණු සංස්කෘතික මනුෂ්‍යත්වයක් සහිත රටක්.ඉතිහාසය විසින් අපට උරුම කර දී ඇති මේ මහඟු අවස්ථාව මඟහැර යාමට අපට කිසිදු යුක්ති සහගත බවක් නැහැ.අප එසේ නොකළ බවට අනාගතය සාක්කි දරනු ඇත.
අනාගත සිහිනය අප එක්ව සැබෑ කර ගනිමු.අප මේ ගමන් කරමින් සිටින්නේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය ගැන නොමැකෙන නමක් සටහන් කරන ගමනක්.අපට ලෝකයේ ධනවත්ම රට බවට පත්විය
නොහැකියි.නමුත් අපට සමානාත්මතාවය සහ නිදහසේ ආදර්ශය රැගත් පොහොසත්ම රාජ්‍ය බවට පත්විය හැකියි හැකියි.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)
මෙවර නිදහස සමරන්නේ අනාගතය දෙස බලාගෙනයි
(අංජුල මහික වීරරත්න)
අතීතය දෙස බලාගෙන සැමරූ නිදහස් දින වෙනුවට මෙවර අනාගතය දෙස බලාගෙන නිදහස් දිනය සමරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික නිදහස් දිනයේ ජාතිය අමතමින් පැවසීය.
ජනාධිපතිවරයා මෙසේද කීය.
මෙවර අපි සමරන්නේ සුවිශේෂී නිදහස් දිනයක්.
අතීතය දෙස බලාගෙන සැමරූ නිදහස් දින වෙනුවට මෙවර අනාගතය දෙස බලාගෙන නිදහස් දිනය සමරනවා.උතුරු නැගෙනහිර දකුණ රට මැද ජනයා අනාගත පොහොසත් ශ්‍රී ලංකාවක් ගැන නූතන ශ්‍රී ලංකා ජාතියක් ගැන එකාවන්ව සිහින දකින සමයක අද අප නිදහස සමරනවා.1948 වසරේ අප රටට අප වෙනුවෙන් තීරණ ගැනීමට අවශ්‍ය දේශපාලන නිදහසක් ලැබුණා.දේශපාලන ස්වාධීනත්වය ලැබීමේ ඉතිහාසයේ පළමු මොහොත එයයි.
77 වන නිදහස් දිනයට සමගාමීව වාර්ෂික සංවිධානය කරනු ලබන නිදහස් දින සැමරුම් උළෙල කොල්ලුපිටිය ධර්ම කිර්තයාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.
නිදහසේ සිහිනය එක්ව සැබෑ කර ගනිමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික නිදහස් දින උළෙල අමතමින් පැවසීය.
ජාතික ගීය දෙමළ භාෂාවෙන්ද ගායනා කිරීමෙන් පසු 77 වැනි ජාතික නිදහස් උළෙල සමාප්තියට පත්විය.
සිංහල දෙමළ මුස්ලිම් ඇතුළු සියලු කලා සම්ප්‍රදායන් නිරූපණය වන පරිදි නිදහස් දින සංස්කෘතික සංදර්ශනය හැඩවිය.
ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන්ද 77 වන ජාතික නිදහස් උළෙල සඳහා සහභාගී වී සිටී.
ජාතික නිදහස් සම්මාන පෙළපාළිය කොළඹ නිදහස් චතුරස්‍රයේදී ඇරඹිණි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
අපි ඔක්කොම එකම බිමක අරගලකරුවන්