IMG-LOGO

2025 මාර්තු මස 15 වන සෙනසුරාදා


අපුර රෝහලේ ආරක්ෂාව ගැන බලන්න ත්‍රිපුද්ගල කමිටුවක්

(අංජුල මහික වීරරත්න)

අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය සඳහා නිසි ආරක්ෂාව සහ පහසුකම් සැපයීම පිළිබඳ විමර්ශනය කර වාර්තාවක් සැපයීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇත.

එම කමිටුවේ සභාපති ලෙස වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එම්.කේ.සම්පත් ඉන්දික කුමාර මහතා පත් කර ඇති අතර, සෙසු සාමාජිකයන් ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ (පාලන)  ඩබ්.යු.කේ.කෘෘස් මහත්මිය සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ විමර්ශන නිලධාරී ඕ.බී.ජේ ද සිල්වා මහතා පත් කර ඇත.

2025 මාර්තු 10 වන දින අනුරාධපුර ශික්ෂණ රෝහලේ දී සිදු වු සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා සිදු කර ඇති නිරීක්ෂණයන්ට අනුව එම රෝහලේ සැලකිය යුතු පරිපාලන ඌනතා පසුගිය වසර කිහිපයක් පුරා හඳුනා ගැනීමට ලැබී ඇති බවත්, එමෙන් ම රෝහල් කාර්ය මණ්ඩලයට ආරක්ෂාව සහ පහසුකම් සැපයීම, රෝහලෙහි ස්ථාවර හා ජංගම වත්කම් සම්බන්ධව නිසි කළමනාකරණයක් දක්නට නොමැති වීම ආදී හේතු නිසා මෙම තත්ත්වයන් උද්ගත වී ඇති බවට වාර්තා වන බැවින් මේ සම්බන්ධව විමර්ශනයක් කර වාර්තාවක් සැපයීම සඳහා ඉහත කමිටුව පත් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව අවශ්‍ය පරීක්ෂණ කටයුතු සිදු කර ඒ සම්බන්ධයෙන් වන සවිස්තර වාර්තාවක් කමිටුවේ නිරීක්ෂණ හා නිර්දේශයන් ද ඇතුළත් ව 2025 මාර්තු 24 දිනට පෙර අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලබාදීමට කටයුතු කරන ලෙස ද  විමර්ශන කමිටුවට දැනුම් දී ඇත.

 



අදහස් (3)

අපුර රෝහලේ ආරක්ෂාව ගැන බලන්න ත්‍රිපුද්ගල කමිටුවක්

ranjith Saturday, 15 March 2025 03:48 PM

මෙම රෝහල මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ නේද පාලනය වෙන්නේ...? එතකොට මෙම රෝහල ඔබලාගේ අධීක්ෂණයට මෙතෙක් ලක්වුණේ නැතිද? සිද්ධියක් වුණාට පස්සේද අඩුපාඩු දකින්නේ?

:       2       0

බද්රානි Saturday, 15 March 2025 04:10 PM

ඔබතුමා නිවැරැදියි.. දොස්තරලාගෙන් රෝහල බේරා ගැනීමේ තත්වයක් තමයි උදාවී තිබෙන්නේ... මතකයිනේ, මීට කාලෙකට කලින් කුරුණෑගල රෝහලේ පරිපාලක අධ්‍යක්ෂකලා නටපු නාඩගම..? GMOA මාෆියා කල්ලිය ප්‍රමුඛ සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් අනෙකුත් තක්කඩි සංගම් කල්ලි ගැන මීට වඩා දැඩි අවධානයක් යොමුකළ යුතුයි. ඔය කමිටු ගැන නම් අපිට විශ්වාසයක් නැහැ.

:       2       1

saman Saturday, 15 March 2025 04:43 PM

ඔය කමිටුවත් ඔහේ බලබල ඉඳියි.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

දියත

අපුර රෝහලේ ආරක්ෂාව ගැන බලන්න ත්‍රිපුද්ගල කමිටුවක්
2025 මාර්තු මස 15 569 3

අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය සඳහා නිසි ආරක්ෂාව සහ පහසුකම් සැපයීම පිළිබඳ විමර්ශනය කර වාර්තාවක් සැපයීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේක


ජීඑස්පී ප්ලස් කණ්ඩායම අප්‍රේල් දිවයිනට
2025 මාර්තු මස 15 533 0

පොදු වරණීය බදු පහසුකම නොහොත් ජීඑස්පී ප්ලස් සමාලෝචනය කිරීමට එහි කණ්ඩායමක් අප්‍රේල් මාසයේදී ලංකාවට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පා


මන්ත්‍රීවරු කෑමට පස්ස ගහලා
2025 මාර්තු මස 15 4472 6

දෛනික ආහාර මිල රුපියල් දෙදහසක් දක්වා වැඩි කිරීමෙන් පසු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ භෝජනාගාරයෙන් ආහාර ගැනීම යම් මට්ටමකට අඩු වී ඇතැයි වාර්තාවේ.


සේදවත්තේ දෙදෙනකු කපා කොටා ඝාතනය කරලා
2025 මාර්තු මස 15 1128 1

පුද්ගලයන් දෙපිරිසක් ඇතුව ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් පුද්ගලයන් දෙදෙනෙකු කපා කොටා ඝාතනය කර ඇති බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පවසයි.


බටලන්ද වාර්තාවෙන් චෝදනා ලැබූ කට්ටිය මෙන්න..
2025 මාර්තු මස 15 4264 1

බටලන්ද වධකාගාරය සම්බන්ධයෙන් දේශපාලනඥයන් පොලිස් ප්‍රධානීන් ඇතුළු පහළොස් දෙනෙකුට එරෙහිව එම වධකාගාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභ


මෝදි අප්‍රේල් මුල ලංකාවට
2025 මාර්තු මස 15 661 2

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අප්‍රේල් මුල ලංකාවට පැමිණ අලුත් අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් කරන බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 284 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 656 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 273 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site